ඊරිසියා සහගත සිතක්, ක්‍රෝධ සිතක්.

එක මනුෂ්‍යයෙක්‌ ජීවත්වුණා බොහෝම ඈත දුරබැහැර ගම් ප්‍රදේශයක. සමාජයේ හොඳින් ජීවත් වන දරුමුණුපුරන් ඇති තාත්තා කෙනෙක්‌. මොහු මියයන විට අවුරුදු අනූවක්‌ විතර ඇති. මොහු බොහෝම හොඳන් ගමේ ජීවත්වුණ කෙනෙක්‌. ගමේ පන්සලට උපකාර කළා, උදව්කළා. නමුත් මොහුගේ අවාසනාවට මොහු මියයාමට වසර තුනකට පෙරාතුව මේ පුද්ගලයා ගමේ පන්සල සමග කුමක්‌ හෝ හේතුවක්‌ නිසා අමනාප වෙනවා. හේතුව කුමක්‌ද…

Read More

කය ලෙඩ වුණත්, සිත ලෙඩ නොකර ගන්න.

පින්වත, මනුෂ්‍ය ජීවිතවලට වැළඳෙන රෝගීභාවයන් හේතුවෙන් බලවත් ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේවයෝ සමාජගත වෙමින් පවතිනවා. පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ කායික සහ මානසික නීරෝගීභාවය මොනතරම් නම් ලාභයක් ද කියලා අපිට දැනෙන්නේ, සමාජගත වන රෝගීභාවයන්ගේ සංකීර්ණභාවය නිසා මයි. පින්වත, රෝහල්, ඖෂධ සහ වෛද්‍ය ගාස්තු මහා වේගයෙන් ඉහළ යද්දී, රෝගීභාවයන්ට අදාළ අපේ ම අකුසල්, අපේ ජීවිතවලට…

Read More

පිංවත් ඔබ ලබන වැටුපට අදාළව යුතුකම් වගකීම් ඉටු නොකරන අයෙක් නම්.

අපි රාජකාරියක් ඉටු කරලා මාසේ අන්තිමට වැටුප අතට ගනිද්දී එම වැටුප ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. පින්වත් ඔබ ක්‍රිස්තියානි පින්වතෙක් නම් එම වැටුප ක්‍රිස්තු ධර්මයේ අර්ථයන්ගෙන් පෝෂණය වූ වැටුපක් වෙන්න ඕනේ. සමාජයේ යම් පින්වතෙක් හොඳ රැකියාවක් නැතිව ජීවත් වෙද්දී, තවත් සමහරෙක් අඩු වැටුපක් ලබමින් ජීවත් වෙද්දී, රැකියා පෝලිමේ ළතැවෙමින් ජීවත් වෙද්දී පින්වත්…

Read More

දෙව් දුවක් සමඟ නිවසේ වාසය කරමු.

පඨම සංවාස සුත්තං – එකට වාසය කිරීම ගැන වදාළ පළමු දෙසුම. එක් සමයක භාග්‍යවතුන් වහන්සේ මධුරාවට ත්, වේරඤ්ජාවට ත් අතර වූ දිගු මාර්ගයට පිළිපන් සේක. එකල්හී බොහෝ ගෘහපතියෝ ද, ඔවුන්ගේ බිරින්දෑවරු ද මධුරාවට ත්, වේරඤ්ජාවටත් අතර දිගු මාර්ගයට පිළිපන්නාහු වෙති. එකල්හී භාග්‍යවතුන් වහන්සේ මගින් බැහැර ව එක්තරා රුක් සෙවණක වැඩහුන් සේක. ඒ ගෘහපතිවරු ත්, ඔවුන්ගේ…

Read More

උප්පැන්නයෙන් එහා ඔබේ සැබෑ වයස ගැන සිතන්න.

භික්‍ෂුව දිනක්‌ කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක්‌ කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්‌ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්‌ඩපාත මඩුවට එනවාය කියලා. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක්‌ අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්‌ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට…

Read More

නිමි රජු දුටු නිරයන් හා එහි යෑමට හේතුවන කර්ම…

අතීතයේ අප මහා බෝසතාණන් වහන්සේ නිමි මහ රජුව ඉපිද සිටියදී මාතලී දෙව්පුත් පැමිණ සක් දෙවිඳුගේ අණින් නිමි මහරජු වෛජයන්ත නම් රථයෙහි නංවා ගෙන දෙව්ලොව බලා යන්නට වුණා. ඒ යන ගමනේදී අපායේ දුක් විඳින සත්වයන් ද දෙව්ලොව දෙව් විමන්වල සැප විඳින සත්වයන් ද මාතලී නම් දිව්‍ය රථාචාර්යා විසින් නිමි මහ රජතුමාට පෙන්නුවේ ය. ඒ අතර මුලින්ම…

Read More

දුකෙන්, සැපෙන් පිරුණු ලෝකය.

පින්වත ඔබ දෑස් පියා ගනිද්දී, ඔබට කිසිම අරමුණක් නොදැනෙනවා නම්, ඔබේ සළායතනයෝ අක්‍රීයව පවතිනවා නම් පටිච්චසමුප්පන්න විඤ්ඤාණයට සිද්ධ වෙන්නේ ආයුෂයත්, උණුසුමත් ඇසුරේ නිරාහාරව පවතින්න. පින්වත ඵස්සය ඉදිරියේ නිවුණු සළයාතනයෝ පින්වත් ඔබව පංච උපාදානස්කන්ධ ලෝකයෙන් හිස් කරනවා. හිස් වූ පංච උපාදානස්කන්ධය තුළ කායානුපස්සනාවෙත්, චිත්තානුපස්සනාවෙත්, වේදනානුපස්සනාවෙත් අර්ථයන් නිවී යනවා. එවිට ආයුෂයත්, උණුසුමත්, ආහාර අහිමි වූ පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්…

Read More

සිහියෙන් බලන්න… දහම ඔබ අසලමය…

ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌…. ඉන්ද්‍රියන් හයටම පස්‌සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටිමින් ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස්‌ අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න. උන්වහන්සේ ගිය…

Read More

කළණ මිතුරුබවේ අගය නිමක් නොවේ.

මේ සටහන ලියන මොහොතේ භික්‍ෂුව වැඩ සිටින්නේ අගනුවරට ආසන්නව පිහිටි ආරණ්‍යයක. මේ ආරණ්‍ය බිමේ වඳුරන් 15 ක පමණ රංචුවක්‌ සිටිනවා. සවස ඇඳිරි වැටීගෙන එනවිට භික්‍ෂුව දුටුවා, මේ වඳුරු රැළ රාත්‍රිය ගතකිරීම සඳහා තෝරාගෙන තිබුණේ, භික්‍ෂුව වැඩ සිටින කුටියට ඉහළින් තිබෙන විශාල ගස්‌ කිහිපය. සවස ඇඳිරි වැටීගෙන එනවිටත්, මේ සතුන් කොළ කමින් හැසිරෙන ශබ්දය ඇසුණා. දැන්…

Read More

ලෝකය අයිති දෙවියන්ට ද, බ්‍රභ්මයාට ද?

භික්‍ෂුවක්‌ දකුණු ප්‍රදේශයේ ආරණ්‍යයක වැඩසිටින විට වන්දනාවේ පැමිණි මැදිවියේ දායක මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා ‘හාමුදුරුවනේ ලෝකය අයිති දෙවියන්ටද? බ්‍රහ්මයාටද?’ කියලා. එවිට භික්‍ෂුව ඔහුගෙන් විමසුවා ‘මහත්මයා මොකද මේ ලෝකයේ මැවුම්කරු සොයන්නේ?’ කියලා. එතකොට ඒ මහත්මයා කියනවා ‘හාමුදුරුවනේ, ජීවිතේ මතක තිබෙන දවසේ පටන්ම මම ප්‍රශ්නයක්‌ සමගයි ජීවත් වුණේ. සෑම දේවාලයකටම ගියා, සෑම පන්සලකටම ගියා. ප්‍රශ්න වැඩිවුණා මිසක්‌ අඩුවක්‌…

Read More