ලෝකය අතහැර, ලෝකය තුළ ජීවත්වීම.

පිංවත ඔබ කැමතිද අනුනට උපකාරයක් කරන්නට. ඔබ කැමතිද අනුනට යහපතක් කරන්නට. පිංවත තමාගේත්, අනුනගේත්, යහපත අපේක්ෂා කරන පිංවතා අප්‍රමාදීව ධර්මයේමයි හැසිරිය යුත්තේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. යම් පිංවතෙක් විසිරුණු ඉරියව්වලින්, විසිරුණු වචනවලින්, අනුවණ හැසිරීම්වලින් ධර්මයේ ප්‍රමාදිවේ නම්, එම පිංවතා තමන් පමණක් නොව, අනුන්වද ධර්මයෙන් ප්‍රමාදිභාවයටමයි පත්කරන්නේ. පිංවත සිතුවිල්ලෙන්, සිතුවිල්ල තෙරුවන්ගේ ගුණයක්ම සිතලා. වචනයෙන්, වචනය,…

Read More

සීලයෙන් බැහැර වූ මනුශ්‍යයා රත් පැහැයට හුඟාක් කැමතීයි.

මනුෂ්‍ය සමාජයේ ජීවත්වන ශීලයෙන් බැහැර වූ මිනිස්සු රතු පැහැයට හරි කැමතිය. රුධිරය දකින්න රුධිරය විඳින්න හරි කැමතිය. මරණීය වේදනාවෙන් දඟලන සතෙකුගේ දිහා බලලා සතුටුවෙන්න හරිම කැමතියි. එම සතාගේ මරණීය අඳෝනාව අහලා මිහිරක් විඳින්න ඒ මනුෂ්‍යයින් කැමතියි. ඒ අය පදං වෙලා තියෙන්නේ අකුසලයට. කෙනෙක් බොදු ගීතයක්, ආදර ගීතයක් රසවිඳිනවා වගේ මේ අය අහිංසක තිරිසන් සතෙකුගේ මරණීය…

Read More

අපේ ශරීරයේ යථා ස්වාභාවය.

අපේ ස්වාමීන් වහන්ස, සතර මහා ධාතූන්ගෙන් ගොඩනැගුණු අපේ මේ ශරීරය දිහා තව තවත් ගැඹුරින් බලන විදිය අපට පහදා දෙන්න ස්වාමීන් වහන්ස අපි තිරිසන් ලෝක වලට වැටුන වෙලාවේ අපි ලැබුවා වූ ඒ සතර මහා ධාතුව, අපිි පේ‍්‍රත ලෝක වලට, අසුර ලෝක වලට, නිරයන්ට වැටුන වෙලාවේ අපි ලැබුවා වූ ඒ අතීත පටිච්චසමුප්පන්න සතර මහා ධාතුව පින්වතුනි මහ…

Read More

ගිහි ජීවිතය විනිවිද දකින්න.

පින්වත, මේ දවස්වල අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝ ගොඩාක් කාර්යබහුල වෙලා නේද? පින්වත, එක පැත්තකින් සංස්කාරයෝ විපාක දෙද්දී, තවත් පැත්තකින් සංස්කාරයෝ හරි, හරියට ප්‍රවර්ධනය වෙනවා. පින්වත, සංස්කාරයෝ දෙපැත්ත කමින් පෝෂණය වෙද්දී, සංස්කාරයෝ හේතුවෙන් සකස් වන විඤ්ඤාණය දවස ගානේ, අලුත්, අලුත් විඤ්ඤාණයේ මැජික් සන්දර්ශන සමාජගත කරනවා. පින්වත, මිනී මරා ගැනීම්, අත්අඩංගුවට ගැනීම්, නිදහස් කිරීම්, මේ සෑම…

Read More

කායානුපස්සනාවේ අරුත නොදැක්කහොත් අපත් තිරිසන් සත්ත්වයාත් එකම තැනකය.

කායානුපස්‌සනාව – 03. කායානුපස්‌සනාව වැඩීමේදී, නැවත නැවත පුහුණුවීමේදී ආශ්වාදය කියන මාරධර්මය ගැන ඔබ හොඳින් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. රූපයේ අනිත්‍ය, දුක්‌ඛ, අනාත්මභාවය වැඩීම නිසාම පිංවත් ඔබ අත්දකින අනිත්‍යභාවය කෙරෙහි සියුම් ආශ්වාදයක්‌ ඔබ තුළ ඇතිවෙන්න පුළුවන්. එම නිසා පිංවත් ඔබ තුළ සකස්‌වෙන රූපය කෙරෙහි අසුබ, පිළිකුල් සිත්ද අනිත්‍ය වශයෙන් දැකීමට ඔබ දක්‍ෂ වියයුතුයි. ඒ විතරක්‌ නෙවෙයි අනිත්‍ය…

Read More

ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක් නේ ද?

පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ…

Read More

පටිච්චසමුප්පාද යන්නෙහි තේරුම.

ගින්න නිසා දුම ඇතිවන්නක් මෙන්ද ගස නිසා ගෙඩිය ඇති වන්නාක් මෙන්ද තමා නිසා පෙර නොතිබූ අන් දෙයක් ඇති වීමට හේතු වන්නා වූ දෙයට හෙවත් ධර්මයට “පටිච්චසමුප්පාදය” යි කියනු ලැබේ. අවිද්‍යාව ඇති කල්හි ඒ අවිද්‍යාව නිසා පුණ්‍යාභි සංස්කාරාදී ත්‍රිවිධ සංස්කාරයෝ හටගනිති. එබැවින් සංස්කාරයන්ට හේතු වූ අවිද්‍යාව පටිච්චසමුප්පාදයකි. අවිද්‍යාව නිසා හටගන්නා වූ සංස්කාරයන් නිසාද විඥානය ඇතිවේ. එබැවින්…

Read More

ලෝකය විනිවිද දැකිය හැකි සමාධිමත් සිත.

අද කළුවර පොහොය දවස, ගිම්හාන සෘතුවේ පණ්ණරසි පොහොය. මේ සඳ නැති කලුවර රාත‍්‍රියේ, භික්ෂුව කුටියේ සිට තනිවම අධිෂ්ඨාන පොහොය සිදුකරලා, පිරිසිදු භික්ෂු ජීවිතයක හෘදසාක්ෂියෙන් උපන්, විදර්ශනාමය ප‍්‍රීතිය සහ ඵස්සද්ධිය තුළ සිටිමිනුයි, පිංවත් ඔබට මේ සටහන තබන්නේ. සඳ නැති කළුවර රාත‍්‍රිය, මුළු කැලෑ පරිසරයම ඝණ අන්ධකාරයෙන් ගිලගත්තත්, ඒ ඝන අඳුරේ භික්ෂුවගේ සිත, සප්තබොජ්ඣංගයන්ගෙන් ආලෝකමත්වයි තිබෙන්නේ. අද…

Read More

වෙසක් සදේ සිරිය මැදින් කළු වලාවේ යථාර්ථයත් දකී නම්.!

අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්ත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට, දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලුම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියල තම පිරිනිවීමත් උතුම් මමගල්‍යයක් බවට ම පත්කොට ගත් දවස. ලොව්තුරා…

Read More

මැතිවරණයක සැඟවුණු මාරධර්ම – II

බුදුරජාණන් වහන්සේ පිරිනීවී ගොස්‌ වසර 2500 ක්‌ ගිය තැනදී ජීවමාන බුදුරජාණන්වහන්සේ හැටියට දැකලා සිත පහදාගෙන වඳින්න පුදන්න යම් පූජනීය වස්‌තූන්ගෙන් පිරි බිම්කඩක්‌ මේ ලෝකධාතුව තුළ තිබෙනවා නම්, ඒ ශ්‍රී මහා බෝධීන් වහන්සේ, ස්‌වර්ණමාලි සෑ සමිඳුන් වහන්සේ, දන්ත ධාතූන් වහන්සේ, ශ්‍රීපාදයන් වහන්සේ, ථූපාරාම සෑ සමිඳුන් වහන්සේ, සෝමාවාතී සෑ සමිඳුන් වහන්සේ ඇතුළු පූජනීය වස්‌තුන්ගෙන් පූජිත මේ උතුම්…

Read More