සත් වන වියේ දී සෝවාන් ඵලයට පත් විශාඛා මහා උපාසිකාව.
බෞද්ධ ශාසනයේ ප්රධානතම දායිකාව ලෙස විශාඛා මහා උපාසිකාව හැඳින්විය හැකිය. අප වත්මන් කාන්තාවන්ට ඇය ආදර්ශයකි, ආභරණයකි. බුදුන් වහන්සේට ඉමහත් ගෞරව උපහාර දැක්වූ ඇය, අප තථාගත බුදුපියාණන් වහන්සේ ගේ දුක සැප නිතර සොයා බැලුවාය. විශාඛා මහා උපාසිකාවගේ චරිතාපදානය පිළිබඳ මනා අවබෝධයක් ලබාගැනීමෙන් අපට සිදුවන යහපත ඉමහත්ය. ධනංජය සහ සුමනාදේවියගේ දියණිය ‘විශාඛා’ නම් වූවාය. ඇයගේ සීයාගේ තම…