අෂ්ටලෝක ධර්මය.

ලාභය – අලාභය – යසසය – අයසසය – නින්දාවය – ප්‍ර‍ශංසාවය – සැපය – දුකය කියා ලෝකස්වභාව අටක් ඇත්තේ ය. එයට ‘අෂ්ටලෝකධර්මය’ යි කියනු ලැබේ. එහි ‘යසසය’ යනු පිරිස ඇති බව ය. අයසසය යනු පිරිස නැති වීම ය. තනිවීම ය. ලෝකයෙහි ගිහි පැවිි කිසිවකුට සෑම කල්හි ම එක් තත්ත්වයකින් සිටින්නට නො ලැබේ. ලාභාලාභාදි සියල්ල ම…

Read More

අනාගතයේ ප්‍රණීත ආහාරයන් ලෝකයෙන් අතුරුදන් වන්නේ ඇයි?

මේ ලෝක ධාතුවේ සැපය කියන්නේ හරිම දුර්ලභ දෙයක්. සැපය දුර්ලභ නිසාම, අපි සැප විඳිනකොට, සැපය දුර්ලභ ධර්මතාවයක්ය කියලා අපිට සිතෙන්නේම නැහැ. සැපය භුක්ති විඳිද්දි අපි ළඟ සිටින්නේ කාමයේ සහ රූපයේ ආශ්වාදය පමණක්මයි. පින්වත් ඔබ ආහාරයට අදාළව ඔබ තුළ සකස්වෙන සැපය ගැන මොහොතක් හිතන්නකෝ. ප්‍රණීත ආහාරයන්ගෙන් පිරිච්ච තරු පංතියේ හෝටලයක කෑම මේසය, ප්‍රණීත ආහාරයන්ගෙන් පිරී ගිය…

Read More

කඳුළු සාගරයක වූව පැදිය ‍යුතු ඔරුව.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින කියන්නේ සැපයට කියන තවත් නමක්ය කියලා. යම් පිංවතෙක් සැපයෙන් නම් ජීවත් වෙන්නේ එ් පින නිසාමයි. ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සැබෑම සම්මා පින අයිතිවන්නේ, උතුම් සම්මා දිට්ඨියේ පටන් සම්මා ආජීවෝ දක්වා, මාර්ග අංග පහකින් පෝෂණය වූ සම්මා වායාමයන්ටයි. සැබෑම අර්ථවත් සම්මා වායාමයන් තුළ, ලෞකික ප‍්‍රඥාවත්, ආජීව අට්ඨමක ශීලයේ ශක්තියත් හොඳින්ම මුහුවෙලා තිබෙන්නට…

Read More

ඔබේ ලොකුම තරහකාරයා කවරෙක්ද?

පින්වත, වෛරය ජය ගන්න පුළුවන් අවෛරයෙන් මයි. පින්වත, කර්මය කර්මඵල විශ්වාසය නොහඳුනන පින්වතුන් වෛරය, වෛරයෙන් ම ජය ගන්න උත්සාහ කරනවා. පින්වත, වෛරයේත් කෙටි ආස්වාදයක් තිබෙනවා. පින්වත, වෛරයේ කෙටි ආස්වාදයට ඔබේ හදවතින් අත්පොළසන් ලැබෙන බව ඇත්ත. එහෙත් වෛරයේ දීර්ඝ ආදීනවයෝ මෙලොව සහ පරලොව යන දෙකම දුකේ විකෘතියක් බවට ම පත් කොට දෙනවා. පින්වත, ප්‍රේත ලෝකයේ ජීවත්…

Read More

සාධුකාර හඬ ඉදිරියේ ආශ්වාදයෙන් අන්ධ නොවන්න.

පිංවත තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව යැයි කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධනය යැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. යම් පිංවතෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක, දුක හැටියට දැකලා, මේ දුකට හේතුව තෘෂ්ණාව යැයි දැකලා, දුක නැති කිරීමට නම්, තෘෂ්ණාව තමා තුළින් නැතිකළ යුතුයි කියලා දැකලා, දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන්…

Read More

සැබෑ සතුරා ඔබ තුළින්ම හඳුනා ගන්න.

පින්වත, මහ දවාලේ දැක්ක පාට, පාට සිහින, රාත්‍රියේ මහා වැස්සට සේදී ගිය හැටි සිහිනුවණින් දකිද්දී, “සියලු සංස්කාරයෝ අනිත්‍යයි” කියන අර්ථය හැර, වෙන කිනම් අර්ථයක් පංච උපාදානස්කන්ධ ලෝකය තුළ නිත්‍ය වෙන්න ද? පින්වත, මනුෂ්‍යත්වයේ දෑතකින් ඔබට දිගු කරන ආහාර පාර්සලයක, වතුර බෝතලයක, වියළි සලාකයක, කරුණාව, මෛත්‍රිය සැඟවී තිබුණත්, සාගින්නෙන්, පිපාසයෙන්, අහිමි වීමෙන් රිදුම් දෙන සිතින් සියලු…

Read More

උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ වැඩ සිටිනවා ද?

භික්ෂුවට මුණගැසුන මහත්මයෙක් ප්‍රකාශ කළා ‘හාමුදුරුවනේ ධර්මය සන්දිට්ඨිකව පවතින වර්තමානයේ එර්දි ප්‍රාතිහාරය්‍ය සහිත මහරහතන්වහන්සේලා ලෝකයේ වැඩ ඉන්නවාද’ කියලා. මේ මහත්මයා අහන්නේ උභතෝභාගවිමුක්ත රහතන්වහන්සේලා ලෝකයේ මේ මොහොතේ වැඩ සිටිනවාද කියලා. උපසම්පදා ස්වාමීන්වහන්සේලා ප්‍රාතිමෝක්ෂ ශීලය දිවිහිමියෙන් ආරක්‍ෂාකොට ගෙන සද්ධර්මයේ සන්දිට්ඨික ගුණය ආරක්‍ෂාකොට ගෙන තිබෙනතාක් රහතන්වහන්සේලාගෙන් මාර්ගඵලලාභී උතුමන්ගෙන් ලෝකය හිස් නොවේය කියලා ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. එහෙම නම්…

Read More

සතිපට්‌ඨාන ධර්මයට අදාළව වේදනානුපස්‌සනාව වඩමු.

භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්‌, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්‌. අනුන්ගේ සැප දුක්‌ බලෙන් ගත්ත කෙනෙක්‌. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක්‌ වේදනාවන් ප්‍රතික්‍ෂේප කරමින් යනවිට, භික්‍ෂුව සැප දුක්‌ වේදනා සොයාගිය කෙනෙක්‌. භික්‍ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්‌සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්‌කේ, රූපය ඇසුරින් දුක්‌ සැප වේදනාවන් තුළට…

Read More

භාවනාව සක්කාය දිට්ඨියට හොඳ ආහාරයක්.

පිංවත, සද්ධර්මයේ ඇසෙන් ලෝකය දෙස දකිද්දී, ලෝකය හරිම පහසුයි. ලෝකය හරිම සරලයි. පිංවත, සද්ධර්මයේ මුදුන් මුල වෙන්නේ සප්ත බොජ්ඣඬ්ඟ ධර්මයෝ. පිංවත, අධර්මයේ මුදුන් මුල වෙන්නේ පංච නීවරණ ධර්මයෝමයි. යම් ජීවිතයක කාමච්ඡන්ද, ව්‍යාපාද, ථිනමිද්ධ, විසිරුණු සිතුවිලි, විචිකිච්ඡාව තිබෙනවා නම්, ඒ ජීවිතය අවිද්‍යාව දිශාවටම නැමුණු, අධර්මයට බරවුණු ජීවිතයක්. යම් ජීවිතයක් දුක කෙරෙහි, දුකට හේතුව තෘෂ්ණාව කෙරෙහි සතිය…

Read More

සත්වන තථාගත බලය.

(ධ්‍යානාදීන්ගේ සංක්ලේශාදිය දන්නා නුවණ.) ‘පුන ච පරං සාරිපුත්ත තථාගතෝ ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තිතං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති. යම්පි සාරිපුත්ත තථාගතො ක්‍ධාන විමොක්ඛ සමාධි සමාපත්තීනං සංකිලෙසං වොදානං වුට්ඨානං යථාභූතං පජානාති ඉදම්පි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලං හොති, යං බලං ආගම්ම තථාගතො ආසහං ඨානං පටිජානාති. පරිසාසු සීහනාදං නදති. බ්‍රහ්මචක්කං පවත්තෙති.’ ප්‍රථමධ්‍යානාදි ධ්‍යානයන්ගේ ද රූපී රූපානි පස්සති යනාදින් දේශිත…

Read More