හැකිතාක් කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත් කොට දමන්න.

භික්‍ෂුව හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක්‌ ප්‍රකාශ කළේ තමන් තරුණ කාලයේ කර්මය, කර්මඵලය ගැන නොදැනීම නිසා, විවාහ වූ අලුත අනවශ්‍ය පිළිසිඳගැනීමක්‌ යෑයි සිතා, දරුවෙක්‌ ගබ්සා කෙරූ බවත්, එම සිද්ධිය දැන් නිරතුරුවම මතකයට නැගෙන බවත්ය. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එම සිද්ධිය ඔබලාගේ මනසට නිතර පැමිණෙනවා නම් එය භයානක බවයි. මොකද යම් දවසක තමන් මියයන මොහොතේ, එවැනි ප්‍රබල…

Read More

මාපිය උපස්ථානයේ අනුසස්.

ස්වභාවයෙන් ම දරුවන්ට කරුණාව ඇත්තා වූ මාපියෝ තමනට උපස්ථාන කරන ගුණවත් කීකරු දරුවාට විශේෂයෙන් ම අනුකම්පා කරති. එබඳු දරුවාගේ යහපත සඳහා කළ හැකි හැම දෙයක් ම මාපියෝ ඉතා ඕනෑ කමින් ම ඉටු කරති. මාපියන්ගේ කරුණාව ලැබීම දරුවන්ගේ යහපතට මහත් වූ හේතුවකි. එබැවින් තථාගතයන් වහන්සේ මහානාම ශාක්‍යතුමාට “මාතා පිතානුකම්පිතස්ස මහානාම, කුලපුත්තස්ස වුද්ධියෙව පාටිකංඛිතබ්බා නො පරිහානි” යි…

Read More

අවිද්‍යාව අමනාප කරගන්නට ඇති අකමැත්ත.

පිංවත, බලාපොරොත්තු කඩවීම් දෝරෙගලා යද්දී, අපේ ජීවිත ඇලීම් සහ ගැටීම් අතර සිරවෙලා. මොකක්ද මේ ලෝකයට සිද්ධවෙන්නේ. මේ සිදුවන සිදුවීම් අරුමයක්ද, පුදුමයක්ද, එසේත් නැතිනම් ලෝකයේ සැබෑම අර්ථයද. පිංවත් ඔබගේ සිතට විවේකයක් අවශ්‍යයි, ඉහත ප‍්‍රශ්නයට සාධාරණ පිළිතුරක් ලබාගන්නට. අපි අපේ මස් ඇසින් දකින ලෝකයට වඩා, අපි සද්ධර්මයේ ඇසෙන් දකින ලෝකය, අහසයි පොළවයි වගේ වෙනසක් තිබෙනවා. භික්ෂුව ලෝකය…

Read More

මාරයාගේ පළඳනාව.

තෙත් කලාපීය පරිසරයක වැසි දිනවල කූඩැල්ලන්ගෙන් ගහන ආරණ්‍යයක පිණ්‌ඩපාත ශාලාවට දානය සඳහා වැඩීමට කිලෝමීටර දෙකක පමණ දුරක්‌ තිබිණි. යායුතු මඟ ගල් බොරලු, කඳු බෑවුම්, කුණකටුවා, තෙල් කරවලයා වැනි සර්පයින් සහිත මඟකි. පාවහන් නොපළඳින භික්‍ෂුවකගෙන් පාවහන් පළඳින භික්‍ෂුවක්‌ මෙසේ විමසීය ‘ඔබ වහන්සේ පාවහන් නොදා වඩිනකොට කකුල් තුවාලවෙන්නේ ගල් ඇහෙන්නේ නැතිද?’ ‘ඇත්තෙන්ම නැහැ’ උන්වහන්සේ පිළිතුරු දුන්හ. ‘ඒ…

Read More

මැතිවරණයක සැඟවුණු මාරධර්ම – II

බුදුරජාණන් වහන්සේ පිරිනීවී ගොස්‌ වසර 2500 ක්‌ ගිය තැනදී ජීවමාන බුදුරජාණන්වහන්සේ හැටියට දැකලා සිත පහදාගෙන වඳින්න පුදන්න යම් පූජනීය වස්‌තූන්ගෙන් පිරි බිම්කඩක්‌ මේ ලෝකධාතුව තුළ තිබෙනවා නම්, ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ස්‌වර්ණමාලි සෑ සමිඳුන් වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ, ශ්‍රීපාදයන් වහන්සේ, ථූපාරාම සෑ සමිඳුන් වහන්සේ, සෝමාවාතී සෑ සමිඳුන් වහන්සේ ඇතුළු පූජනීය වස්‌තුන්ගෙන් පූජිත මේ උතුම්…

Read More

උතුම් සංඝ සමාජය…

මේ උතුම් සංඝ සමාජය තරම් විනයගරුක ආයතනයක් මේ ලෝකධාතුව තුළ තිබෙන්නට බැහැ. බුදුරජාණන් වහන්සේ භික්ෂු අපිට ශේඛියා විනය ධර්මයන් තුළින් ඇවිදින හැටි, සිවුර පොරවන හැටි, කතාබහ කරන හැටි, වැසිකිළි කැසිකිළි කරන හැටි, ආහාර වළඳන හැටි, කෙළ ගසන හැටි පවා සුන්දරව දේශනාකොට තිබෙනවා. අපි උතුම් ධර්ම විනයට කීකරු නම් අපිට වරදින්න විදියක් නැහැ. එ්ත් ගෞරවණීය අපේ…

Read More

බුදුරජුන්ගෙන්ම කමටහන් ලබාගන්න.

සම්බුද්ධ ශාසනයක්‌ මුණගැසී තිබෙන මෙවැනි දුර්ලභ අවස්‌ථාවක, ගිහි පැවිදි අපි වඩාත් උත්සහගන්නේ ශාසනය ආරක්‍ෂා කරගැනීමට සහ ශාසනයේ බර කරගසා ගැනීමටය. පිරිත, ධර්ම දේශනා, දානමය පිංකම්, විහාර නඩත්තුව, සංවර්ධනය, දහම් පාසල්, ආගමික උත්සව, සමාජ සේවා, සමාජ සේවා කටයුතු නිසා දවසේ නිදි නොලබා අවිවේකයෙන් සිටින විට ඔබට දැනෙන වෙහෙස ඔබ දකින්නේ ශාසනයේ බර කරගසා ගැනීම නිසා ඇතිවෙන…

Read More

කල්‍යාණ මිත්‍රයා යනු සම්මා සම්බුද්ධ ශාසනයයි.

පිංවත අපි යම් දවසක උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ අවබෝධකොට ගනී ද, එදාට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයත් ලෝකයට භාරදීලා, අපි ලෝකයෙන් නිදහස් වෙනවා. එදාටයි අපි තේරුම් ගන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයත් අයිති ලෝකයටයි කියලා. පිංවත අදක්‍ෂයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතයෙන් බැහැර කරලා මිථ්‍යාදෘෂ්ටිකභාවයට පත්වෙනවා. පිංවත දක්‍ෂයා ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිතය කොටගෙන පිනෙන්, කුසලයෙන්, සුගතියෙන් සැනසෙනවා. පිංවත වඩාත්…

Read More

ප්‍රිය විප්‍රයෝග දුක්ඛය.

ආදරයෙන් රැස් කොට ආරක්ෂා කරගෙන සිටින ධනයෙන් හා පුත්‍ර‍ භාර්‍ය්‍යාදි පුද්ගලයන්ගෙන් ද වෙන් වීම ප්‍රිය විප්‍රයෝග දුක්ඛය යි. ධනය වනාහි වියදම් වීමෙන් ද සොරුන් විසින් රජුන් විසින් පැහැර ගැනීමෙන් ද ගිනි දිය ආදියට අසුවීමෙන් ද හිමියාගෙන් වෙන් වෙන දෙයකි. හිමියා වෙත යම් ධනයක් ඉතිරි වුව ද මරණයට පැමිණීමෙන් ඔහු එයින් ඒකාන්තයෙන් වෙන් වන්නේය. පුත්‍ර‍ කලාත්‍රාදි…

Read More

මල් පහන් පූජා කරලා ලබන පිනෙන් නිවන් අවබෝධ කරගන්න පුලුවම් ද?

ගරු ස්වාමීන් වහන්ස, කෙනෙක් මල් පහන් පූජා කරලා කුසල ශක්තියක් රැස් කර ගන්නවා. ඒ තුළින් ම ඔහුට නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන් ද? බැහැ දරුවෝ. මල් පහන් පූජා කළා කියලා නිවන් සාක්ෂාත් කරගන්න පුළුවන් කියන කාරණයක් ධර්මයේ නැහැ. නමුත් ඕනෑම කෙනෙක් තමුන් ක්‍රියාකාරී වෙන්නේ තමුන්ගේ ඉන්ද්‍රිය ධර්මයන් වැඩිලා තියෙන ප්‍රමාණය මතයි. ඉන්ද්‍රිය ධර්මයන් වැඩෙන්න වැඩෙන්න එයා…

Read More