අවබෝධ නොවී පැවති දහම් කරුණු අවබෝධ වන්නට වෙයි.
රාග, ද්වේශ, මෝහාදී ක්ලේශ ධර්ම තුනී වී ටිකෙන් ටික පහව යයි.
සෝවන්, සකෘදාගාමි, අනාගාමී, අරහත් ඵලයන්ට පමුණුවයි.
සියළු ක්ලේශ සන්සිදී විද්‍යාව පහළ වී යථා භූත දර්ශනය පහළ වෙයි.
දිව්‍ය මනුෂ්‍ය සුගති ලෝක සැප ලැබීමට හේතු වේ.
සතර අපායට පත් නොවේ.
නිතර සෝමනස්ස සහගත සිතකින් යුතුව දිවි ගෙවීම.
සත්‍ය ගරු කරන පුද්ගලයෙකු බවට පත් වීම.
නිහතමානීව ගති පැවතුම් ඇතිවීම.
ලෝකයාට ප්‍රියමනාප වීම.
බොහෝ කොට සිව්පස ප්‍රත්‍ය ලැබීම.
දෙවියන්ගේ දැහැමි රැකවරණය ලබීම.
අන් අයගෙ කරුණා මෛත්‍රීයට භාජනය වීම.
තම අදහස්, යෝජනා අන් අය එකහෙලා පිළිගැනීම.
භූත, ප්රේත, පිසාච අදී විපත් ලං නොවීම.
පාපයට ලැජ්ජා, භය වීම.
අධි කුසලයට සිත නැඹුරු වීම.
අපල, උපද්‍රව දුරුවී කුසල විපාක මතුවීම.
ගුණ, නුවණින් පරිපුර්ණ වීම.
පිටසක්වල නූපදීම.
අන්ධ, ගොළු, බිහිරි ආදී නොවීම.
උන්මත්තකයෙකු නොවීම.
මිසිදිටු නොගැන්වීම.
මරණයට නොබියව මුහුණදීම.
මුහුණෙ වර්ණය පැහැපත් වීම.
වස, විස, ගිනි, අවි, ආයුද වලින් වන විපත් වැලැක්වීම.
බුදුබව පවා පැතීමට සිත නැඹුරු වීම.
තම හදවත බුදුමැදුරක් මෙන් පිහිටීම.
යම් උපන් ක්ලේශයක් නිසා බුදුවරයෙක් මුණගැසීම.
එසේ සිදුනොවුනේනම් ඔවුන් වෙත බුදුවරු වැඩම කරවීම.
තම සිතුම් පැතුම් එලෙසෙම ඉටු වීම.
ධාරණ ශක්තිය හා අවබෝධ කරගැනීමේ හැකියාව ලැබීම.
සෑම කෙනෙකු තමාවෙත නැමීගත් පැවතුම් ඇතිවීම.
සම්මා දිට්ඨියෙහි පිහිටීම.
යම් මූල කර්මස්ථානයකට සිත යෙදු වහාම සිත සමාධිගත වෙයි.
ඇස්වහ, කටවහ, කොඩිවින, බන්ධන, හෝවහ විපත් සිදුනොවීම.
ප්‍රභූවරුන්ගේ ගෞරවයට සැලකිල්ලට භාජනය වීම.
මේ ජීවිතයේ මග පල නොලැබුනේ නම් එකාන්තයෙන්ම සුගති පරායන වීම.
සුවසේ සැතපීම හා අවදිවීම සිදුවීම.
නපුරු සිහින නොපෙනීම.
භව තැතිගැනීම් හෝ ලොමුඩැහැගැනීම සිදු නොවේ.
සාදු…සාදු…සාදු…!!!
උපුටා ගැනිම : Sri Lanka Buddhist
උතුම් වු ධර්ම දානය පිණිසයි…🌷