විදර්ශනාවෙන් මතුවන පුණ්‍ය ශක්තිය.

පිංවත ලබන්නා වූ පුණ්‍යවන්ත 2024 නව වසර ගැන භික්ෂුව මුකුත්ම සටහන් තබන්න යන්නේ නැහැ. අපේම අකුසල් සංස්කාරයෝ නව වසර ගැන සටහන් තබන්න, කිසිම යහපත් ධර්මයක් ඉතිරි කරලත් නැහැ. සියළු යහපත් ධර්මයෝ මලානික වූ සමාජයක, දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ උත්සවත්ශ්‍රියෙන් පිපිරී යන රතිඤ්ඤා හඬ සහ නගරයේ සංවිධානය වෙන්නා වූ තරු පන්තියේ කාමච්ඡන්දයන්ගේ ආශ්වාදයන් සිහිපත් වෙත්දි, අපේ…

Read More

සිව්පසය ලබාදී ජිවිතය ස්වභාව ධර්මයට සමීපකොට ගන්න.

පිංවත අපි හැමෝටම සාංසාරික පුරුදු තිබෙනවා. මේ සාංසාරික පුරුදු කලඑළි බහින්නේ සංස්කාර පච්චයා විඤ්ඤාණ කියන ධර්මතාවය තුළින්. යම් පිංවත් දරුවෙක් ළමා වයසේදිම අසාමාන්‍ය ලෙස කේන්ති ගන්නවා නම්, එම දරුවා පෙර පටිච්චසමුප්පන්න ජීවිතයේදි කේන්තිය හොඳින් පුහුණුකළ කෙනෙක් වෙන්න පුළුවන්. ඔබේ දරුවා තුළ අසාමාන්‍ය ලෙස රාග සිත් ඇතිවෙනවා නම්, එම දරුවා පෙර ජීවිතයේදි කාමයේ වරදවා හැසිරීම තදින්…

Read More

කොතරම් පින්කම් සිදු කළත් බිඳ වැටෙන බලාපොරොත්තු.

පිංවත ධර්මය සඟවන්න බැහැ. ධර්මය විවෘතව බබලනවා. අවිද්‍යාව හේතුවෙන් කාම, රූපී, අරූපී භවාත්‍රයේ යම් සත්වයෙක් ජීවත් වෙනවා නම්, එම සෑම සත්වයෙක්ම ධර්මානුකූල ඵලයක්. අවිද්‍යා පච්චයා සංඛාරා කියන ධර්මතාවයෙන් උපන් ධර්මයක්. පිංවත ධර්මය තුළමයි ධර්මයේ නිරෝධයත් තිබෙන්නේ. අවිද්‍යා නිරෝධා සංස්කාර නිරෝධෝ. ගැඹුරු දහමක නොගැඹුරු අරුත, ධර්මයේ ස්වාක්ඛාත ගුණයට නෑදෑකම් කියත්දි, තවමත් අපි ධර්මාවබෝධය උදෙසා කටු සටහන්…

Read More

අසීමිත තෘෂ්ණාවෙන් තබන පියවර.

පිංවත පංච උපාදානස්කන්ධ ලෝකයේ මුල අවිද්‍යාව වුණත්, එම අවිද්‍යා මුල පෝෂණය කරන්නේ තෘෂ්ණාව විසින්මයි. පිංවත තෘෂ්ණාවේ සශ්‍රීකම පෝෂක ධර්මයන් වෙන්නේ, අපි විසින්ම ඇතිකොට ගන්නා ඇලීම් සහ ගැටීම්මයි. පිංවත අවිද්‍යාවත්, තෘෂ්ණාවත් වෙන් වෙන් වශයෙන් ගන්න බැහැ. මේ දෙක සන්ධානගත වෙලයි තිබෙන්නේ. පිංවත තෘෂ්ණාවේ ඕජාව දුර්වල වෙනකොට අවිද්‍යාවේ මුල දිරා යනවා. තෘෂ්ණාව නැති තැන අවිද්‍යාවට පවතින්න බැහැ….

Read More

ගිහි කළ ගණිකාවක්ව සිටි විමලා මහරහත් තෙරණීන් වහන්සේ.

අප තිලෝගුරු බුදුපියාණන් වහන්සේ ජීවමානව වැඩ සිටින කාලයේ, විසාලා මහ නුවර එක් ගණිකාවකට දුවක් සිටියා ය. එම දුවගේ නම “විමලා” යි. ඇය තරුණ වයසට පැමිණි පසු අම්මා මෙන්ම ගණිකාවක් විය. විවිධ පිරිමින් පොළඹවා ගෙන සංසර්ගයේ හැසිරෙන ඇය, එයින් ලැබෙන මුදලින් ජීවත් විය. එක් දිනක් මුගලන් මහ රහතන් වහන්සේ ඇය ජීවත් වන වීථියේ පිණ්ඩපාතයේ වැඩම කළහ….

Read More

ධනයෙන්, බලයෙන්, අවියෙන් අවිද්‍යාව තව තවත් බලවත් වෙනවා.

පිංවත ලෝකයේ මහා බලවතා වෙන්නේ ඇමෙරිකාව හෝ වෙනත් රාජ්‍යයක් නොවේ. ලෝකයේ මහ බලවතා වෙන්නේ අවිද්‍යාවයි. පංච නීවරණයන්ගේ ධනයෙන් බලවත්වෙන අවිද්‍යාව පෙර පිනට අදාළව සංස්කාර හේතුවෙන්ම සකස්කොට ගන්නා ඇලීම් සහ ගැටීම් මුල්කොටගෙන ධනයෙන්, බලයෙන්, අවියෙන් අවිද්‍යාව තව තවත් බලවත් වෙනවා. පිංවත ලෝකයේ බලවත් යැයි සම්මත රාජ්‍යයන්ගෙන් උපදෙස් හා ගුරුහරුකම් ගන්නවා යැයි කියන්නේ, අවිද්‍යාවෙන් උපදෙස් ගන්නවාය කියන…

Read More

ජීවිතය හරි මඟට.

පිංවත ලස්සන රෝස මලක් පිපී තිබෙන රෝස මල් ගසක් දැක, පිංවත් ඔබට සිතෙන්නේ නැති ද අනේ මටත් මේ වගේ නිදහසේ පිපී විකසිත වෙන රෝස මලක් වෙන්න ඇත්නම් කියලා. හැමෝම දැක සතුටුවෙන රෝස මලක් වෙන්න ඇත්නම් කියලා. පිංවත ඔබටත්, මටත් කවදාකවත් රෝස මලක් වෙලා පිපෙන්නට බැහැ. රෝස මලක් කියන්නේ බීජ නියාමයන්ගෙන් උපන් හුදු සතර මහා ධාතුවක්…

Read More

මනෝ සංස්කාරයෝ අයිති අනිත්‍ය වූ ධම්මානුපස්සනාවටයි.

පින්වත සුන්දර වස්සානය අවසන් කරලා උදාවුණ චීවර මාසය ගෙවී යන්න තවත් සතියක කාලයයි ඉතිරි වෙලා තිබෙන්නේ. වසරේ පිනෙන් පිරුණ මාසයයි චීවර මාසය යැයි කියන්නේ. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවෙන්, ගරුත්වයෙන්, කර්මය කර්මඵල විශ්වාසයෙන්, ප්‍රණීතභාවයෙන්, සියතින් සකසා මහා සංඝ රත්නය උදෙසා පූජා කොටගන්නා කඨින චීවරයක් තුළින් චේතනාන්විතව ඔබ අයිතිකොට ගන්නා, පවේ අභියෝගයන් හමුවේ නොකැඩෙන පින, පින් කැමති සියළු…

Read More

සතිපට්ඨානය හඳුනා ගන්න.

සතිපට්ඨානය කියලා කියන්නේ මේ ලෝකයේ කිසි ම තැනකට, කිසි ම කෙනකුට අයිති නැති, එහි වාසය කරන කෙනා ලෝකයෙන් අයින් කරලා නිවන පිණිස ම අරගෙන යන තව එක පොළොවක්. කාම භූමිය ඇහැ, කන, නාසය, දිව, ශරීරය, මනස කියන ආධ්‍යාත්මික ආයතන හයයි, රූප, ශබ්ද ගන්ධ, රස, ඵොට‍්ඨබ‍්බ, ධම්ම කියන බාහිර ආයතන හයයි කියන දොළොස් ආයතන තුළ හැසිරෙනකමට…

Read More

ලෝකය සංස්කාරයන්ගේ විවිධත්වයයි.

පින්වත ඉපදීම නිසයි දුක සකස් වෙන්නේ. අපි අතීතයේ ඉපදීම නිරෝධය කළා නම් අපි ලෝකයෙන් නිවී ගිහිල්ලා. ඉපදීම නිසාම ජරා, ව්‍යාධි, මරණ දුක තිබෙනවා. අපේ දුකට අපි අනුනට බැණලා වැඩක් නැහැ. තමන්ගේ දුකට අනුනට තොරතෝංචියක් නැතුව බණින මනුෂ්‍යයෝ මොනතරම් නම් සිටිනවා ද? පින්වත අවිද්‍යාවෙන් උපදින සංස්කාර ලෝකය දුක සහ සැප යන දෙකටම අයිතියි. සමාජය දක්ෂ වියයුතුයි…

Read More