භාවනාවේ දී ඇතිවන නිරුත්සහය සංසිඳවා ගනිමු.

බුදු රජාණන් වහන්සේ දේශනා කරලා තියෙනවා සමථ, විපස්සනා භාවනා වැඩීමේ දී බොහෝ දෙනාට සිතූ පරිද්දෙන් ප්‍රතිඵල ලැබෙන්නේ නැතුව ප්‍රමාද වෙන්න පුළුවන්. ඒ ප්‍රමාද වන හේතු බුදුරජාණන් වහන්සේ පමණයි දන්නේ. අනිත් අය දැන ගන්නවා බොහොම අඩුයි. ඒ නිසා සර්වඥයන් වහන්සේගේ උපදෙස් පරිද්දෙන් අපට ලැබී තියෙනවා. භාවනා කරන යෝගීවරයෙකු භාවනාවේ ආනිසංශය නොදැනී නිරුත්සාහ බවට පත් වෙනවා. නිරුත්සාහ…

Read More

නිදහස් පරිසරය.

මේ ජීවිතය තුළදීම නිවීම සාක්‍ෂාත් කරගැනීම සඳහා වෙහෙසෙන භික්‍ෂුවකට නිදහස්‌ පරිසරය අත්‍යවශ්‍යය. නිදහසට එක අර්ථයක්‌ දිය නොහැක. ලෞකික. ලෝකෝත්තර වුවමනාවන් අනුව නිදහසේ අර්ථය වෙනස්‌ වෙයි. කෙනෙක්‌ විශ්වවිද්‍යාල අධ්‍යාපනය, ගුරු පත්වීම්, රජයේ රැකියාව, දේශපාලනය නිදහස ලෙස දකියි. මේ කිසිත් වරදක්‌ නොවේ. ඒ තම තමන්ගේ දෘෂ්ටීන්ය. එහෙත් ඒ ලොව්තුරා නිර්වාණ ප්‍රතිපදාව නොවේ. මෙහි සඳහන් කරුණු අදාළ වන්නේ…

Read More

    කමටහන මගහැර කවරනම් භාවනාවක්‌ ද?

    ඔබ දවසේ පැය විසිහතරෙන්ම පැය විසි දෙකක්‌ම නිත්‍ය සංඥාවන් වඩල නිත්‍ය සංඥාවන් සමග ජීවත්වෙලා පැය දෙකක්‌ පමණක්‌ අනිත්‍ය සංඥාවට යොමුවෙලා භාවනාවක්‌ කරලා කෙසේ නම් මේ කාරණා දෙක සමබර කරගන්නද? තරාදියෙ එක පැත්තකට පැය විසිදෙකක්‌ අනෙක්‌ පැත්තට පැය දෙකක්‌ දැම්මොත් ඔබට තේරෙවි එහි පරතරය. එම නිසා විශේෂයෙන්ම විදර්ශනා භාවනා කිරීමට කැමති පිංවතුන්ලා දවසේ සෑම කාර්යක්‌ෂම කමටහනක්‌…

    Read More

    පරිසරය ලස්සනට තබාගෙන ආනිශංස එකොළහක් ජිවිතයට ලබා ගන්න.

    භික්ෂුව අද උදෑසන පිණ්ඩපාතයේ වැඩම කිරීමට කැලයෙන් මහපාරට අවතීරණය වෙද්දී, පාරේ අයිනේ තිබෙන ගස් සෙවණේ, තැන් තැන්වල බත් ඔතාගෙන පැමිණි පත්තර කොල, තැඹිලි කෝම්බ, වරකා ගෙඩියක් අනුභවකොට ඉතිරි අපද්‍රව්‍ය තැන් තැන්වල දමලා. පාසල් නිවාඩුව නිසා වන්දනාවේ යන, විනෝද ගමන් යන වාහන මේ දිනවල පාරේ හුඟාක් වැඩියි. එම පින්වතුන්ලා කෑම කන්න කැලය අයිනේ වාහනය නවත්වලා, ආහාරයෙන්…

    Read More

    අකුසල් විපාක දෙන්නේ අසිහියෙන්ම තව තවත් අකුසල් කඳු මෝදුකොට දෙන්නමයී.

    පොසොන් සඳ තවමත් මැකී ගිහින් නැහැ. මේ නිසල විවේකී රාත්‍රියේ ඈත ආකාසයේ සිට ඇය භික්ෂුව දෙස බලා සිටිනවා. සත්තකින්ම ඇය හරිම ලස්සනයි. හරිම මටසිළුටුයි. ඒත් භික්ෂුව ඇයගේ රුව විඳින්න යන්නේ නැහැ. භික්ෂුව ඇයගේ රුව දකිනවා පමණක්මයි. භික්ෂුවගේ අධ්‍යාත්මික ඇස, සඳ නමැති බාහිර රූපය සමග ඵස්සය වෙද්දී, භික්ෂුව දැක්කාය කියන තැන නවතිනවා. මේ නිසල රාත්‍රියේ ඇයගේ…

    Read More

    බුදු රජාණන් වහන්සේගේ සර්වඥතාඥානය.

    පටිසම්භිදාමග්ගයේ සෝළස පඤ්ඤානිද්දේසයේ තථාගතයන් වහන්සේගේ සර්වඥතාඥානය මෙසේ විස්තර කර ඇත්තේ ය. “නත්ථි තස්ස භගවතෝ අඤ්ඤාතං අදිට්ඨං අවිදිතං අසච්ඡිකතං අඵස්සිතං පඤ්ඤාය. අතීතං අනාගතං පච්චුප්පන්නං උපාදාය සබ්බේ ධම්මා සබ්බාකාරෙන බුද්ධස්ස භගවතො ඤාණමුඛෙ ආපාථං ආගච්ඡන්ති” යං කිඤ්චි නෙය්‍යං නාම අත්ථි, තං සබ්බං ජානිතබ්බං අත්තත්ථො වා පරත්ථො වා උභයත්ථො වා දිට්ඨධම්මිකො වා අත්ථො සම්පරායිකො වා අත්ථො උත්තානො වා අත්ථො…

    Read More

    උඩු සුළගේ හමනා සත්පුරුෂ ගුණ.

    සාමාන්‍යයෙන් ලෝකයේ සුවඳ හමන්නේ සුළං හමන දිශාවටමයි. නමුත් මේ ලෝකයේ සත්පුරුෂයන්ගේ ගුණ සුවඳ සුළං හමන දිශාවටත් ප්‍රතිවිරුද්ධ දිශාවටත් හමනවා. මේ ගැන එදා භාග්‍යවතුන් වහන්සේගෙන් විමසා සිටියේ අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේයි. අපගේ ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ළඟට පැමිණ වන්දනා කොට පසෙකින් වැඩ සිටියා. ඉන්පසු ආනන්ද ස්වාමීන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා. ස්වාමීනී, සුවඳ උපදවන…

    Read More

    සිහියෙන් බලන්න… දහම ඔබ අසලමය…

    ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌…. ඉන්ද්‍රියන් හයටම පස්‌සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටිමින් ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස්‌ අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න. උන්වහන්සේ ගිය…

    Read More

    දුර්වල වූ සිල්පදය ගැන වැළපෙනු වෙනුවට…

    බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටි කාලයේ ස්‌වාමීන්වහන්සේලා උදය වරුවේ පිණ්‌ඩපාතය වැඩීමට කාලවේලා වැඩිනම් අන්‍යාර්ථකයින්ගේ ආරාමවලට ගිහිල්ලා, අන්‍යාර්ථකයින් සමග ධර්මය සාකච්ජා කළ අවස්‌ථා රාශියක්‌ තිබෙනවා. අන්‍යාර්ථකයින් ඉදිරිපත් කළ නොගැලපෙන කරුණුවලට ස්‌වාමීන්වහන්සේලා පිළිතුරු දෙන්න යන්නේ නැහැ. එම කරුණු පිළිනොගෙන, ප්‍රතික්‍ෂේපද නොකර බුදුරජාණන්වහන්සේ මුණගැසී එම ධර්ම කාරණා නිවැරදි කරගන්නවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, නිවන් මඟ ගමන් කරන පිංවතා, කාරණා හතකට…

    Read More

    විදර්ශනාවේ උච්චභාවය දැකීම.

    ප්‍රශ්නය :- ස්වාමීන් වහන්ස. එක් අවස්ථාවක ස්වාමීන් වහන්සේ නමක් ගමනක් වඩින කොට පාරේ අයිනේ වාහනයක් නතර කරලා තිබුණා. අළුත් වාහනයක්. ඒ වාහනය අනිත්‍ය වන හැටි වෙනස්වන හැටි මෙනෙහි කරමින්, අරමුණු කර කර ස්වාමීන් වහන්සේ ඉස්සරහට ගියා. ඒක දුර්වර්ණ වෙලා මලකඩ කාලා දිරාපත් වන හැටි හිත හිතා යන කොට එක් වරම වාහනය අතුරුදහන් වෙලා, ඒ වාහනය…

    Read More