නව අරහාදී බුදුගුණ – බුද්ධො බුදු ගුණය

“බුද්ධො” යන පදයේ මුලින්ම දත යුතු දෑ නොවිමසා බුද්ධත්වය තුළ ඇති දෑ සෙවීමටත්, සම්බුද්ධත්වය තුළ ඇති දැ සෙවීමටත්, මේ දෙකේ විවිධත්වය සෙවීමටත් යුහුසුළු වෙති. ඒ නොමැනවි. අපි මුලින්ම සිතෙහි සන්සුන් බව ඇති කරගෙන “බුද්ධො” යන මුල් පදය දැන ගනිමු. “බුද්ධො” යන පදය සෑදෙන්නේ “ බුධ” ධාතුව මුල්වීමෙනි. පාළි භාෂාවේ “බුධ” ධාතු දෙකක් තිබේ. එකක් දිවාදි…

Read More

ධර්මයේ සැබෑ අර්ථය අවබෝධ කරගන්න ප්‍රමාද වන්නේ, ප්‍රමාදය නැමැති වරද නිසා…

වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා අනුන්ගේ, නැතිනම් ලෝකයේ දුර්වලතාවයන් දැකලා ඒවාට ගැටිල තමාගේ ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල කරගන්නවා. ඔබ සෑම මොහොතකම ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුනගේ දුර්වලතාවයන්ම මට දකින්ට ලැබේවා. අනුනගේ විවේචනයන්ම මට ලැබේවා කියලා. කුමක්‌ නිසාද? ලෝකය අවබෝධ කරගැනීම උදෙසා, ඒවාට ඔරොත්තු දෙන ස්‌වභාවයට පත්වෙලා චිත්තානුපස්‌සනාව ශක්‌තිමත් කරගැනීම උදෙසා. අංගුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක්‌ සිදුකරල පණ අදිමින්,…

Read More

ධර්මදේශනයෙන් ලැබෙන කුශලයාගේ මහත් බව.

තෙරුවන් සරණයි !!! පොළොවේ පටන් බ්‍ර‍හ්ම ලෝකය දක්වා සක්වල පුරා වැඩ සිටින පසේ බුදු මහරහතන් වහන්සේලාට කෙසෙල් ගොබ සේ මට සිලුටු වස්ත්‍ර‍ පිදීමට ද වඩා, එබඳු ප්‍ර‍තිග්‍රාහක පිරිසකට ප්‍ර‍ණීත ආහාර පාත්‍ර‍ පුරවා දෙන දානයකට ද වඩා, එබඳු පිරිසකට තෙල් ගිතෙල් ආදියෙන් පාත්‍ර‍ පුරවා දෙන ගිලන්පස දානයකට ද වඩා, මහා විහාරය වැනි විහාර දහස් ගණනක් කරවීමට…

Read More

ධර්මතාව සැබැවින් දුටු තැන, ඔබ වටිනාකම හිස්කරනු ඇත.

පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්‌, උසස්‌ අධ්‍යාපනයක්‌, උසස්‌ වෘත්තියක්‌, ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. භවයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌, බ්‍රහ්මයෙක්‌, පසුව සතර අපායේ සත්වයෙක්‌ ලෙස ඉපදුණේ අතීත සංස්‌කාරයන්ට අදාළව උපාදාන පච්චයා භවය කියන ධර්මතාවන්ට අනුවයි. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයයි. සංස්‌කාර නිරෝධය නොකළ සෑම සත්වයෙක්‌ම මරණයෙන් පසුව නැවත ඉපදීම ධර්මතාවයක්‌. නමුත්…

Read More

ධම්මානුපස්සනාවේ ප්‍රවේශය.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධම්මානුපස්‌සනාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්නට කියල. සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්‌සනාවට අදාළව කායනුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්‌සනාවක්‌ හැටියටයි. ධම්මානුපස්‌සනාව ගැන සිහිවෙනකොට භික්‍ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින්…

Read More

ධම්මදින්නා තෙරණියගේ කතා වස්තුව.

’’මින් (පෙර) සියක් දහස්වන කපෙහි ලෝක නායකවූ, සියළු ධර්‍මයන්හි පරතෙරෙට ගිය පදුමුත්තර නම් බුදුරජතෙම ලොව පහළවිය. ’’එකල්හි මම හංසවතී නගරයෙහි එක්තරා කුලයක පැණවත්වූ, සිල්වත්වූ අනුන්ගේ කටයුතු කරන්නියක් වීමි. ’’පදුමුත්තර බුදුරජුන්ගේ සුජාත නම් අගසව් තෙමේ විහාරයෙන් නික්ම පිඬු පිණිස යයි. ’’එකල්හි දිය අදින්නියක්වූ (මම) කළයක් ගෙන යන්නී, උන්වහන්සේ දැක පහන්වූවා, සියතින් කැවුමක් දුනිමි. ’’ඒ තෙමේ එහිම…

Read More

දෙවියන්ද වඳින පින් බිමයි මේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුගතිය වශයෙන් හඳුන්වන ලද සශ්‍රීක දිව්‍යතල වල දෙවියන් පවා මේ බෞද්ධ රටේ උතුම් පිංවතුන්ලා වෙනුවෙන් ආශිර්වාද කරනවා. ලක්‌ මාතාවට යහපතක්‌ වේවා, සුරක්‍ෂිත වේවා කියලා. පිංවත් ඔබ හොඳින් දැනගන්න ඕනේ සුගති භූමිවල වැඩසිටින මාර්ගඵල ලාභී නොවන සශ්‍රීක දෙවිවවරුන්, දිව්‍යාංගනාවන් කියන්නේ කවුද කියලා. පායාසී කියන සූත්‍රයේදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා සශ්‍රීක දිව්‍යතල…

Read More

දෙලොව වැඩ පිණිස පවත්නා කරුණු.

“ව්‍යාඝ්‍ර‍පද්‍ය” නම් වූ කෝලිය රාජ පුත්‍ර‍යා මෙලොව පරලොව දෙකට යහපත පිණිස පවත්නා කරුණු බුදුන් වහන්සේගෙන් විචාළේය. එකල්හි භාග්‍යවතුන් වහන්සේ උට්ඨානසම්පදාය, ආරක්ඛසම්පදාය, කල්‍යාණමිත්තතාය, සමජීවිකතාය යි මෙලොව යහපත පිණිස පවත්නා කරුණු සතරක් ඇති බව වදාළ සේක. උට්ඨාන සම්පදා යනු ගොවිකමින් හෝ වෙළඳාමෙන් හෝ ශිල්පයකින් හෝ ශාස්ත්‍ර‍යකින් හෝ රාජකාර්යයකින් හෝ ජීවත්වන තැනැත්තාගේ තමා කරන ඒ කටයුත්ත නුවණින් යුක්ත…

Read More

දෙමාපිය සත්කාරයේ ගුණය පවා නොදෙන්න.

අම්මලා තාත්තලා දරුවන් ගැන” වත්පොහොසත්කම් ගැන” ව්‍යාපාර” රැකියා” දේපළ ගැන සිත සිතා මනෝසංචේතනා ආහාරයන්ගෙන් මනස පුරවා ගන්නවා. ජීවිතය තෘප්තිමත්කොට ගන්නවා. කබලීක ආහාරවල කාය සංස්කාර ශක්තියෙන්” ඵස්ස ආහාර සකස්කොට ගන්නවා. ඵස්ස ආහාරයෙන් මනෝසංචේතනා ආහාර සකස්කොට ගන්නවා. මනෝසංචේතනා ආහාර තුළින් විඤ්ඤාණ ආහාරයත් සකස්කොට ගන්නවා.පුතාව දැකලා” පුතා ගැන සිතලා” පුතා ගැන විශේෂ දැනීම් ඇතිකොට ගන්නවා. පුතා උසස් පෙළට…

Read More

දෙතිස් කුණුප භාවනාව.

සිරුරෙහි තිබෙන කොටස් තිස් දෙක කායගතාසති භාවනාවට ඇතුළත් වේ. එය දෙතිස් කුණුප භාවනාව යි. අසුභ වශයෙන් සැලකීම අසුභ භාවනාව යි. කය අනුව බැලීම කායානුපස්සනා සතිපට්ඨානය යි. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨී, අට්ඨි මිජ්ජා, වක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්ත ගුණං, උදරියං, කරීසං, මත්තලුංගං, පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු…

Read More