සාර්ථක විවාහ ජීවිතයකට බුදු දහමෙන් උපදෙස්.

තෙරුවන් සරණයි ..! (උතුම් ධර්මදානය පිණිස බෙදාහැර අප්‍රමාණ පිං රැස්කර ගන්න ) කොබෙයිගනෙ පුබ්බිලිය ශ්‍රී සාරානන්ද පිරිවනේ ආචාර්ය ගලේවෙල පුවක්පිටිය ශ්‍රී බෝධිරාජාරාමයේ ගලගෙදර රතනවංස හිමි ජීවිතයක වැදගත්ම සන්ධිස්ථානයක් ලෙස විවාහ ජීවිතය හැඳින්විය හැකි ය. එය ජීවිතයක ඉදිරි පැවැත්ම තීරණය කරන ප්‍රධාන හේතු සාධකයයි. උපතේ පටන් මරණය දක්වාම පුද්ගල ජීවිතයක සුවිශේෂි ස්ථානයන් දක්නට ලැබේ. ඒ අතර…

Read More

කායානුපස්‌සනාව – සලායතන භාවනාව.

පිංවත් ඔබ දෑස්‌දෙක පියාගෙන ඈත අතීත සංසාර ගමනට සිත යොමුකරලා, ඉපදුන සලායතන ජරා, ව්‍යාධි, මරණවලට පත්වු අයුරු මෙනෙහි කරන්න. අන්ධවූ දෑස්‌, බිහිරිවූ කන්, ගොළුවූ දිව, අංගවිකලවූ ශරීර, රෝගීවූ මනස, ගඳසුවඳ නොදැනෙන නාසය, රස නොදැනෙන දිව නිසා වින්දාවූ දුක්‌ද, ඒ හේතුවෙන් සකස්‌කරගත්තාවූ අකුසල්ද, අකුසල් හේතුවෙන් නැවත වින්දාවූ දුක්‌ද කමටහනක්‌ කරගන්න. නාමරූප පච්චයා සළායතන කියන ධර්මතාවය යටතේ…

Read More

පසේනදී කොසොල් රජතුමා.

ඔයාලා දන්නවා බුද්ධකාලේ දඹදිව තිබුණා විශාල ජනපද. ඒ කියන්නේ විශාල ප‍්‍රදේශ. කොසොල් ජනපදය කියන්නේ එයින් එකක්. කොසොල් ජනපදය හරි විශාලයි. එහේ නායකයා තමයි පසේනදී කොසොල් රජතුමා. මේ රජතුමා මුල් කාලෙදී බුදුරජාණන් වහන්සේට එතරම් හිතවත්ව සිටියේ නෑ. නමුත් පස්සෙ කාලෙ ඉතාමත්ම හිතවත් වුණා. ලැදිවුණා. බුදුරජාණන් වහන්සේ පවා කොසොල් රජ්ජුරුවන් කෙරෙහි අනුකම්පාවෙන් නොයෙක් අවස්ථාවන්වලදී ධර්මය කියා දීලා…

Read More

දෙමාපිය සත්කාරයේ ගුණය පවා නොදෙන්න.

අම්මලා තාත්තලා දරුවන් ගැන” වත්පොහොසත්කම් ගැන” ව්‍යාපාර” රැකියා” දේපළ ගැන සිත සිතා මනෝසංචේතනා ආහාරයන්ගෙන් මනස පුරවා ගන්නවා. ජීවිතය තෘප්තිමත්කොට ගන්නවා. කබලීක ආහාරවල කාය සංස්කාර ශක්තියෙන්” ඵස්ස ආහාර සකස්කොට ගන්නවා. ඵස්ස ආහාරයෙන් මනෝසංචේතනා ආහාර සකස්කොට ගන්නවා. මනෝසංචේතනා ආහාර තුළින් විඤ්ඤාණ ආහාරයත් සකස්කොට ගන්නවා.පුතාව දැකලා” පුතා ගැන සිතලා” පුතා ගැන විශේෂ දැනීම් ඇතිකොට ගන්නවා. පුතා උසස් පෙළට…

Read More

මාරයාගේ ස්වයං වර්ණනාවට හෝ ස්වයං විවේචනයට නොරැවටෙන්න.

පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් ලිපියෙන් අවසන් වන අතර මෙතැන් පටන් කොටස් කිහිපයකින් යුක්තව පළ කෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි. පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘ස්‌වාමීන් වහන්ස, මාරපාක්‍ෂික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්‌කන්ධයට අදාළව ඇතිකර ගන්නා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නිසාමද..?’ කියලා. මාරපාර්ශ්වික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වන්නේ…

Read More

අපි නිවීමේ මාර්ගයේ ගමන් කිරීමෙ දී, එම ගමන සාර්ථක කර ගැනීමට සුදුසු ස්ථානයක් තිබිය යුතු ද?

ස්‌වාමින් වහන්සේගෙන් ප්‍රශ්නයක්‌ ඇසුවා. අපි නිවීමේ මාර්ගයේ ගමන් කිරීමේදී එම ගමන සාර්ථක කර ගැනීමට සුදුසු ස්‌ථානයක්‌ තිබිය යුතුද කියලා. අතීතයේ රහතන් වහන්සේලා දහස්‌ ගණනින් වැඩ සිටි පැරණි ගල්ලෙන් සහිත ආරණ්‍යය ගල්කුටි නිවන් මාර්ගය වැඩීමේදී අපිට හුඟාක්‌ උපකාරී වෙනවා. මෙවැනි පරිසරයන් තුළ නිවිච්ච ස්‌වභාවයක්‌ කැටිව තිබෙනවා. ඒ වගේම හුදකලා වනවාසී කුටි අපේ ගමනට ශක්‌තියක්‌ වෙනවා. එම…

Read More

සුමේධ තාපසයාණෝ.

තුන් ලොවම එළිය කරන්නා වූ ශ්‍රේෂ්ඨතම හිරු මඬල නම් වූ අපගේ සර්වඥ සම්මා සම්බුදුරජාණන් වහන්සේ මෙයින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයකට මත්තෙහි දඹදිව අමරාවතී නම් නුවර උභය කුල පාරිශුද්ධව බමුණු මහසාල් කුලයෙහි ‘සුමේධ’ නමින් උපත ලැබීය. එතුමන් මහත් ධනයකට හිමිකම් ඇති හෙයින් දර්ශනීය පොකුණු ආදියෙන් සමන්විත වූ ප්‍රාසාදයක කල් ගෙවීය. අන්‍ය කර්මාන්තයක් නොකොට බමුණු ශිල්පයම හැදෑරූ එතුමන්…

Read More

මේ නිමේෂයද අනිත්‍යයට පත්වෙන ධර්මතාවයක්ම පමණි.

පිංවත් ඔබේ කයේ ක්‍රියාකාරිත්වය උදෙසා උපකාරක ධර්මයන් සකස්‌ කරදෙන කාය සංස්‌කාර, ඒ කියන්නේ ආශ්වාස ප්‍රශ්වාසය, රුධිරගමනය, ආහාර ජීර්ණය, ශරීර අපද්‍රව්‍ය බැහැර කිරීම මේ සෑම ක්‍රියාවක්‌ම ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍ය නිරතුරුවම වෙනස්‌වන ස්‌වභාවයෙන් යුක්‌තයි. මවකට දරු ප්‍රසූතියෙන් අනතුරුව මවුකිරි එරීම ධර්මතාවයක්‌. මේ මොහොතේ භික්‍ෂුව අතීත ගිහි ජීවිතය දෙස ආපසු හැරී බැලීමේදී මට තිබුණේ සප්තබොජ්ඣංගයට වඩා…

Read More

කාමය වරදවා හැසිරීම (කාමමිත්‍යාචාරය).

අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවැනි සික පදයේ “කාමෙසු” යනු බහුවචන පදයක්‌ නිසා ඇතැමෙක්‌ “කාමයන්හි” යනුවෙන් අර්ථ දක්‌වනවා. තවදුරටත් පැහැදිලි කරනවා නම් ඇස්‌, කන්, නාසාදී ඉඳුරන් සංවර කර ගැනීම තෙවැනි සිකපදයෙන් කියෑවෙන බව ඇතැමකුගේ අදහසයි. මේ ඉන්ද්‍රිය සංවරය ගිහි ශික්‌ෂාවේදී අදාළ වන්නේ නෑ. ඇත්ත වශයෙන්ම “කාමෙසුමිච්ඡාචාරය” කියන්නේ වැරැදි ලෙස අඹුසැමියන් සේ ගතකිරීමයි. මේ සඳහා ත්‍රිපිටකයෙන් ඕනෑතරම්…

Read More

කායානුපස්‌සනාව – ඉරියාපථ භාවනාව.

බුදුරජාණන් වහන්සේ කායානුපස්‌සනාවට අදාළව මීළඟට දේශනා කරන්නේ ඇවිදිනකොට, හාන්සිවෙනකොට, නිදාගන්නකොට කය තුළින් ක්‍රියාත්මක වන ඉරියව් කෙරෙහි නුවණින් දකින්නය කියලා. තමා තුළින්ම ක්‍රියාත්මක වන ඉරියව් නිසා මොනතරම් ඇලීම් ගැටීම් අපි සකස්‌ කර ගන්නවාද..? මහපාරක, නගරයක ගමන් කරන කොට, මගී තදබද අවස්‌ථාවක, බස්‌නැවතුමක, දුම්රියපළක ක්‍රියාත්මක වන මනුෂ්‍යයා තුළින් ඇතිවන ඉරියව් කෙරෙහි අවධානය යොමු කරන්න. මේ සෑම මනුෂ්‍ය…

Read More