දීර්ඝායුෂ ලබන්න අපි හැමෝම කැමැතියි, භික්‍ෂුව අද උදෑසන පිණ්ඩපාතයට නිවසකට වැඩම කළ මෙහොතේ, එම නිවසේ වයෝවෘද්ධ අම්මා කෙනෙක් කියනවා ‘‘අනේ ස්වාමින් වහන්ස ඔබ වහන්සේ මගේ ආයුෂත් අරගෙන ජීවත් වේවා’’ කියලා. භික්‍ෂුව එම වයෝවෘද්ධ අම්මාට ප‍්‍රකාශ කළේ. එසේම වේවා මෑණියෝ කියලා. භික්‍ෂුව එහෙම ප‍්‍රකාශ කළේ එම අම්මාගේ ආයුෂ භික්‍ෂුවට ලැබෙන නිසා නොවේ. ඇය මහා සංඝරත්නය කෙරෙහි ඇති කොටගත්තා වූ මෛති‍්‍ර චිත්තය එම වයෝවෘද්ධ අම්මාගේ ආයුෂය දීර්ඝ වීමට කුසල් ධර්මයක් වෙන නිසාවෙයි.
පිංවත් සත්පුරුෂ ඔබ, තවත් කෙනකුට දීර්ඝායුෂ ලැබේවා කියලා ආශිර්වාද කරන්න ප‍්‍රාර්ථනා කරන්න අකැමැති වෙන්න ලැජ්ජාවෙන්න එපා. පිංවත් ඔබ තවත් කෙනකුට ප‍්‍රාර්ථනා කරන දීර්ඝායුෂය ඔබේ දීර්ඝායුෂය පිණිසමයි හේතුවෙන්නේ. පිංවත් ඔබට පුුළුවන් නම් මේ මුළු රටේම ජනතාව, මේ මුළු ලෝකයේම ජනතාව එකමොහොතේ සිහියට නඟාගෙන, සියලූම ජනතාවට දීර්ඝායුෂ ලැබේවා කියලා. මෙත් සිතින් සිතන්න. එසේත් නැතිනම් දස දිශාවේම සත්වයන් සිහියට නඟාගෙන, සියලූම දිව්‍ය, බ‍්‍රහ්ම, මනුෂ්‍ය, සතර අපා සත්ත්වයන්ට දීර්ඝායුෂ ලැබේවා කියලා මෙත් සිතින් සිතන්න. ඒ සෑම සිතුවිල්ලක්ම මෙත් සිතින් දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කළ පිංවතාට, දීර්ඝායුෂ පිණිසමයි හේතුවෙන්නේ. අනුනට දීර්ඝායුෂ ප‍්‍රාර්ථනා කොට එම කුසල් සිතේ ශක්තියෙන් තමන්ට දීර්ඝායුෂ ලබන ධර්මයක් තමයි, මේ උතුම් සම්බුදු ධර්මය.
භික්‍ෂුව මුණගැසෙන්නට පැමිණි මහත්මයෙක්, ප‍්‍රකාශ කළේ මගේ අල්ලපුගෙදර මනුෂ්‍යයාගේ මුහුණ දකිත්දී මට කේන්ති යනවාය කියලා. පවුලේ ඥාතීන් දකිත්දී, ආයතනයේ ප‍්‍රධානීන් දකිත්දී, තමන්ගේ ව්‍යාපාරික තරගකරුවා දකිත්දී, තමන්ට වඩා දක්‍ෂයන් දකිත්දී, කේන්ති ගන්න පින්වතුන්ලා සමාජයේ අප‍්‍රමාණව සිටිනවා. මෙවැනි පින්වතුන් තමන් කෙරෙහි අනුකම්පාවෙන් තේරුම් ගන්න ඕනේ, අනුන් කෙරෙහි ඇති කොටගත්තාවූ මේ කේන්තිය, තමාගේ ආයුෂය හීනවීම උදෙසාම හේතුවෙනවාය කියලා.
මහා සංඝරත්නය වන අපගේ, ආයුෂය වර්ණය, සැපය, භෝග සම්පත් සහ බලය වර්ධනය කොට දෙන ධර්මතාව වශයෙන් බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙන්නේ, උතුම් සතරසතිපට්ඨාන ධර්මයන්ගේ ශක්තිය ජීවිතවලට එකතු කොට ගැනීමයි. බුදුරජාණන් වහන්සේ, තම ශ‍්‍රාවකයන් වන අපට දේශනා කොට තිබෙනවා තම පියාණන්ගෙන් උරුම වූ හැසිරීමට අදාළව, අපිට හැසිරෙන්නය කියලා. අපගේ පියාණන් වන බුදුරජාණන් වහන්සේගෙන් අපට ලැබුණු පිය උරුමයේ හැසිරීම වෙන්නේ උතුම් සතරසතිපට්ඨාන ධර්මයන්ට අදාළව ජීවත් වීමයි.
මහා සංඝරත්නය වන අපගේ ආයුෂය වැඩීම පිණිසත්, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ ආයුෂය වැඩීම පිණිසත්, බුදුරාණන් වහන්සේ දේශනා කරන එකම ධර්මය වන්නේ ඡන්දය, වීර්යය, චිත්තය, විමංසා කියන සතරඝෘද්ධිපාද ධර්මයනුයි.
මහා සංඝරත්නය වන අපි, කුසල් ධර්මයන් කෙරෙහි ඇති කොටගන්නා ඡන්දය හෙවත් කැමැත්තත්, ආර්ය අශ්ඨාංගික මාර්ගයෙන් පෝෂණය වුණාවූ උජුපටිපන්න ගුණය කෙරෙහි ඇති කොටගන්නා වූ වීර්යයත් උතුම් ඥායපටිපන්න ගුණයෙන් පෝෂණය වුණා වූ විදර්ශනාමය චිත්තයත් මේ සියලූ ධර්මතාවන් අනිත්‍ය වූ ධර්මතාවයන් බව විනිවිද දකින විමංසාවත කියන සතරඝෘර්ධිපාද ධර්මයන් වඩන්නාගේ ආයුෂය, දීර්ඝ වෙන බව බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.
උතුම් රහත්ඵල අවබෝධය නොලැබූ, සෑම ගිහි, පැවිදි, පිංවතෙක්ම, සතර ඝෘර්ධිපාද ධර්මයන් වැඩීමේදී කුසලයෙන් පෝෂණය වුණා වූ සංස්කාරයන්ගේ ශක්තිය ජීවිතයට එකතු කොට ගන්නවා. ගෞරවනීය සංඝ සමාජයේ අපි සිතෙන්, කයෙන්, වචනයෙන්, කුසල් ධර්මයන් කෙරෙහිමයි. කැමැත්ත ඇති කොට ගත යුත්තේ, අපි මේ සම්මා සම්බුද්ධ ශාසනය කෙරෙහි ලෝභ සිත් ඇතිකොට ගත යුතු නැහැ. මේ උතුම් පැවිදි ජීවිතය කෙරෙහි පැවිදි ජීවිතයේදී අපි ලැබූ අධ්‍යාපනය, පදවි, තනතුරු, සිව්පසය, කෙරෙහි ලෝභ සිත් ඇති කොටගත යුතු නැහැ. ඉහත සෑම ධර්මතාවයන්ම, ආර්ය අෂ්ඨාංගික මාර්ගයේ ශක්තියෙන්, විදර්ශනාවෙන් විනිවිද දකින්න. එවිට අපි තුළ වැඩෙන්නේ දීර්ඝායුෂයට අදාළ සතරසෘර්ධිපාද ධර්මයන්මයි.
අපගේ පිංවත් මාතෘ භූමියේ ජීවත් වෙන ජනතාවගේ, ආයුෂය වේගයෙන් අඩුවෙන දිශාවටයි ගමන් කරන්නේ, ඒ වග්මයි අඩු ආයුෂයෙන් මිය යන ළමා, තරුණ, මධ්‍යම, මරණ මාර්ග අනතුරු හේතුවෙන් වැඩිවෙලා තිබෙනවා. සමාජය ඉදිරියේ අභියෝගයක්ව මතුවෙන ආයුෂ හීනවීමට එකම ධර්මානුකූල විසඳුම වෙන්නේ සතරඍර්දිපාද ධර්මයන් වැඩීමට අනුබල දෙන සමාජයක් බිහි කිරීමයි.
පූජ්‍ය රාජගිරියේ අරියඥාන ස්වාමින් වහන්සේ.