දුල්ලභෝ මනුස්සත්තභාවෝ.

මිනිසත් බව දුලබ ය. එයින් ලැබිය හැකි බොහෝ උසස් ප්‍රයෝජන ඇත්තේ ය. ලොව්තුරා බුදු බව පසේබුදුබව රහත් බව යන ලෝකෝත්තර සම්පත්තීන් හා සකල ලෞකික සම්පත්තීන් ද ලැබීමේ මග සාදා ගැනීමට මිනිසත්බව ඉවහල් වන්නේ ය. බොහෝ ධනය සපයා නෑ මිතුරන් පිරිවරාගෙන අඹුදරුවන් හා පස්කම් සැප විඳීම මේ මිනිසත් බවින් ලබන්නට ඇති උසස් ප්‍රයෝජනයකැයි නොසැලකිය යුතු ය….

Read More

සැබෑ මිහිර විඳිනු පිණිස තිත්ත ඇත්ත දැකිය යුතුය.

ආහාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී, ආහාරයෙන්ම පෝෂණය වී, හේතුඵල ධර්මයන්ට අනුව හැදුණු කයක්‌ මේක. භික්‍ෂුව මේ මොහොතේ තම දෙතිස්‌ කුණපය දෙස බලන විට, අම්මාගේ මව්කුසේ පැලෝපීය නාලය තුළ නලියන ඉස්‌ගෙඩියෙක්‌වන් කලලයි දකින්නේ. මේ රූපය අයිති තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකට. අම්මා කෙනෙකුගේ ඩිම්බයකට. භික්‍ෂුව මේ මොහොතේ නුවනින්…

Read More

ඇගේ කඳුල ළග සිත නැවතුනි නම්…

නිවන් මඟ වඩනා භික්‍ෂුවකට ගෙපිළිවෙළින් පිඬුසිඟාවැඩීම, තම නිවන් මඟ ශක්‌තිමත් කරගැනීමට උපකාරවන්නකි. පිණ්‌ඩපාත වඩින විට භික්‍ෂුවට ගමක එක ගෙදරක සිට තව ගෙදරකට ඇත්තේ නොපෙනෙන දුරකි. ගෙවල්වල නිවැසියන් ගොවිතැන් කටයුතුවලය. දුප්පත්කම, ශ්‍රද්ධාව, ශීලාචරකම, දන්දීමේ කැමැත්ත ඔවුන් තුළ ඇත. දිනක්‌ පිණ්‌ඩපාතය සඳහා ගොවි ගෙදරක්‌ ඉදිරිපිට වැඩ සිටින විට, කාන්තාවක්‌ පැමිණියාය. ඇය තරුණය. කුඩා දරුවකු ද ඇය පසුපස…

Read More

කැඳ පිදීමේ අනුසස්.

• කැඳ වනාහි ආහාරයක් ද වන බෙහෙතක් ද වන මනුෂ්‍ය ශරීරයට ඉතා හොඳ දෙයකි. ආයුෂය, වර්ණය, සැපය, බලය, නුවණය යන භෝජනයෙන් ලැබෙන අනුසස් පස කැඳෙන් ද ලැබේ. • සාගින්න සන්සිඳීම, • පිපාසාව සන්සිඳීම, • වාතය අනුලොම් වීම, • ආමාශය පිරිසිදු වීම, • නොපැසී ඉතිරි වූ ආහාර පැසීම, යන අනුසස් පස ද කැඳෙන් ලැබේ. එම අනුසස්…

Read More

ධර්මය දෙස ධර්මයේ ඇසෙන් බලන්න.

පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, “කාමයේ සහ රූපයේ කෙටි ආස්වාදය හේතුවෙන් සකස් වන දීර්ඝ ආදීනවයන් දෙස සිහිනුවණින් බලලා, කාමයේ සහ රූපයේ නිස්සරණය දිශාවට යන්න” ය කියලා. පින්වත, කාමයේ සහ රූපයේ නිස්සරණයට තිබෙන එකම මාර්ගය තමයි උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය. පින්වත් ඔබ බොහෝම සතුටින් සමරපු සිංහල අලුත් අවුරුදු මංගල්‍යයයේ කෙටි ආස්වාදය ඉවරයි නේද? දැන් ඉතින්…

Read More

විෂඝෝර සර්පයින්ට ඔබත් කිරි පොවනවා ද?

රෝහිතස්ස කියන දෙවියා බුදුරජාණන් වහන්සේ හමුවීමට පැමිණිලා, තමා අතීත භවයේ දී එර්දිමත් සෘෂිවරයෙක් වශයෙන් ඉපදිලා තම අසහාය එර්දිමත්භාවය ප‍්‍රයෝජනයට අරගෙන ලෝකයේ අවසානය සොයාගෙන ගොස් වෙච්ච අකරතැබ්බය ප‍්‍රකාශ කලා. ලෝකයේ අවසානය තබා අවසානය කියන කාරණය සිතාගැනීමටවත් ඉඩක් නොමැතිව රෝහිතස්ස සෘෂිවරයා එම ජිවිතයෙන් චුතව යනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා සයුරට වැටුන පුද්ගලයා පිහිනා දුපතක් පිහිටකොට ගන්නා සේ…

Read More

මෛත්‍රී ශීලයෙන් පලා යන්න එපා.

පිංවත, අපි මලක් වගේ මෙලෙක් වෙන්න කොච්චර සිතුවත්, අපිටත් හොරා අපේ සිතුවිලි ගොරෝසු වෙනවා. සම්මා සංකප්පයන් පසුපස සක්කාය දිට්ඨිය ලුහුබඳිද්දී, මෛත්‍රියට හති වැටෙන්නේ බොහෝම වේගයෙන්. මෛත්‍රියට හති වැටෙද්දී මෛත්‍රියේ ආනිශංස ධර්මයෝ එකොළහක් අපිට අහිමි වෙනවා. මේ අහිමිවීම මොනතරම් පරාජයක් ද කියලා කියනවා නම්, අපේ ශීලය, සතිය, සමාධිය පංච නීවරණයන්ගෙන්ම අපවිත්‍ර කරනවා. පිංවත, ඔබටත් කේන්ති යනවා…

Read More

ඔබ සිහිබුද්ධියෙන් අතහරින්න.

භික්‍ෂුවට හමුවූ ප්‍රේතයන්ගේ ස්‌වභාවය හරිම අපූරුය. එක්‌ ප්‍රේතියකගේ මුඛය නොමැත. තොල් එකට ඇලී ගොස්‌ය. ඒ පෙර සංසාරයේ දන් නොදීම සහ අනුන්ව දන් නොදීමට පෙළඹවීමේ කර්ම විපාක නිසා විය යුතුය. තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌වලින් ගින්දර නිකුත්වේ. ඇස්‌ නිරතුරුවම ගිනි ගනී. අනුන්ගේ ජයග්‍රහණ, දියුණුව ඉවසීමට නොහැකිව කළ අකුසල් නිසා මෙසේ වූවා කිය හැකිය. තවත් ප්‍රේතයෙක්‌ගේ ඇස්‌ වලින් සුදු…

Read More

සියළු සංස්කාරයෝ අනිත්‍යය, අප්‍රමාදී වෙන්න.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙරාතුව, භික්ෂූන් වහන්සේලා අමතා ප්‍රකාශ කරනවා, “මහණෙනි, පින්වත් ඔබලාට ධර්ම මාර්ගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතොත්, එම ගැටළු බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින අවසාන මොහොතේදී, අසා දැන ගන්නය කියලා. නමුත් ස්වාමීන්වහන්සේලා නිහඬව සිටිය මිසක් කිසිදු ප්‍රශ්නයක් බුදුරජාණන්වහන්සේගෙන් විමසුවේ නැහැ. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා භග්‍යවතුන්වහන්සේ වෙහෙසට පත්වෙනවාය කියලා. ඔබට, ඇති ප්‍රශ්න නොවිමසා සිටින්න…

Read More

තෘෂ්ණාව යම් තැනක ද, දුක ද එතැනය.

පිංවත උපාධි දහයක් ගන්නවාට වඩා, මේ පුංචි අර්ථය ජීවිතයට එකතුකොට ගත්තොත්, ජීවිතයට මොනතරම් නම් නිදහසක් ද? ඒ පුංචි අර්ථය තමයි තෘෂ්ණාව යම් තැනක ද, දුක එතැන තිබෙනවාය කියන අර්ථය. පිංවත ඇලීම් සහ ගැටීම් වලින් පංච උපාදානස්කන්ධ ලෝකය නටවන්නේ තෘෂ්ණාව විසින්මයි. පිංවත ඔබට ඇසෙනවා ද ලෝකය නටන හඬ? පිංවත ඔබට පෙනෙනවා ද ලෝකය නටන රිද්මය? පිංවත…

Read More