සිව්පසය නැමැති බීජයන් වපුරන්න පින නැමැති අස්‌වැන්න ලැබේවි.
භික්‍ෂු, භික්‍ෂුණී, උපාසක, උපාසිකා සිව්වනක් පිරිසකගේම එකතුවයි සම්මා සම්බුද්ධ ශාසනය කියන්නේ. උපාසක උපාසිකාවන්ගෙන් තොරව භික්‍ෂු, භික්‍ෂුණී කියන කණ්‌ඩායම් දෙකට පවතින්න බැහැ. උපාසක, උපාසිකා කියන කණ්‌ඩායම් දෙක ශාසනික දායකත්වය සඳහා යොමුකරවන්නේ සංඝරත්නයේ සාමීචිපටිපන්න ගුණයයි. තමන් සුපටිපන්න ගුණයෙන් යුක්‌ත වෙලා එම ගුණයන්ගෙන් ලැබෙන ඵලය වන සාමීචිපටිපන්න ගුණය මනුෂ්‍යයාට දෙව් මිනිස් සැපයන් වගේම විදර්ශනා නුවණට මාර්ගයත් විවර කර…