බෝමලු ආදිය ඇමදීමේ විපාක…

විපස්සී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සදහා පිට දුන් පළොල් බෝධි මලුව,සකන්සමජ්ජක හිමි විසින් ඇමදීමෙන් මෙවන් අනුසස් ගනණාවක් ලැබුවාහ.👇🏻

♦️නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙක් වේ.
♦️පිරිසිදු පුද්ගලයකු වේ.
♦️වැරදි වලින් තොර නිර්මල පුද්ගලයකු වේ.
♦️ශෝකය,දුක,සිත් වේදනා ඇති නොවේ.
♦️සිතේ,මනසේ චිත්ත පීඩා ඇති නොවේ.
♦️කුශ්ඨ රෝග,ගෙඩි රෝග,කැසීම් රෝග,මී මැස් මොරය,දද රෝග,කසා සැරව ගලන වැනි පිලිකුල් රෝග ආදි ශරීරයේ ඇතිවන බොහෝ රෝග නොසෑදේ.
♦️වැලපීම්,තැව්ලෙන් සිටීම් නැත්තෙක් වේ.
♦️සෘජු සිතක් ඇති කෙනෙක් වේ.
♦️පැහැදිලි සිත් ඇත්තෙක් වේ.
♦️කැමති කැමති සමාදීන් ලැබීමේ ශක්තිය ලැබේ.
♦️දුඅතියට නොවැටී දෙව් මිනිස් සැප ලැබේ.
♦️උසස් කුලවලම උපදී.
♦️මනා ඇග පසග ඇත්තෙක් වේ.
♦️ආරෝහ පරිණාහ දේහයක් ලැබේ.
♦️පිරිපුන අවයව ඇත්තෙක් වේ.
♦️විශිෂ්ඨ වූ රූප සම්පත්තියක් ලැබේ.
♦️රන්වන් පැහැ දේහයක් ලැබේ.
♦️සිරුරේ දැලි,කුණු නොතැවරේ.
♦️අව්වෙන්,සුළගෙන් පීඩා ඇති නොවේ.
♦️ශරීරයෙන් දහඩිය නොවැගිරේ.
♦️කායික,මානසික රෝග නැත්තෙක් වේ.
♦️සොර සතුරන් නැත්තෙක් වේ.
♦️නොඅඩුව බෝග සම්පත් ලැබෙයි.
♦️තමාගේ සිත නොරිදවන සේවක සේවිකාවන් ලැබේ.
♦️අකල් මරණවලට ගොදුරු නොවේ.
♦️මහා යසස් ඇත්තෙක් වේ.

අපි කුසල් කරන්න කැමතියි,සමහරෙක් මේවා දන්නවත් ඇති., හැබැයි ගොඩක් දෙනෙක් දන්නෙ නෑ ඒ කොහොමද,මොනවගේ දේවල් වලින්ද කුසල් කරන්න පුලුවන් කියල.මේ වගේ කුසල් කරන්න අපිට මිල මුදල් අවශ්‍ය වෙන්නෙ නෑ.සල්ලි තියෙනවද,නැද්ද කියල ත් වැඩක් නෑ.
අවශ්‍ය වන්නේ, අවබෝධයෙන් යුතුව පිනේ,පවේ ආනිසන්ස දැනගෙන (මේ දේ කළාම මේ දේ ලැබෙනවා) තැන්පත් සිතෙන් කුසලයේ යෙදීමයි.
හිතට ප්‍රශ්නයක් ඒවි, මේව කරන්න කොහෙන්ද කාලයක් කියල,නිකන් ඉන්න වෙලාවට අපි පෝන් එකෙන් එක එක දේවල් කරනව බලනව,නැත්තම්යාලුවො එක්ක ඕනවටත් වඩා,අත්‍යාවශ්‍යම නොවන ගමන් ඇවිදින්න යනව,පොඩ්ඩක් ඒ වෙලාවට හිතට ගන්න මන් මේ වෙලාවෙ පන්සලට ගිහින් මේ දෙයක් කලොත් කොච්චර වටිනවද, තමන්ට කොච්චර සැනසීමක් ලැබෙනවද කියල.
සමහරෙක් හිනාවෙයි,කතා හදයි,මොකද බන් උබට එක පාරටම උනේ,ඇයි බන් උඹ ඔහොම කරන්නෙ කියල,ඒ වෙලාවට හිතට ගන්න ඒ අයට වඩා තමන් ධර්මය ගැන දෙයක් දන්නව,ඔවුන් ධර්මයක් නොදන්න බව.

අපි පුලුවන් හැම වෙලාවකම තමන්ට පුලුවන් විදියට,
“අවබෝධයෙන්ම” කුසලයක් කරන්න පුරුදු වෙමු…මෙලොවදි වගේම අපිට පරලොවදිත් එය සුගතියට හේතු වෙනවමයි.

ධම්මෝ භවේ රක්කථි,ධම්ම චාරී

තෙරුවන් සරණයි!🏻