ස්වාභාවික විපත් සහ වසංගතවලට හේතුව අපේම අකුසල් කර්ම.
භික්ෂුව වැඩ සිටින කුටිය අසලටම වැසි වතුර ඇවිල්ලා. ලොකු කබරයෙක් වැසි ජලයේ පිහිනායන්නේ හරිම ආශ්වාදයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය කියන්නේ මාරයාය කියලා. වැසි වතුරේ ආශ්වාදයෙන් පිහිනා යන කබරයාට, වැසි වතුර සැප වේදනාවක් වුණාට, වැසි වතුරෙන් පීඩා විඳින පිංවත් ඔබට, එය දුක් වේදනාවක්මයි. එකම රූපය විවිධාකාර විඳීම් සත්වයාට සකස්කොට දෙන්වා. කලූපාට වැසි වලාකුළුවලින් බරවෙච්ච අහස්…