කෝරව්‍ය රජුගේ පැනය සහ උතුම් සෝවාන් ඵලයේ අග්‍රභාවය.
රට්‌ඨපාල ස්‌වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් අතහැර පැවිදි වූයේ කුමන හේතුවක් නිසාද කියලා. එවිට රට්‌ඨපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘රජතුමනි, සත්ත්වයා නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ කරාම යනවා. කාටවත් වළක්‌වන්න බැහැ. රජතුමනි ඔබතුමා වයසට යන ස්‌වභාවය, රෝගී වන ස්‌වභාවය, මරණයට පත්වන ස්‌වභාවය කාටවත්ම වළක්‌වන්න…