වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජිවිතය භුක්ති විඳින්න.
වේදනානුපස්සනාව – 02. මේ ජීවිතයේදී පිංවත් ඔබ ඔය ඇස්‌දෙකෙන් මුලින්ම දැක්‌කේ අම්මා කියන රූපයයි. ඒ අම්මා නිසා පිංවත් ඔබ මොනතරම් විඳීම් සකස්‌කර ගන්නට ඇතිද..? අම්මාගේ ආදරයට, අම්මාගේ කිරි සුවඳට, අම්මාගේ උණුසුමට, අම්මා කවන විට, පොවන විට, ඇඳුම් අන්දවන විට, අකුරු කියල දෙන විට, ගහන විට, බනින විට මොනතරම් නම් සැප දුක් වේදනාවන් ඇති කරගන්න ඇතිද..?…