පින දැක සැඟවෙනු කුමකට – සිල් රැක එය විඳිනු මිසක.
දෙවියා, බ්රහ්මයාට සාපේක්ෂව මනුෂ්යයාට පින සහ පව විපාක දීමේ වේගය වැඩියි. පින විපාක දෙන විට ආස්වාදයේ බලවත්භාවය නිසා ම අකුසල් මූලයන් රැස් වී පින විනාශකොට දමනවා. දැන් ඔහු පරාජිතයෙක්. ලෝකය කවදාවත් හිස්වීමක් නැහැ; පුරප්පාඩු නැහැ. තව තත්පරයකින් ශක්ර දෙවියන් දිව්ය ලෝකයේ දී පිරිනිවී ගියොත්, ඒ ක්ෂණයේ දී ම ශක්ර දෙවියන් වෙලා තවත් පිංවන්තයෙක් උපත ලබනවා….