“තෙරුවණ් සරණ මිස මට අන් සරණක් නැහැ” ය යන සිංහනාදය කරන්න..!

අපි මියයන වෙලාවේ සම්මා සතියෙන් තොර සමාධියකට සිත පිහිටියොත් භවයේ උපතක්‌ සකස්‌වෙනවා. පළවැනි, දෙවැනි, තුන්වැනි, හතරවැනි ධ්‍යානතලවල සිත පිහිටියොත් රූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. ඉන් ඔබ්බට අරූපය තුළ සිත පිහිටියොත් අරූපාවචර බ්‍රහ්මතලයක උපතක්‌ සකස්‌වෙනවා. එම නිසා උපත නිරෝධය කිරීමට පක්‍ෂව අවසාන චුති සිත සකස්‌ කර දෙන්නේ සම්මාදිට්ඨියෙන් පෝෂිත සිතක්‌මයි. ඉහත හේතූන් නිසා ආර්යඅෂ්ටාංගික මාර්ගයේ ඇති වැදගත්කම,…

Read More

“අද පසළොස්වක පොහොය දවස”

අද පසොළොස්වක පොහොය දවස. කුටිය අවට කැලෑ පරිසරය හරියට සමාධිමත් සිතක් වගෙයි, හරිම නිශ්චලයි. සුළඟට හොඳ විවේකයක් ලැබිලා. සුළඟ විවේක ගන්නකොට ශරීරයට දැනෙන රස්නය නම් ටිකක් වැඩියි. සතර මහා ධාතුවේ ආශ්වාදය සහ ආදීනවය අතර තිබෙන්නේ, බොහෝම පුංචි පරතරයක්. මේ පරතරය පුංචි කරන්නේ, සතර මහා ධාතුව අනිත්‍ය වන වේගවත්භාවය නිසාමයි. භික්ෂුව සාමාන්‍යයෙන් රාත්‍රියට ඔරලෝසුවේ වේලාව බලන්නේ…

Read More

බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව මගහැර යැමෙන් ප්‍රහානය කළ යුතු ආශ්‍රවයන් ගැන දේශනා කරනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ස්‌ත්‍රීන් ගැවසෙන තැන්, නපුංසකයන් ගැවසෙන තැන්, කාමච්ජන්දයන් වැඩෙන තැන් මගහැර යන්නය කියලා. නපුරු සතුන් මගහැර යන්නය කියලා. හෙළ, ප්‍රපාත, අසුචි වළවල්, මඩ ගොහොරු, කටුපඳුරු මගහැර යන්නය කියලා. පිංවත් ඔබ අකමැති කථා, අකමැති වචන, අකමැති හැසිරීම් ඇති තැන් මග හැර යන්නය කියලා. මේවා ධර්මානුකූලව දැකීමට ඔබ අදක්‍ෂ නම්, මේවා හේතුවෙන් ඔබ තුළ නැති…

Read More

නවම් පුර පසළොස්වක පොහොය දිනය.

සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් සිදුවුණා වූ උතුම් පූජනීය දිනයක් වශයෙන් නවම් පුණු පොහෝ දින හඳුන්වන්නට හැකිය. ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ හා මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ යන රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුයේ නවම් පුනු පොහෝ දිනකදීය. රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමිය මුල් කරගෙන බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝසන්නිපාතයත් සිදු…

Read More

ගොනා පසු පස නඟුල එන්නා සේ…

සත්ව හිංසාවට අදාළවයි මේ සටහන ලියන්නේ. වර්තමානයේ රැකියාවක්‌, ව්‍යාපාරයක්‌, මෝස්‌තරයක්‌ හැටියටත් සත්ව හිංසාව කරන විශාල පිරිසක්‌ සිටිනවා. බොහෝම ඉහළ ශ්‍රේණියේ සමහරක්‌ බල්ලන් ඇතිකරන මහත්වරුන් බැල්ලිය පැටව් ලැබුවට පස්‌සේ බලුපැටියට සතියක්‌ වෙනකොට පශු වෛද්‍ය මහතා ලඟට බලුපැටව් රැගෙනවිත් එම සතුන්ගේ වලිගය කපාදමනවා. එය කරන්නේ මෝස්‌තරයකට. කුකුළු ගොවිපොළවල්වල කුකුළු පැටව් කුඩා කාලයේදීම එම සතුන්ගේ හොට කෙටිවෙන්න කපා…

Read More

අතීත පාරමී ශක්‌තියෙන් උපන් බුදුගුණ.

ජය ශ්‍රී මහා බෝධි මූලයේදී, වසවර්ති මාරයාගේ අයෝමය අසද් බලය පරාජය කොට දමලා, තන්හා රතී රඟා මාර දූතියන්ගේ උන්මාදනීය, ප්‍රේමනීය, රාගනීය දර්ශනයන්, රංගනයන් පරාජය කොට දමලා, නපුරු වේශයන්ගෙන් පැමිණි මාර සේනාවන්ගේ අසද් බලය පරාජය කොට දමලා, පූර්වේ නිවාසානුස්‌සති ඥානය, චුතූපපාත ඥානය තුළින් සත්ත්වයා මැරෙන ඉපදෙන අතීත අනාගත භව ගමන උතුම් ඥාන දර්ශන තුළින් අත්දැකලා, සම්මා…

Read More

ප්‍රශ්නය : – ගරු ස්වාමීන් වහන්ස, චතුරාර්ය සත්‍ය අවබෝධය සඳහා පාරමී ධර්ම සම්පූර්ණ කර ගැනීමට අවශ්‍යද..?

පිළිතුර :- බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ ජීවිතයේ දී කාරණා තුනකින් ඔබ පරිපූර්ණ නම් චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් කියලයි. මොනවද ඒ කාරණා තුන….? ■ පළවෙනි කාරණය තමයි ශ්‍රද්ධාව. ■ දෙවන කාරණය තමයි වීර්යය. ■ තුන්වන කාරණය හිරිඔතප්. මේ කාරණා තුනෙන් මහත්තයා පරිපූර්ණ නම් මහත්තයාට මේ ජීවිතයේ දී ම චතුරාර්ය සත්‍යය දකින්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ…

Read More

බුදු ගුණ මෙනෙහි කිරිමේ අනුසස්

බුද්ධානුස්සති භාවනාව කරන්නා වූ තැනැත්තාගේ සන්තානය නිතර උපදනා බුදු ගුණ පිළිබඳ සිත් වලට වාසස්ථානයක් වීමෙන් චෛත්‍යයක් බඳු වේ.එයින් ඒ පුද්ගලයා මෙලොව වාසනාවන්ත පුද්ගලයෙක් වේ.එබැවින් බුද්ධානුස්සතිය වඩන පුද්ගලයා පැවිද්දෙක් නම් පැවිද්දෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද, ගිහියෙක් නම් ගිහියෙක් විසින් පැමිණිය හැකි දියුණුවට ද මෙලොවදීම පැමිණේ. මේ භාවනාව කිරීම බුදුන් වහන්සේ සමඟ විසීමක් වැනිය.එබැවින් ඔහුගේ සිත…

Read More

සූවිසි විවරණ

පළමු වැනි නියත විවරණය …දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් දීපංකර බුදුහිමි පාද මූලයෙහි වේද මන්ත්ර ධරන්නා වූ ත්රිවේදය සහිත නොයෙක් ශාස්ත්රයන්හි පාරප්රාප්තව සිට තවුස් පැවිද්දෙන් පැවිදිව අෂ්ට සමාපත්ති ,පඤ්ච අභිඥා ලාභී ,සුමේධ තවුස්ව සිට එම බුදුන් වඩින මගක මඩ සහිත බිමක් සකස් කරමින් සිටිය දී බුදුන් වැඩිය හෙයින් බුදුන් ප්රධාන මහා සඟ රුවනට වැඩමවීම පිණිස ඒ දණ්ඩක්…

Read More

බෝමලු ආදිය ඇමදීමේ විපාක…

විපස්සී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සදහා පිට දුන් පළොල් බෝධි මලුව,සකන්සමජ්ජක හිමි විසින් ඇමදීමෙන් මෙවන් අනුසස් ගනණාවක් ලැබුවාහ.👇🏻 ♦️නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙක් වේ. ♦️පිරිසිදු පුද්ගලයකු වේ. ♦️වැරදි වලින් තොර නිර්මල පුද්ගලයකු වේ. ♦️ශෝකය,දුක,සිත් වේදනා ඇති නොවේ. ♦️සිතේ,මනසේ චිත්ත පීඩා ඇති නොවේ. ♦️කුශ්ඨ රෝග,ගෙඩි රෝග,කැසීම් රෝග,මී මැස් මොරය,දද රෝග,කසා සැරව ගලන වැනි පිලිකුල් රෝග ආදි ශරීරයේ…

Read More