ජීවිතය අවබෝධ කරගන්න හොඳම කාලයයි.

අද උදෑසන භික්ෂුව පිණ්ඩපාතයේ වඩිනකොට, භික්ෂුවට ඇසෙනවා ගෙදරක අම්මා කෙනෙක් තම දරුවෙකුට බනිනවා, පණ්ඩිතකම් කතා නොකර කටවහගන්නය කියලා. දැන් කාලේ හැදෙන සමහරක් පිංවන්ත පුංචි දරුවන්, රූපවාහිනිය එහෙම බලලා, දෙමවුපියන්ටත් පණ්ඩිත කතා කියනවා කියලා, දෙමවුපියන් භික්ෂුවටත් කියලා තිබෙනවා. පාසල් වයසේ කුඩා දරුවෙක්, තම අම්මාට කියනවාලූ, අම්මේ, තාත්තා ගමනක් යද්දී, තාත්තාගෙන් අහන්න කොහෙද යන්නෙ, මොකටද යන්නේ, කීයටද…

Read More

ජිවිතය කියන්නෙ මිරිඟුවක්මයී.

දැන් වෙලාව සවස පහට පමණ ඇති. සුළඟ නැවතිලා පරිසරයම හරිම නිහඬයි. එ්ත් කුටිය ඇතුලේ නම් හරිම රස්නෙයි. අද රාත‍්‍රියේ වහින්න වගෙයි. සතර මහා ධාතුව හරියට විහිළුවක් වගේ, වරින් වර වෙනස් වී යන්නේ, මනුෂ්‍ය ජීවිතවලට, ඇලීම් සහ ගැටීම් ඇති තරම් ලබාදීලා. සතර මහා ධාතුවේ අනිත්‍ය වන ස්වභාවය හඳුනානොගත් පිංවතා, සංස්කාරයන්ගේ සිරකාරිත්වයට පත්වෙන්නේ, මුකුත්ම නොදන්නා කිරි දරුවෙක්…

Read More

චෛත්‍ය තැනීමට දායකත්වය ලබාදීමේ ආනිසංස.

මේ කාලසීමාවේදී ලංකාදීපයේ ස්ථාන කිහිපයකම ලොව්තුරා අංගීරස වූ සම්මා සම්බුදු රජානන් වහන්සේ උදෙසා මහා ස්ථූපයන් ගොඩනැංවෙමින් පවතිනවා. අප මේ ස්ථූප තැනීමේදී දායකත්වය ලබාදෙන විට අපගේ සිතේ, මා මේ තථාගතයන් වහන්සේ ගේ ධාතූන් වහන්සේලා උදෙසායි මේ පින්කම කරන්නේ. එහෙමත් නැත්නම් ඒ ශ්‍රාවක උතුමන් වහන්සේ උදෙසායැයි මේ ස්ථූපයට උදව් උපකාර කරන්නේ කියන අදහසින් කරනවා නම් ඒ තුළින්…

Read More

චූලපන්ථක මහරහතන් වහන්සේ ගැන … (චූලසෙට්ඨි ජාතකය)

තෙරුවන් සරනයි !!! චූලපන්ථක මහරහතන් වහන්සේ ගැන ඔබ කලින් අසා ඇති. එක් ගාථාවක් පාඩම් කරගන්න බැරිව ගොඩාක් අපහසුතාවන්ට පත්වුනේ උන්වහන්සේ තමා. අපේ භාග්‍යවතුන් වහන්සේ ඒ චූලපන්ථකයන්ට පිහිට වුනා. ඒ නිසා අගතනතුරු ලාභී මහා රහතන් වහන්සේ නමක් වුනා. උන්වහන්සේ ගේ ජීවිතය ගැන කියැවෙන ලස්සන කථාවයි අපි දැන් ඉගෙන ගන්නේ. රජගහ නුවර ධනවත් සිටුපවුලක ලස්සන සිටු දුවක්…

Read More

චුතූපපාත ඥානයෙන් දුටු වසර 50කට පෙර වැඩසිටි ගෞරවනීය ස්‌වාමීන් වහන්සේකගේ පිරිනිවන් පෑම…

හතර වැනි ධ්‍යාන ඵලය ඔස්‌සේ ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්‍ෂාව කියන තැනට සිත පත්කර ගත් භික්‍ෂුව ආකාශය, ආකාශය වශයෙන් ආකාශය අරමුණු කරනවා. වලා රොදක්‌, වලාකුළක්‌ අරමුණු කොට, ආකාශය තුළම සිත පිහිටා ආකාශය මෙනෙහි කරනවා. ආකාශය කෙරෙහි උපාදානය ඇතිකර ගන්නවා. මෙතෙක්‌ ජීවිතයේ නොලත් අත්දැකීමක්‌ පසුපසයි භික්‍ෂුව හඹා යන්නේ. අරමුණ ඔස්‌සේ වීර්ය බොහෝම ජව සම්පන්නයි. නොපෙනෙන ලෝකය…

Read More

චීවර මාසය පුරාවටම සිදුකර ගන්නා සෑම පින්කමක්ම ආර්‍ය අෂ්ටාංගික මාර්ගය වැඩෙන ආකාරයෙන් සිදු කරගන්න.

වස් තුන් මාසය තුළ මහා සංඝරත්නය උතුම් සංඝරත්නයේ ගුණයන් තුළ වැඩසිටිමින් උතුම් ඥානසම්පන්න ගුණය උදෙසා වීර්යය වඩන විට, පින්වත් ගිහි පින්වතුන්ලාට මහා සංඝරත්නය කියන අර්ථය උතුම් පින් කෙතක්ම වෙනවා. කඨින චීවර පූජාව අටමහා කුසලයක් බවට බුදුරජාණන් වහන්සේ පනවන්නේ, මේ උතුම් ඥායපටිපන්න ගුණයෙන් ශක්තිමත් වූ පින් කෙතේ සශ‍්‍රීක අස්වැන්නේ ශක්තිය දැකලාමයි. පින්වත් ගිහි පින්වතුන්ලා මේ උතුම්…

Read More

ගෞරවණීය ස්වාමීන් වහන්ස, අත්හැරීම කියලා කියන්නේ කුමක් ද ?

මෙහෙමයි පුතේ, අත්හැරීම කියන කාරණය වරදවා පටලවා ගන්න නම් එපා. මේ අත්හරින්න කියලා කියන්නේ, මේ ගෙදර අත් හරින්නවත්, බිරිඳ අත් හරින්නවත්, දරුවා අත් හරින්නවත්, රැුකියාව අත් හරින්නවත්, ව්‍යාපාරය අත් හරින්නවත් නෙවෙයි. තේරුණාද? අත් හරින්න කියන්නේ, මේවා කෙරෙහි තියෙන තෘෂ්ණාවයි අත් හැරෙන්න ඕන. දැන් සමහරෙකුට මම කියනවා, දැනුම අත හරින්න කියලා. දැනුම අත හරිනවා කියන්නේ මේ…

Read More

ගිහි ජිවිතයේ සිටියදී නිවන් මඟේ යා හැකි ද?

ප්‍රශ්නය : – ස්වාමීන් වහන්ස, i. සාමාන්‍ය බෞද්ධයෙකුට තම එදිනෙදා කටයුතුවල යෙදෙන අතරම නිවනම අරමුණු කරගත් මාර්ගයක ගමන් කළ හැකිද..? ii. ගිහි ජීවිතයේ හිඳිමින් ශීලය ආර්ය ශීලයක් කරගන්නේ කෙසේද…? iii. සමාධිය ආර්ය සමාධියක් කරගන්නේ කෙසේද..? පිළිතුර :- දැන් මෙතැනදී ඕනෑම ගිහි පින්වතෙකුට කාන්තා වේවා, පිරිමි වේවා, මේ ජීවිතය තුළ දී සෝවාන්, සකෘදාගාමී, අනාගාමී යන ඵලයන්ට…

Read More

කොරෝනා බියෙන් සිත නිදහස් කරගන්න.

චතුරාර්ය සත්‍යය ධර්මයන්ගේ මුල්ම ආර්ය සත්‍යය වන ජාති, ජරා, ව්‍යාධි, මරණ, දුක ආයෙමත් දෝරේගලා යන්නටම ජීවිතගතවෙලා තිබෙනවා. පිංවත් හැමෝම සොයන්නේ ආරක්ෂාව, ජීවත්වෙන්න, සැප විඳින්න, සුගතියට යන්න, දුක ඉදිරියේ අපි ආයෙමත් දුකටම හේතුවන, රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ, ධර්මයන්ගේ ආස්වාදයම සොයනවා. තෘෂ්ණාවේ පියා වන අවිද්‍යාවම ශක්තිමත් කරනවා. අපි අවිද්‍යාව නැමති ගොවි බිමේ, රසායනික පොහොර යොදලා වගාවන්…

Read More

කුළියට ගත් එළිය කුමට ද?

අපි කතාවට කියනවා, මනූෂ්‍යයා ආලෝකයට කැමතියි එහෙත් අඳුරට අකමැතියි කියලා. නමුත් ඒක එහෙම වෙන්න බැහැ. ආලෝකයට කැමති මනුෂ්‍යයාට නිඳි ඇඳට, නිදි පැදුරට ගියහම තම කැමැත්තෙන්ම විදුලි පහන් නිවාදමා අඳුර මගේ කරගන්නවා. අඳුරට කැමති වෙනවා. ආලෝකයට අනිත්‍යභාවයට පත්වී, අඳුර ඇතිවෙනවා වගේම මිනිසා මේ ස්‌වභාවයන් දෙකටම ඇලෙන්නේ තම සිතුවිලිද අනිත්‍යභාවයට පත්වන නිසා. ආලෝකයට කැමතිවූ සිත අනිත්‍යභාවයට පත්වී,…

Read More