වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම.

නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්ධස්ස කාමේසුමිච්ඡාචාරා හෙවත් වැරදි ලෙස මෙවුන් දම් සේවනය කිරීම අරියකන්ත ශීලය හෙවත් පඤ්චසීලයේ තෙවන සිල්පද ” කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්‌ඛාපදං සමාදියාමි ” යනුයි. එහි සාමාන්‍ය අදහස ” මම කාමයෙහි වරදවා හැසිරීමෙන් වළකින සිල්පදය සමාදම් වෙමි ” යනුයි. කාමේසු මිච්ඡාචාරා කියන්නේ කාමයෙහි වරදවා හැසිරීමටයි. තවදුරටත් පැහැදිලි කරන්නේ නම් ලෝක සම්මත චාරිත්‍රයට…

Read More

පළමුවන තථාගත බලය.

බුදු රජාණන් වහන්සේගේ දශබල ඥාන. ‘දස ඛෝ පනිමානි සාරිපුත්ත තථාගතස්ස තථාගතබලානි, යෙහි බලෙහි සමන්නාගතො තථාගතො ආසභං ඨානං පටිජානාති, පරිසාසු සීහනාදං නදති, බ්‍රහ්මචක්කං පවත්තෙති’ මෙසේ මහාසීහනාද සුත්‍රයෙහි වදාරා ඇති පරිදි තථාගතයන් වහන්සේ හට සෙස්සන්ට නැති ඥාන බල දශයක් ඇත්තේ ය. ඒ බලයන්ගෙන් යුක්ත බැවින් තථාගතයන් වහන්සේ ලෝකයෙහි උත්තම ස්ථානයට පැමිණි සිටින සේක. ක්ෂත්‍රිය පිරිස ය, බ්‍රාහ්මණ…

Read More

දිනකට අවම වශයෙන් අකුසල සිත් පහක් දුරු කරන්න.

මීළඟට සබ්භාසව සූත්‍රයට අදාළව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දුරු කිරීමෙන් ප්‍රහානය කළ යුතු ආස්‍රවයන් ගැන. මොනවද පිංවත් ඔබ දුරු කළයුත්තේ. නිරතුරුවම ඔබ තුළ සකස්‌වෙන කාම විතර්කයන්, කාමයේ ආදීනවයන් දැකල දුරුකරන්න ඕන. ලෝභ, ද්වේශ, මෝහ අකුසල මූලයන්ට අදාළ විතර්කයන් ඒවායේ ආදීනවයන් දැකලා දුරුකරනවා. භික්‍ෂුව මුණගැසුණු මහත්මයෙක්‌ ප්‍රකාශ කළේ සත්ත්වයින්ගේ ඕපපාතික උපතක්‌ නැහැයි කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට…

Read More

ශ්‍රෝතාපන්න පුද්ගලයා.

“තිණ්ණං සංයෝජනානං පහාණාය පටිපන්නො පුද්ගලො සොතාපත්තිඵලසච්ජිකිරියාය පටිපන්නො, යස්ස පුද්ගලස්ස තීණි සංයෝජනානි පහීණානි අයං වුච්චති පුග්ගලො සොතාපන්නො,” (පුද්ගලපඤ්ඤන්ති) “සංයෝජන තුනක් ප්‍රහාණය කීරීම සඳහා පිළිපන් පුද්ගලයා ශ්‍රෝතපත්තිඵලය සාක්ෂාත් කිරිම පිණිස පිළිපන්නේ වේ. යම් පුද්ගලයකුට සංයෝජනත්‍රය ප්‍රහීණ ද ඒ පුද්ගලයා ශ්‍රෝතාපන්නය යයි කියනු ලැබේය” යනු එහි තේරුම ය. එහි කියවුණු සංයෝජන තුන නම් සක්කායදිට්ඨී – විචිකිච්ඡා – සීලබ්බතපරාමාස…

Read More

අපේ සිතේ නිතරම ද්වේශය හට ගන්නවා ද?

සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වන්නේ සියලු සත්වයන් දුකෙන් නිදහස් කිරීම උදෙසායි. උන්වහන්සේ අපට කියාදෙනවා දුකෙන් නිදහස් වන මාර්ගය පිළිබඳව. ඒ මාර්ගයේ ගමන් කරන ආර්ය ශ්‍රාවකයන් සංසාර දුකෙන් නිදහස් වී සැපත ළඟාකර ගනු ලබනවා. ඒ දුකෙන් නිදහස් වන මාර්ගයේ ගමන් කිරීමේදී අපේ ජීවිතවලට පුරුදුකළයුතු බොහෝ ගුණාංග තිබෙනවා. ඒ එක් ගුණාංගයක් සඳහන් සූත්‍ර දේශනාවක් අපි…

Read More

ලෝකයේ ඇති බිහිසුණුම වියරුම අඳුර…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මේ ඉර, සඳ, ආලෝකය නොදෙන මහා ඝන අඳුරේම සැමදා ගිලී පවතින ස්ථානයන් මේ ලෝකයේ තිබෙනවාය කියලා. ඒවායේ ජීවත් වෙන සත්වයන්ට පෙනෙන ඇස් දෙකක් තිබුණත්, එකිනෙකා පෙනෙන්නේ නැහැ. මෙම අඳුරම උරුම කොටගත් දුක්ඛිත සත්වයන්ට, එකිනෙකා පෙනෙන්නේ තමන් වගේම තවත් සත්වයන් මේ අඳුරේ ජීවත් වෙන බව දකින්නේ, කල්ප ගණනාවකට වරක් උදාවෙන ලෙව්තුරා බුදුරජාණන්…

Read More

සර්වඥ ධාතූ පූජාවට ගැරහීමේ ආදීනව.

බුදුරජාණන් වහන්සේ කුසිනාරා නුවර උපවත්තන සාලවනෝද්‍යානයේ දී පරිනිර්වාණයට පත් වූ පසු උන්වහන්සේගේ ආදාහන චිතකයේ ශේෂ වූ සධාතුක භස්මාවශේෂ විවිධ රජ දරුවන් අතර බෙදා දෙන ලදි. මෙම ධාතු බෙදා දීමේදී අජාසත් රජතුමා තමා ලත් සර්වඥ ධාතූන් වහන්සේලා රැගෙන ගොස් මනහර ස්ථූපයක් කරවා සත් අවුරුදු, සත්මස්, සත් දිනක් බුදුගුණ සිහිකරමින් එයට පුද පූජා පැවැත්වීය. රජුගේ ධාතු පූජාව…

Read More

ඉතිපිසෝ ගාථාවේ අනන්ත ගුණ බලය.

බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පිණ්ඩනය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර වල මේ ඉතිපිසෝ ගාථාව බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් පටිසම්භිදාමග්ග පාලියේ බොහොම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කරලා තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණ පද නමයට. පින්වතුන්…

Read More

උපාලී මහ රහතන් වහන්සේ.

‘‘පින්වත් මුනිඳුනි, දැන් ගස්වල කොළ හැලිල තියෙන්නේ. අලූතින් ගෙඩි හටගන්ට ළඟයි. අතු අග පිපිලා තියෙන මල් දිලිසෙන ගිනි අඟුරු පාටයි. එ් ගස් බබළනවා ගිනි සිළු වගේ. මහාවීර මුනි`දාණනි, ශාක්‍යයන්ටත් පිහිට වෙන්න දැන් කල් පැමිණිලා! එ් ගස්වල ලස්සන මල් පිපිලා හැම පැත්තට ම සුවඳ හමනවා. දැන් එ් ගස්, කොළ අතහැරියා. ඔය සූදානමින් ඉන්නේ ගෙඩි පිළිගන්ට. මහාවීර…

Read More

ඉවසීම නැති ආදරය රාගයේ ඉදුල් කඩක්.

පින්වත, වර්තමානයේ ආදරය කියන අර්ථයට මොකද මේ වෙලා තිබෙන්නේ? පින්වත, අතීතයේ මනුෂ්‍යත්වයේ සුදු පැහැයට අයිතිව තිබූ ආදරය, වර්තමානයේ රාගයේ රතු පැහැයේ ගොදුරු බිමක් වෙලා. පින්වත, වර්තමාන ආදරයට ඉවසීම නැහැ. පින්වත, ඉවසීම නැති ආදරය රාගයේ ඉඳුල් කඩක් ම වෙනවා. පින්වත, අධර්මිෂ්ඨ පාලක පින්වතුන්ලා අතින් රටක ආර්ථිකය කඩා වැටෙන කොට, රටක ණය බර වැඩි වෙන කොට, හැදියාවට,…

Read More