පිංගිය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල පුත්‍රෙයකුව ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ලබා සසර දුකින් එතෙර වෙමි“යි ප්‍රාර්ථනා කළහ.
ඉක්බිති ඒ කුලපුත්‍ර තෙම නොයෙක් පින්කම් කොට එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විදිමින් සිට අපගේ ගෞතම බුදුන් වහන්සේගේ කාලයෙහි සැවැත් නුවර බමුණු කුලයක උපන්නේය.
හෙතෙම බොහෝ කලක් ගිහිගෙයි වැස ජරා ජීර්ණ වූ මහළු කාලයේ බාවාරි තාපස තුමාගේ ශ්‍රාවයෙකුව තපස්දම් පුරමින් සිටින අවස්ථාවක බාවාරිගේ අනු දැනුම ඇතිව අප බුදුරජාණන් වහන්සේ හමු වීමට පැමිණියේය. එසේ පැමිණි පිංගිය තවුසා බුදුරජාණන් වහන්සේට මෙබද්දක් පැවසීය.
“ ස්විමීනි, මම දුර්වල, දුර්වර්ණ වයස්ගත, ඇස් පෙනීම අඩු, කන් ඇසීම දුර්වල අයෙක්මි. ජාති ජරාදිය නැති කළ හැකි යම් ධර්මයක් ඇත්නම් මට එය දේශනා කරනු මැනවි “
බුදුරජාණන් වහන්සේ පිංගිය තවුසාට මෙසේ වදාළ සේක.
“ පිංගිය, තෘෂ්ණාවේ ගැලුනාවු සත්ත්වයන් හටගත් සිත් තැවුල් ඇතියවුන් ජරායෙන් මඩනා ලද්දවුන් සේ දක්නවුද, එහෙයින් පිංගියෙනි, තෙපි අප්‍රමාදව පුනර්භවය නොවනු පිණිස දුරු කරව “
මෙම දේශනාව අවසානයේදි පිංගිය තවුසා හැර අනිත් දහසක් තවුසෝ රහත් වූහ. තමාගේ ගුරුවරයා වූ බාවාරි තාපසතුමා ගැන සිතමින් “ මාගේ ගුරුතුමාට මේ උතුම් ධර්මය අවබෝධ වන්නේ කෙසේදැ යි“ සිතමින් හුන් පිංගිය තවුසා අනාගාමි ඵලයට පත් විය. පසු අවස්ථාවක බුදුරජාණන් වහන්සේ විසින් බාවාරි තාපස තුමාට දෙසූ ධර්මය අසා පිංගිය තවුසා ඇතුලු එහි භික්ෂු භාවයෙන් පැවිදි උපසම්පදා කළහ. පිංගිය තෙරුන් වහන්සේ අසූ මහා ශ්‍රාවකයන් වහන්සේලාගෙන් එක් අයෙක්ද වූ සේක.
තෙරුවන් සරණයි !!!