එකිනෙක ඈඳුණු ගුණයන්ගෙන් ඒ ආර්ය සංඝරත්නය බබළන සේක.

සංඝානුස්සතිය – 10. සෝවාන් ඵලය, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵල ඤාණයන් සකස්‌කර ගත් මහා සංඝරත්නය ඤායපටිපන්න ගුණයෙන් යුක්‌තවෙනවා. මහා සංඝරත්නයේ ඤායපටිපන්න ගුණය නිසාම උතුම් සංඝරත්නය සාමීචිපටිපන්න ගුණයට හිමිකම් කියනවා. මේවා හේතුඵල ධර්මයන්. යම් භික්‍ෂුවක්‌ තුළ සාමීචිපටිපන්න ගුණය නැතිනම්, ඒ කියන්නේ සංසාර බිය නැතිනම් අකුසලය දුරුකර කුසලය මතු කරගැනීමට වුවමනාවක්‌ නැතිනම්, එම භික්‍ෂුව තුළ උජුපටිපන්න ගුණය ඒ…

Read More

දානයේ ආනිසංශ බෞද්ධ අබෞද්ධ කාටත් පොදුයි.!

බෞද්ධ වේවා, අබෞද්ධ වේවා, පින්වතුන්ලා දන් දෙන්න ගොඩක් කැමතියි. බෞද්ධ පින්වතුන් සම්මා දිට්ඨියේ අර්ථයෙන් පෝෂණය වූ සිතින්, දන් පූජාකරන අතර අබෞද්ධ පින්වතුන් දන් දෙන්නේ සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් බැහැරවයි. දානයෙන් ලැබෙන ආනිසංශ බෞද්ධ අබෞද්ධ කියලා වෙනසක් නැහැ. සම්මා දිට්ඨියේ අර්ථයන්ගෙන් පෝෂණය වූ දානය පින්වත් ඔබට සම්මා දිට්ඨියට අදාළ දිව්‍ය මනුෂ්‍ය සැපයන්ට ඔබව ඔසවා තබන අතර සම්මා…

Read More

මෝර පරිත්තය.

• මෙය සොර සතුරන්ට හසු නොවී විසීම සඳහා භාවිතයට සුදුසු පිරිතකි. මිල මුදල් වටිනා බඩු ඇතිව වෙළඳාම් ආදිය පිණිස පිට පලාත්වල හැසිරෙන අයට ආරක්ෂාව සඳහා භාවිතයට මෙය යෝග්‍ය ය. “බෝසතාණන් වහන්සේ රණමොනරව සිටි කාලයේ සතුරන්ට අසු නො වීම සඳහා මේ පිරිත භාවිත කළ බවත්, පිරිත කියන්නට අමතක වූ දිනයේ සතුරාගේ උගුලට අසු වූ බවත් කියා…

Read More

අභිගුණ්ඨක හාමුදුරුවො කියන යෙදුම මට අපූරුවට ගැලපුණි.

පැවිදිවෙලා හරියටම මාස දෙකහමාරකට පස්‌සේ පොරොන්දු වූ පරිදි නායක ස්‌වාමීන්වහන්සේගෙන් අවසර අරගෙන මම හුදෙකලා වනගත ජීවිතයට යොමුවුණා. ඒ කාලය ත්‍රස්‌තවාදී කටයුතු රටේ බහුලව තිබුණු කාලයක්‌. ජාතික හැඳුනුම්පත නොමැතිව බස්‌රථයක යන්න පුළුවන් කමක්‌ තිබුණේ නැහැ. ජාතික හැඳුනුම්පතක අවශ්‍යතාව ඉටුකරගන්න භික්‍ෂුව මුලින්ම උපන් ගමට පැමිණියා. හැමෝම භික්‍ෂුවගෙන් ඇහුවේ ‘ඔබ වහන්සේ කොයි ආරණ්‍යයේද වැඩ සිටින්නේ ?’ කියලා. මට…

Read More

අවිද්‍යාව නිසා සංසාර රැස් කරගැනීම.

සද්ධර්මයේ ළදරු භාවයන් තුළ අප පසුවෙන නිසාම, අවිද්‍යාව අපිව නිරතුරුවම රවට්ටනවා. සැප සොයාගෙන අපි තෘෂ්ණාව පසුපස දුවන්නේ කොරොනා වැළඳුනු රෝගියෙක් දැක, දුවන නිරෝගී මනුෂ්‍යයෙක් වගේ, බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, විඤ්ඤාණය කියන්නේ මැජික් කරුවෙක්ය කියලා, විඤ්ඤාණය කියන්නේ මායාවක්ය කියලා. තරුණ පිංවතෙක් භික්ෂුවට ප‍්‍රශ්නයක් යොමු කළා, විඤ්ඤාණයට ඇයි මැජික්කරුවෙක්ය කියලා කියන්නේ කියලා. විඤ්ඤාණයට ඇයි මායාවක්ය කියන්නෙ කියලා….

Read More

කරණීය මෙත්ත සුත්‍රය(මෛත්‍රී සුත්‍රය).

කරණීයමත්ථකුසලේන යං තං සන්තං පදං අභිසමෙච්ච සක්කෝ උජූ ච සූජූ ච සුවචෝ චස්ස මුදු අනතිමානී යම් ශාන්ත වූ ඒ අමා නිවන් සුවයක් වේද, එය ලබාගන්නට කැමැති දක්ෂ කෙනාට ඒ ගැන කුසලතා තියෙන්න ඕන. ඍජුකම තියෙන්න ඕන. වඩාත් ඍජු වෙන්න ඕන. ඒ වගේම ධාර්මික අවවාද අනුශාසනාවලට කීකරු වෙන්න ඕන. මෘදු මොළොක් වෙන්න ඕන. නිහතමානී වෙන්න ඕන….

Read More

ඔබත් සොබාදහමත් අතර වෙනසක් නොතබන්න.

මේ මුළු ලෝක ධාතුව තුළම, වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම නිදහස තිබෙන්නේ කොතැනද කියා ඇසුවොත් දෙවරක්‌ නොසිතා එම ප්‍රශ්නයට දිය හැකි පිළිතුර අරහත් උත්තමයකු තුළ බවයි. රහතන් වහන්සේ යනු නිදහසේ ප්‍රතිබිම්බයයි. රහතන් වහන්සේගේ සිත සුදු පිරුවටයක්‌ සේය. එහි ඉඳිකටු තුඩක තරම්වත් කිළුටක්‌ නොමැත. රහතන් වහන්සේ වර්තමානය තුළ සිටිමින් එම සුදු පිරුවටයේ චිත්‍ර අඳී. ඒවා ඒ මොහොතේම මැකී…

Read More

අකුසල පිරි ගෙවී යන වසරට සමුදෙමු.!

අනාගත රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ ධර්මයන් කෙරෙහි, ඇතෙක් බරට බලාපොරොත්තු පොදි බැඳගෙන, අද හෙටම තවත් අලූත් අවුරුද්දක් උදාවෙනවා. දෙසැම්බර් 31 වැනිදා රාත‍්‍රී පුපුරා යෑමට නියමිත රතිඤ්ඤා හඬේ දෝංකාරය, අපේ අනාගත බලාපොරොත්තුවල තරම, නොසඟවා ප‍්‍රකාශ කරාවි. සත්‍යකින්ම උදාවෙන අලූත් අවුරුද්දේ අපි අලූත් බලාපොරොත්තු ඇති කොටගත යුතුයි. ලබන්නා වූ අලූත් අවුරුද්දේ අපිට පුළුවන් නම්, තවදුරටත් දිය…

Read More

උපන් දිනය දවසේ මුලින්ම හිතන්න ඇයි මම ඉපදුණේ කියලා.

ආනන්ද මහෝත්තමයන් වහන්සේ මේ කය තෘෂ්ණාවෙන් වැඩුණාය කියලා කියන්නේ පිංවත් ඔබ යම් දවසක උතුම් රහත්ඵල අවබෝධය ලැබුවොත් ඔබ සතර මහා ධාතුවෙන් සැදුන අධ්‍යාත්මික රූපයන්, බාහිර රූපයන්, අධ්‍යාත්මික රූපයට බැසගත්තා වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, අනිත්‍ය වූ ධර්මතාවන් බව අවබෝධකොටගන්නවා. ඒ නිසාම එම රහතන්වහන්සේ පස්සය තෘෂ්ණාවෙන් තෙත් කරන්නේ නැහැ. මන්ද එම රහතන්වහන්සේ තෘෂ්ණාව නිරෝධය කරලයි වැඩසිටින්නේ. ඒ නිසාම…

Read More

දෙවියනුත් පීඩාවට පත්වෙද්දී, මනුශ්‍යයෝ ගැන කුමන කථා ද?

ඉහත සූත්‍රය භික්ෂූව සටහන් කළේ දෙවියන් හා දිව්‍යතල අවදානමට ලක්වෙන අවස්ථාවක් ගැන සඳහන් කරන්න. මේ සූත්‍රයේ සඳහන් වෙනවා, දිව්‍යතලවල දෙවියන් සතුටුවන කාමාස්වාදය විඳින පංචමහා විල් සිඳිලා යනවා කියලා. මහාමේරු පර්වතයේ මුදුනත දිව්‍යතලවලට උස නිසා මහාමේරු පර්වතය අවුරුදු සියයක් දහසක් දුම් දමන කොට එම දුමෙන් දිව්‍යතල වැසියන් පීඩාවට පත් වෙන්න ඕනේ. ඉහත සූත්‍රයේදී සත්වෙනි ඉර පායලා…

Read More