අප්‍රමාදීභාවයෙන් අප්‍රමාදයේ වියරුව සහ විකෘතිය පරාජය කිරීම.

අද අසිරිමත් වෙසක් පසළොස්වක පොහොය දවස, මේ ලෝක ධාතුවට ශ්‍රේෂ්ඨතම උත්තමයෙක් ඉපදුණු දවස, බියෙන් තැතිගත් සත්වයන්ට මිථ්‍යාදෘෂ්ටියේ දුකෙන් තැතිගත් සත්ත්වයන්ට බියෙන් මිදෙන්නට දුකෙන් මිදෙන්නට උතුම් ධර්ම මාර්ගය දේශනා කොට වදාළ දවස. මේ ලෝකධාතුවට ශ්‍රේෂ්ඨම උත්තමයෙක් බිහිකරන්නට හේතු වූ සියලූම සංස්කාර ධර්මයන් අනිත්‍යයි, දුක්ඛයි, අනාත්මයි කියලා තම පිරිනිවීමත් උතුම් මංගල්‍යයක් බවටම පත්කොටගත් දවස. ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ උතුම්…

Read More

පිංවත් ඔබත් විවේකීව සිතන්න…

සිත නැවතිලා. ඇසට රූප පේනවා. කනට ශබ්ද ඇසෙනවා. ඒත් ඒවා නිසා විතර්ක සකස්‌ වෙන්නේ නැහැ. දැස්‌ ඇරගෙන සිටින්නේ. පරිසරය පෙනෙන්නේ නැවතිලා තියෙනවා වාගේ. දැස්‌ වසාගනිද්දී පරිසරය මැකී යනවා. එතැනදී හිස්‌ බවක්‌ පෙනෙන්නේ. කාලය ගලාගෙන යනවා. සංස්‌කාර ගෙවීගෙන යනවා. වන පෙතේ දැඩි නිහඬතාවය නිහඬ සිත තව තවත් නිවා දමනවා. අරමුණක්‌ නැහැ. බලාපොරොත්තුවක්‌ තිබෙනවා. ඒ මරණය. කාගේවත්…

Read More

යොදුන් 168,000ක්‌ විශාල මහාමේරුවේ ගිනිගැනීමෙන් අළුදූවිලි වන ලෝකය නැවත බිහිවීමද ධර්මතාවක්‌මයි.

පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්‌, උසස්‌ අධ්‍යාපනයක්‌, උසස්‌ වෘත්තියක්‌, ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. භවයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌, බ්‍රහ්මයෙක්‌, පසුව සතර අපායේ සත්වයෙක්‌ ලෙස ඉපදුණේ අතීත සංස්‌කාරයන්ට අදාළව උපාදාන පච්චයා භවය කියන ධර්මතාවන්ට අනුවයි. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයයි. සංස්‌කාර නිරෝධය නොකළ සෑම සත්වයෙක්‌ම මරණයෙන් පසුව නැවත ඉපදීම ධර්මතාවයක්‌. නමුත්…

Read More

අවබෝධය යනු නිහඬතාවක් මිස සටන් පාඨයක් නොවේ.

පිංවත් ඔබ ආර්යඅෂ්ඨාංගික මාර්ගය උදෙසා ජීවිතය මරණයට දමලා බුදුරජාණන් වහන්සේව දකින්න. බුදුරජාණන් වහන්සේ දකිද්දී නැවත ඔබට ජීවිතය ලැබෙනවා. එම නිසා මේ උතුම් වර්තමානය අහිමිකරගන්න එපා. මේ උතුම් ධර්මශක්‌තිය බිඳින්න, අවසන් කර දක්‌වන්න මාර ධර්මයන් තදින්ම ක්‍රියාත්මක වෙනවා. ධර්මධර විනයධර ස්‌වාමීන් වහන්සේලා සශ්‍රික සිව්පසයට, ලාභසත්කාර, කීර්ති ප්‍රශංසාවලට කොටු කර විනාශ කර ඔවුන් ලවා විකෘති ධර්මයන් දේශනා…

Read More

විඤ්ඤාණයේ මායාවට නොරැවටෙන්න.

පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයේ අර්ථයන් නොසලකා හරිමින් සමාජ මාධ්‍යය නමැති මාර ධර්මය භාවිතයට ගැනීමෙන්, පැවිදි අපේ භව භෝග සම්පත් වන උතුම් සුපටිපන්න, උජුපටිපන්න, ඥායපටිපන්න, සාමීචිපටිපන්න ගුණයන් පිරිහීමට පත් වෙන්න පුළුවන්. පින්වත, පැවිදි අපි සමාජ මාධ්‍ය ජාලා පරිහරණය කළ යුත්තේ උතුම් චතුරාර්ය සත්‍යය ධර්මයෝ සමාජගත කිරීමට මිස, සංඝ සමාජයට ම හානි කරන මිච්ඡා වාචාවන් උදෙසා නම්…

Read More

සාධුකාර හඬ ඉදිරියේ ආශ්වාදයෙන් අන්ධ නොවන්න.

පිංවත තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව යැයි කියලා කියන්නේ මේ ලෝක ධාතුවේ ශ්‍රේෂ්ඨම ධනය යැයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. යම් පිංවතෙක් ජාති, ජරා, ව්‍යාධි, මරණ දුක, දුක හැටියට දැකලා, මේ දුකට හේතුව තෘෂ්ණාව යැයි දැකලා, දුක නැති කිරීමට නම්, තෘෂ්ණාව තමා තුළින් නැතිකළ යුතුයි කියලා දැකලා, දුක නැති කිරීමේ මාර්ගය වන ආර්ය අෂ්ටාංගික මාර්ගය තුළ ගමන්…

Read More

සැබෑ සුවපත්භාවය, නිරෝගිභාවය කුසල් සංස්කාරයන් තුලමයී සැගවී තිබෙන්නේ.

කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලයේ මනුෂ්‍යාගේ ආයුෂ අවුරුදු විසිදාහයි, මේ කාලයේ ජිවත්වෙච්ච මනුෂ්‍යයින් පීඩාවන් පහකට පමණයි මුහුණ දෙන්න සිද්ධ වුනේ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. හිරු එළිය හේතුවෙන්, ශිතල හේතුවෙන්, කුසගින්න හේතුවෙන්, පිපාසය හේතුවෙන්, දරු ප‍්‍රසුතිය හේතුවෙන් ඇති වෙන්නා වූ දුක් පහට පමණයි. එදා මනුෂ්‍යයෝ මුහුණදුන්නේ. වර්තමානයේ වගේ සියගණන් ලෙඩ රෝග පාරිසරික දුෂණ යුධමය ප‍්‍රශ්න එදා…

Read More

මොකක්ද මේ වැසි සළු පූජාව?

උතුම් වස්සාන කාලය තව සතියකින් උදාවෙනවා. සෑම වසරකම උදාවෙන වස් කාලය බෞද්ධ ඔබට මට ඉතාමත්ම පින්බර කාලවකවානුවක් වෙනවා. වස් කාලයේ ආරම්භය සනිටුහන් වන්නේ ගිහි අප විසින් මහා සංඝරත්නය උදෙසා පෙර වස් සමාදන්වීමට සිදුකරනා ආරාධනාවත් සමඟින්. මෙහිදී ගිහි අප විසින් මහා සංඝරත්නයට වැසි සළුවක් පූජා කිරීම සිදුකරමින් වස් සමාදන්ව අදාල ස්ථානයේ වස් තුන් මාසය වැඩ වසන…

Read More

විභාගයට යන දරුවා නියම ජයග්‍රාහකයෙක් කරන මඟ.!

පහේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස්‌ පෙළ විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. තරග විභාග මානසිකත්වය නිසා තම දරුවන් මෙම විභාගයෙන් සමත් කරවන්නට දෙමවුපියන් නොකරන දෙයක්‌ නොමැති තරම්. නැකත් බලමින්, යන්ත්‍ර මන්ත්‍ර පළඳවමින්, දේවාල ගානේ ගොස්‌ පූජා තබමින් තම දරුවන් විභාගයෙන් සමත් කරවීම සඳහා දෙමවුපියන් කටයුතු කරන බව පෙනෙනවා. මෙවැනි මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් වෙනුවට මෙම පිරිස වෙත ධර්ම මාර්ගයෙන්…

Read More

ලොව්තුරා බුදුරජාණන්වහන්සේනමක්‌, උතුම් සම්මා සම්බෝධිය සාක්‍ෂාත්කොටගැනීමේ අවසාන පරමාර්ථය.

කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද? සාරිපුත්ත මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා ‘භාග්‍යවතුන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ නමැති උතුම් කළ්‍යාණ මිත්‍රයා පිරිනිවන්පෑවාය කියන කාරණය ඇසූ මට දිශාවක්‌ නොපෙනී ගියා. මට මොකුත්ම සිතාගන්න බැරිව ගියා. මාව අප්‍රානික වෙලා ගියා කියලා. ඇයි ආනන්ද ස්‌වාමීන්වහන්සේට…

Read More