සද්ධර්මයේ අර්ථයන් ජීවිතයට එකතු කර ගන්න.

පිංවත අවිද්‍යාවේ දොර ජනෙල් වසාගෙන ජීවත් වෙන්න එපා. සද්ධර්මයේ ඒහිපස්සික සිසිල් සුළං ඔබේ ජීවිතයට නො වදීවි. අවිද්‍යාවේ දොර ජනෙල් විවෘත කොට තබන්න, එවිට විද්‍යාවේ ආලෝකය වන චතුරාර්ය සත්‍යය දැක්මෙන් ඔබේ ජීවිතය ආලෝකවත් වේවි. පිංවත ඔබේ නිවසේ විදුලි බුබුළු සියයක් දැල්වුණත්, ඔබ අකුසල් වඩනවා නම්, එම විදුලි ආලෝකයට ඔබේ ජීවිතය ආලෝකවත් කරන්න බැහැ. ඝනාන්ධකාර රාත්‍රියක දී…

Read More

මෙසේ දකින්න! පුද්ගල සංඥාවෙන් මිදෙන්න!

පිංවතුනි ආයතන වශයෙන් මේ කය වෙන්කර දකින්න පුළුවන්. කුමක්‌ හේතුවෙන්ද ඇස, කන, නාසය, දිව, කය, මනස සකස්‌ වුණේ නාමරූප ධර්මයන් නිසා. කුමක්‌ නිරෝධය කළොත්ද නාමරූප නිරෝධය සිද්ධවෙන්නේ? අවිද්‍යාව නිරෝධයෙන්, සංස්‌කාරයන්ගේ විඤ්ඤාණයේ නිරෝධයෙන් නාමරූප නිරෝධය සිද්ධවෙනවා. නාමරූප නිරෝධය හේතුවෙනුයි සලායතන නිරෝධය සිද්ධවෙන්නේ. අපි එක පාරටම නාමරූප නිරෝධය සලායතන නිරෝධය කියල ගත්තොත් සමහරවිටක අපි භාවනාවේදී රැවටෙන්න පුළුවන්….

Read More

කාමයන්ගේ ආදීනව.

පින්වතනේ, පින්වත් දරුවනේ, ජීවිතයේ බොහෝ ආරවුල්, අර්බුද, ගැටළු හටගන්නේ ඉන්ද්රියයන් අසංවර වීමෙනුයි. ඉන්ද්රිය සංවර නොකර ගැනීමෙන් #පැවිදි #ජීවිතය පවා අසාර්ථක වෙනවා.තේලපත්ත ජාතක කතාවේ තියෙන්නේ එවන් විස්තරයක් . එක්තරා කාලයක අපගේ භාග්යවතුන් වහන්සේ සුම්භ නමැති රටෙහි සේතක නම් නියම්ගම ඇසුරු කොට වනාන්තරයක වැඩ වාසය කළා. එහි දී භාග්යවතුන් වහන්සේ කායානුපස්සනා භාවනාවෙන් භික්ෂූන් වහන්සේලා කටයුතු කළ යුතු…

Read More

රූපය ඉදිරියේ වහලෙක් නොවී, නිහඩ උපක්‍රමශීලී ගවේශකයෙක් වෙන්න.

පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්‌මවා ශරීරය ඉස්‌මතු කර පෙන්වන ඇඳුමක්‌ ඇඳගෙන ප්‍රසිද්ධ ස්‌ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස්‌ කරගෙන ආස්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඔබේ ඉන්ද්‍රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක්‌ සලස්‌වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්‍රිය අසංවරභාවය…

Read More

කෙටි ආස්වාදයේ සුරපුරය !

පින්වත, අවිද්‍යාව පංච නීවරණයන්ගෙන් සහ තෘෂ්ණාවෙන් පණ ලබන නිසා ම, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාර සහ සංස්කාර හේතුවෙන් සකස් වන විඤ්ඤාණය හෙවත් දැනීම් කියන ධර්මතාවය, සත්ත්වයාගේ හරිම සංකීර්ණයි, විවිධයි. පින්වත, උතුම් ප්‍රාතිමෝක්‍ෂ ශීලයෙන් හික්මෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා කාම, රාගයෝ දෙපැත්ත කැපෙන මුවහත් පිහියක් සේ දකිද්දී, වර්ණය, සැපය, බලයෙන් මොනවට පෝෂණය වූ අතීත රජවරු, කාම, රාගයෝ…

Read More

දානපතියකු වන්නේ කෙසේද?

දානපතියකු වන්නේ කෙසේ ද ? ——————————————- ‘දානපති’ යන්න සාමාන්‍ය ව්‍යවහාරයේදී බොහෝ විට යෙදෙන්නේ, මහා පරිමාණයෙන් දන් දෙන, ප්‍රසිද්ධ පුද්ගලයින් විෂයෙහිය. මේ නිසාම ධනවත් බව යන්න දානපතියකු වීමේ ප්‍රධාන මිනුමක් බවට ද පත්ව තිබේ. නමුත් තථාගත ධර්මයෙහි මේ සම්බන්ධයෙන් යෙදෙන්නේ වෙනත් අර්ථකථනයකි. දන් දෙන ක්‍රමය අනුව දායකයින් කොටස් තුනකට බෙදේ. 1. දාන දාස 2. දාන සහාය…

Read More

අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත්‍රෙය මහනාහිමියන්ගේ චරිතාපදානයෙන් ජීවිතයට…

දැන් මගේ වයස අනුහත ඉවර වේගෙන යනවා. අගෝස්තු මාසය වන විට අනුඅට ලබනවා. මගේ ශරීර සෞඛ්‍යටත්, ආයුෂ දික්වීමටත් හේතුව පුදුමයක් නොවෙයි. (1993-04-08 වන දින) අල්පායුෂව ඉපදී නැත්නම් හැම අයකුටම තම ආයුෂ දික්කර ගන්න පුළුවන්, ඒ පිළිබඳව මනා පැවතීමෙන්. “වයසට ගියත් මහළු නොවෙන හාමුදුරුවෝ” කියල මා ගැන කිව්වේ මට තාමත් ශරීර ශක්තිය හොඳට තියෙන නිසා වෙන්නැති…

Read More

පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි සත්වයා ඇති කොටගන්නා වූ තෘෂ්ණාවේ ඵලය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයට. සත්වයා නිදහස්‌ වුණොත් නිදහස්‌ වෙන්නේ පංචඋපාදානස්‌කන්ධයෙන්මය’ කියලා. භවයට සත්ත්වයාව බැඳ තබන පංචඋපාදානස්‌කන්ධය මාරයා හැටියටත්, භවයෙන් නිදහස්‌ වීම පංචඋපාදානස්‌කන්ධ මාරයාගෙන් නිදහස්‌ වීම කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, මමත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌ කල්ප විනාශයන් දස දහස්‌ ගණනක්‌ පසුකරමින් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ අතපසු කොටගනිමින් පැමිණි…

Read More

සප්ත බොජ්ඣංගයන්ගෙන් හැදෙන වෙසක් කූඩුව.

පින්වත, වෙසක් පුර පසළොස්වක සඳවතිය, වෙසක් දවසේ ලස්සනට, ප්‍රභාෂ්වරව පායන්න, මේ දවස්වල ආකාශයේ රාත්‍රියට හැඩවැඩ වෙනවා නේද? පින්වත් ඔබේ කුටියේ ජනෙල් කවුළුවෙන්, රාත්‍රියට ආකාශය දෙස බලන්නකෝ, නවයොවුන් ඇය කහ පාට සේල පලඳිමින් හැඩවැඩ වෙන අපූරුව. පින්වත, ඇය මේ මොහොතේ මොනතරම් හැඩවැඩ වුවත්, තවත් සති දෙකක් ගෙවුණ තැන ඇය ආකාශයේ විරූපී වෙලා, මැකිලා ම යනවා. පින්වත,…

Read More

අනාගතයේ ප්‍රණීත ආහාරයන් ලෝකයෙන් අතුරුදන් වන්නේ ඇයි?

මේ ලෝක ධාතුවේ සැපය කියන්නේ හරිම දුර්ලභ දෙයක්. සැපය දුර්ලභ නිසාම, අපි සැප විඳිනකොට, සැපය දුර්ලභ ධර්මතාවයක්ය කියලා අපිට සිතෙන්නේම නැහැ. සැපය භුක්ති විඳිද්දි අපි ළඟ සිටින්නේ කාමයේ සහ රූපයේ ආශ්වාදය පමණක්මයි. පින්වත් ඔබ ආහාරයට අදාළව ඔබ තුළ සකස්වෙන සැපය ගැන මොහොතක් හිතන්නකෝ. ප්‍රණීත ආහාරයන්ගෙන් පිරිච්ච තරු පංතියේ හෝටලයක කෑම මේසය, ප්‍රණීත ආහාරයන්ගෙන් පිරී ගිය…

Read More