පින්වත් ඔබ ලෝකයෙන් හුදකලා වෙන්න. එම හුදකලාව තුල සිටිමින් ලෝකය දකින්න.
මනුෂ්‍යයා තුළින් තෙරුවන් කෙරෙහි සද්ධාව සහ ශීලයේ උතුම් හරයන් ශක්තිමත් වෙනකොට මනුෂ්‍යයා තුල මනුෂ්‍යත්වයේ ඕජාව ලියලා වැඩෙනවා. මනුෂ්‍යත්වයේ ඕජාව කියන්නේ අලෝහ අද්වේශ අමෝහ ධර්මයනුයි. මේ ඕජාව මනුෂ්‍යයා තුළ වැඩෙනකොට තමා තුළින් පංචනීවරණ තුනීභාවයට පත්වී, තමාත් සාමකාමී වෙනවා සමාජයත් සාමකාමී වෙනවා. අධික තෘෂ්ණාව නිසාම මනුෂ්‍යයා මනුෂ්‍යත්වයේ ඉපදීමට අවශ්‍ය ඕජාව සැප සෙවීමට යන ගමනේදී හීනකරගන්නවා. දැන් මනුෂ්‍යයා…