සමාජයේ ඇස් වහලා, ඔබේ විදර්ශනා ඇස තියුණු කොටගන්න.

වස් කාලය ගෙවී ගිහින්, චිවර මාසයේ අවසාන පොහොය අදයි. පිංඩපාත මඩුවට දානය රැගෙන පැමිණි දායක මහත්මයෙක් ප‍්‍රකාශ කලා, තමන්ගේ ගමේ පන්සලේ මුල්ම වතාවට අටපිරිකර පනහක් පූජා කරලා වස්පිංකම බොහෝම උත්කර්ෂවත් අන්දමින් සිද්ධකලාය කියලා. එක ස්වාමීන් වහන්සේ නමක් පමණක් වැඩ සිටින ගමේ පන්සලේ දායක මහත්වරුන්ට හරිම සන්තෝෂයි පිංකම ගැන. අනේ සාදු සාදු පිංවතුන් ගොඩාක් පිංකම් කරගන්නවා….

Read More

මවුපියන් වෙනුවෙන් දරුවන්ට කල හැකි ලොව උත්තරීතරම උපකාරී කුමක්ද?

මහණෙනි මේ ලෝකයෙහි දෙදෙනෙකුට කළගුණ සලකා ඉවරයක් කරන්න බැහැ. ඒ තමයි මව සහ පියා. ඉතාමත්ම ජරා ජීර්ණවූ මව්පියන් දෙදෙනා උරහිස් දෙකේ හිඳවාගෙන අවුරුදු 100 ක් සියලුම වතාවත් කරමින් නෑවීම් ඇඟ ඉලීම් ආදි උපස්ථාන කරමින් සිටියත් මව්පියන් දරුවන් වෙනුවෙන් කළ දේට ප්‍රතියුපකාරයක් නොවන බව“බුදුරදුහු පෙන්වා දුන්හ. තවදුරටත් බුදුරදුහු “මහණෙනි, කිසියම් පුත්රයෙක් තමාගේ මවත් පියාත් සත්රුවනින් පිරුණ…

Read More

සිනාමුසු මුහුණෙන් ලෝකයෙන් සමුගත හැක්කේ ඉතාමත් අල්ප පිරිසකටමය…

අතිපූජ්‍ය ඩෙන්මාර්කයේ ඤාණදීප මාහිමිපාණන් වහන්සේට මගේ නමස්කාරය වේවා A Lion – පූජ්‍ය ඩෙන්මාර්ක් ඤාණදීප හිමි – (ඤාණදීප භන්තේ) . සාමාන්‍යයෙන් ලංකාවේ කැළෑ තුළ සිංහයින් සොයාගත නොහැක. එහෙත් දශක කිහිපයක් තිස්සේ එකම එක සිංහයෙක් වාසය කළේය. ඒ “ඩෙන්මාර්ක් ඤාණදීප හිමියන්ය”. වර්තමාන ආරණ්‍යවාසී භික්‍ෂු පරපුරේ පුරෝගාමියා ද, මඟ පෙන්වන්නා ද, ශක්තිය ද උන්වහන්සේම ය. අතිශය ගෞරවයත්, යටහත්‐පහත්බවත්,…

Read More

පිනෙහි ආශ්වාදය යනු කාමයෙහි ආශ්වාදයමය.

තවත් සුන්දර වෙසක් සතියක් ගෙවී ගියා. වෙසක් දින රාත‍්‍රියේ ආකාශයේ රන් තැඹිලි පැහැයෙන් ප‍්‍රභාෂ්වරව විකසිත වූ, නවයොවුන් වෙසක් සඳවතිය, දිනෙන්, දින, පැහැයෙන්, ප‍්‍රභාෂ්වරභාවයෙන්, කේඩෑරිවී යනවා. සියලූ සුන්දර නවයොවුන් සංස්කාරයෝ වෙනස්වෙලා යනවා. සංස්කාරයෝ කියන්නේ කුසල් සහ අකුසල් ධර්මයන්ට. කුසල් සහ අකුසල් අයිති අවිද්‍යාවට. අවිද්‍යාව අයිතිවෙන්නේ පංචනීවරණ ධර්මයන්ට. පංචනීවරණ ධර්මයන් අයිති වෙන්නෙත් අවිද්‍යාවටමයි. පංචනීවරණ ධර්මයන් විසින් අවිද්‍යාව…

Read More

මධ්‍යම ප්‍රතිපදාව තුළ ජීවත් වෙන්න.

පින්වත, මෙම සටහන තබන මොහොතේ භික්ෂුව වැඩ සිටින ප්‍රදේශයට අනුකම්පාවකින් තොරව ම වහිනවා. ඊයේ සවස හතරට පමණ පටන් ගත්ත වැස්ස, දැන් පාන්දර තුනයි තවමත් වහිනවා. පින්වත, භික්ෂුව වැඩ සිටින කුටිය මායිමේ තිබෙන මහා ජලාශයේ බඩකට පිරෙන්න ම වතුර පිරිලා. ගම පුරා ම කුඹුරු යායවල පුංචි පැළ ගොයම, තල, රටකජු, ගොඩ ගොවිතැන් වැසි දියෙන් හොඳටෝම හෙම්බත්…

Read More

නිර්වාණය.

බෞද්ධයන් විසින් නිර්වාණය යි කියා පතන්නා වූ ලැබීමට උත්සාහ කරන්නා වූ යමක් වේ නම් එද අනිකක් නො ව මේ දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍යය ම ය. දුඃඛ නිරෝධාර්‍ය්‍ය සත්‍ය සංඛ්‍යාත නිර්වාණය වනාහි ඇතමුන්, සිතන හැටියට කිසි වටිනාකමක් නැති සැපයකුත් නො වන, නො පැතිය යුතු, බිය විය යුතු හිස් බවක් නො ව අති ප්‍ර‍ණීත සැපයකි. වටිනාකම පමණ කළ…

Read More

විභාගයට යන දරුවා නියම ජයග්‍රාහකයෙක් කරන මඟ.!

පහේ ශිෂ්‍යත්ව විභාගය සහ උසස්‌ පෙළ විභාගය ඉදිරියේදී පැවැත්වීමට නියමිතයි. තරග විභාග මානසිකත්වය නිසා තම දරුවන් මෙම විභාගයෙන් සමත් කරවන්නට දෙමවුපියන් නොකරන දෙයක්‌ නොමැති තරම්. නැකත් බලමින්, යන්ත්‍ර මන්ත්‍ර පළඳවමින්, දේවාල ගානේ ගොස්‌ පූජා තබමින් තම දරුවන් විභාගයෙන් සමත් කරවීම සඳහා දෙමවුපියන් කටයුතු කරන බව පෙනෙනවා. මෙවැනි මිථ්‍යාදෘෂ්ටික පිළිවෙත් වෙනුවට මෙම පිරිස වෙත ධර්ම මාර්ගයෙන්…

Read More

ඔබේ සුභ නැකත ආර්ය අෂ්ඨාංගික මාර්ගයයි.

පිංවත සිංහල අලුත් අවුරුදු නැකත් පිළිබඳව සමාජය තුළ මත ගැටුමක් ඇතිවෙලා තිබෙනවා නේද? එක පාර්ශ්වයක් කියනවා රාත්‍රී කාලයේ යෙදී ඇති අවුරුදු නැකත් නිවැරදිය කියලා. අනෙක් පාර්ශ්වය කියනවා අවුරුදු නැකත් වැරදිය කියලා. පිංවත සුබ නැකතක්, අසුබ මත ගැටුමක් බවට පත්වෙන්න අපි මොනතරම් නම් අකුසලයේ සිරකරුවෝ ද? පිංවත ඉහත ගෞරවනීය ජ්‍යෝතිර්වේදී පාර්ශ්ව දෙකෙන්, එක පැත්තක්වත් ඔබ ගන්න…

Read More

තෘෂ්ණාවේ රැහැන් පට ජිවිතයෙන් ලිහා දැමූ කළ.

මේ සටහන ලියන දැන් වේලාව සවස පහට පමණ ඇති. පරිසරය හොඳටෝම නිහඬයි, සප්ත බොජ්ඣංග ධර්මයන් පැලපදියම් වූ භික්‍ෂුවගේ සිතත්, පරිසරයේ නිහඬභාවයත් එකතු වූ තැන, පරිසරයත් භික්‍ෂුවගේ ජීවිතයත්, එකක් බවට පත්වෙනවා. විවේකය හරිම ගාම්භීර ධර්මයේ අත්දැකීම් ජීවිතයට එකෟආධ්‍යාත්මික සහ බාහිර සතරමහා ධාතුව එක ගොඩකටත්, විඤ්ඤාණය සහ ආයුෂය තව ගොඩකටත් දමලා, භික්‍ෂුව මොහොතක් පංචඋපාදානස්කන්ධ ලෝකයෙන් නිදහස් වෙනවා….

Read More

බිය අයිති ඔබට නොවේ.

පින්වත, තවත් සිංහල අලුත් අවුරුදු මංගල්‍යයක් උදා වෙලා. පුණ්‍යවන්ත ජීවිතවලට, පුණ්‍යවන්ත සංස්කෘතික සැමරීමක්. පින්වත, සියලු සංස්කාරයෝ වෙනස් වී යන නිසා ම, දුර්ලභ ජාතික වටිනාකම් අපි ජීවිත පරිත්‍යාගයෙන් ආරක්‍ෂා කොට තබන්න ඕනේ. පින්වත, අපි දුර්ලභ මනුෂ්‍ය අර්ථයන් ආරක්‍ෂා කොට ගත් පරපුරේ අන්තිමයා වෙන්න හොඳ නැහැ. එහෙම වුණොත් අපි ජාති ණයකාරයන් බවට පත් වෙනවා. පින්වත, පුණ්‍ය කාලයෙන්…

Read More