මේ උතුම් ගුණයන් දෙවෙනි වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන්ට පමණක් මයි.

පින්වත, මහා සංඝ රත්නය යැයි කියන්නේ, කහ පාට, දුඹුරු පාට චීවරයක් දරාගත්තා යැයි කියන අර්ථය පමණක් නොවේ. පින්වත, මහා සංඝ රත්නය සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න සහ සාමීචිපටිපන්න මහා ගුණයන් හතරක් දරාගෙනයි වැඩ සිටින්නේ. පින්වත, මේ උතුම් ගුණයන් දෙවෙනි වන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ උත්තරීතර ගුණයන්ට පමණක් මයි. පින්වත, උතුම් සුපටිපන්න ගුණය යැයි කියද්දී, ජාති, ජරා, ව්‍යාධි, මරණ…

Read More

මුලු ලෝකයම එරෙහි වුවද භික්ෂුවකට බියක් ඇතිවන්නේ නැත.

මෙය සටහන් තබන භික්ෂුවට මතකයි, මගේ අම්මා, ළමා කාලයේදී මට කියලා දුන්නා, මේ ලෝකයේ උතුම්ම රට ශ‍්‍රී ලංකාවයි කියලා. එදා අද වගේ චතුරාර්ය සත්‍ය ධර්මයන්, සතර සතිපට්ඨාන ධර්මයන්, පංච උපාදානස්කන්ධ ධර්මයන්, උතුම් අධිගමයන්, ගැන සමාජයේ කතාබහ වුණේ නැහැ. ඒ නිසාමදෝ මගේ අම්මා, ශී‍්‍ර ලංකාව ලෝකයේ උතුම්ම රට වෙන්නේ, ඇයි කියලා මට පැහැදිලි කොට කිව්වේ නැහැ….

Read More

නිදහස සොයා උඩුගං බලා යන සෙබළෙක් වන්න.

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී…

Read More

ආර්ය අෂ්ටාංගික මාර්ගයෙහි පිළිපැදිය යුතු අන්දම.

සසර දුකින් මිදී නිවනට පැමිණීම වනාහි පස්කම් සුව විඳිමින් ම පහසුවෙන් සිදු කළ හැකියක් නොව, මහෝත්සාහයෙන් දීර්ඝ කාලයක් පිළිවෙත් පුරා සිදුකර ගත යුත්තකි. නිවන් ලබනු කැමතියන්ට එය ලබනු සඳහා පිරිය යුතු ප්‍ර‍තිපත්තියක් ඇත්තේ ය. එහි කරුණු අටක් ඇත්තේ ය. එ බැවින් ඒ ප්‍ර‍තිපත්ති ක්‍ර‍මයට ආර්‍ය්‍ය අෂ්ටාංගික මාර්ගය යි කියනු ලැබේ. සම්‍යක් දෘෂ්ටිය, සම්‍යක් සංකල්පය, සම්‍යක්…

Read More

සැරියුත් මහරහතන් වහන්සේගේ නිවාත ගුණය.

මම උසස් ය, අන්‍යයන් මාහට ගරු බුහුමන් කළ යුතු ය. මා කියන දෙය පිළිගත යුතු ය. මට අනුකූල විය යුතු ය. මා විසින් අන්‍යයන්ට යටත් නො විය යුතු ය. ගරු නො කළ යුතුය. අනුකූල නො විය යුතු ය. කියා ඇති වන උමතුකම හෙවත් මානය බැහැර කොට, අන්‍යයන්ට අනුකූල ව වෙසෙන ස්වභාවය නිවාත ගුණය ය. මෙය…

Read More

මේ ලොව පිරිසිදුම තාක්ෂණය යි.

තාක්‌ෂණයෙන් දියුණුවට පත්වූ ලෝකයා “තාක්‌ෂණය නිසා ලෝකය විශ්ව ගම්මානයක්‌වී, ලෝකයේ පාලනය මිනිසා විසින් සිදුකරනවා” යන විශ්වාසයට පැමිණ ඇත. මේ මායව තුළ ලෝකයා මොනතරම් මුලාවට පත්වී ඇතිදැයි යන්න ගැන ඔබට අවබෝධයක්‌ ලබා ගත හැක්‌කේ ධර්මය අවබෝධ කරගැනීමෙන්මය. ලෝකයා සතුටුවන, ලෝකයා ජීවත්වන, ලෝකයා පාලනය කරන ඊනියා තාක්‍ෂණය, ක්‍රියාත්මකවන්නේ බලශක්‌තිය මඟිනි. බලශක්‌තිය හිඟවුණු දිනයක, බලශක්‌තිය නැතිවුණු දිනයක තාක්‍ෂණයේ…

Read More

ජීවිතවල තෘෂ්ණාව හිස් කරලා, ප්‍රඥාවේ ආලෝකයෙන් ආධ්‍යාත්මය පුරවන්න.

පින්වත, එක බලාපොරොත්තුවක් ඉටු වෙන කොට, තවත් බලාපොරොත්තුවක් මෝදු වෙනවා. පින්වත, ජීවිතය යැයි කියන්නේ ඉටු වුණ සහ ඉටු නොවුණ බලාපෙරොත්තු ගොඩක්. පින්වත, ඔබ ඇති කොට ගන්නා බලාපොරොත්තුවක් යැයි කියන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. වර්තමාන පංච උපාදානස්කන්ධය තුළ සිටිමින් අනාගත පංච උපාදානස්කන්ධයෝ ප‍්‍රාර්ථනා කරනවා. පින්වත, ඔබ ඇති කොට ගන්නා අනාගත බලාපොරොත්තුවලට තෘෂ්ණා පච්චයා උපාදානං කියලත් ධර්මානුකූලව කියන්න…

Read More

භාවනාව සක්කාය දිට්ඨියට හොඳ ආහාරයක්.

පිංවත, සද්ධර්මයේ ඇසෙන් ලෝකය දෙස දකිද්දී, ලෝකය හරිම පහසුයි. ලෝකය හරිම සරලයි. පිංවත, සද්ධර්මයේ මුදුන් මුල වෙන්නේ සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයෝ. පිංවත, අධර්මයේ මුදුන් මුල වෙන්නේ පංච නීවරණ ධර්මයෝමයි. යම් ජීවිතයක කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව තිබෙනවා නම්, ඒ ජීවිතය අවිද්‍යාව දිශාවටම නැමුණු, අධර්මයට බරවුණු ජීවිතයක්. යම් ජීවිතයක් දුක කෙරෙහි, දුකට හේතුව තෘෂ්ණාව කෙරෙහි සතිය…

Read More

දෙවියනුත් පීඩාවට පත්වෙද්දී, මනුශ්‍යයෝ ගැන කුමන කථා ද?

ඉහත සූත්‍රය භික්ෂූව සටහන් කළේ දෙවියන් හා දිව්‍යතල අවදානමට ලක්වෙන අවස්ථාවක් ගැන සඳහන් කරන්න. මේ සූත්‍රයේ සඳහන් වෙනවා, දිව්‍යතලවල දෙවියන් සතුටුවන කාමාස්වාදය විඳින පංචමහා විල් සිඳිලා යනවා කියලා. මහාමේරු පර්වතයේ මුදුනත දිව්‍යතලවලට උස නිසා මහාමේරු පර්වතය අවුරුදු සියයක් දහසක් දුම් දමන කොට එම දුමෙන් දිව්‍යතල වැසියන් පීඩාවට පත් වෙන්න ඕනේ. ඉහත සූත්‍රයේදී සත්වෙනි ඉර පායලා…

Read More

ආහාර ප්‍රතික්කූල සංඥා භාවනාව.

ශමථ කර්මස්ථාන සතළිසක් ඇත්තේ ය. ඉන් එකක් ආහාරය පිළිබඳ කමටහනෙකි. ඒ කමටහන සිහි කරමින් ආහාර ගැනීම පුරුදු කරගත හොත් ඉතා හොඳ ය. එය කාමරාග සංයෝජනය සිඳ අනාගාමි ඵලයට පැමිණ බ්‍ර‍හ්ම ලෝකයට යාමට උපකාර වන කර්මස්ථානයකි. ඒ භාවනාව නම් ආහාරයෙහි ඇති පිළිකුල් බව නැවත නැවත සිහි කිරීම ය. ප්‍ර‍තික්කූල සංඥාවෙන් ආහාර වළඳන්නේ මෙසේය. ආහාර බඳුන ගෙන…

Read More