දානය සීලය මෛත්‍රිය වඩන කෙනා ඒ තුළින් ආරක්ෂාව ලබන්නේ කොහොම ද?
දැන් අපි බලමු දන්දීම, ශීලය, මෛත්‍රිය වඩන කෙනා ඒ තුළින් ආරක්ෂාව ලබන්නේ කොහොමද කියලා. ඔබ එය මේ විදිහට ගලපාගන්න අවශ්‍යයි. ඔබ දන්දෙනවා නම්, ශීලයක් ආරක්‍ෂා කරගන්නවා නම්, මෛත්‍රිය වඩනවා නම් නිරතුරුවම ඔබ කරන මේ පිංකම් දෙස සම්‍යදෘෂ්ඨික දෙවියන්, සම්‍යදෘෂ්ඨික යක්‍ෂයන් බලාගෙන සිටිනවා. ඒ අය ඔබ කරන පිංකම් දැකලා සතුටුවෙනවා. එම පිං අනුමෝදන් වෙනවා. දිනපතා නැවත…