පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් වැඳුම් පිදුම් කරන්නේ කෙසේ ද?

පරලෝසැපත් ගුණවත් පුද්ගලයන්ට ගරු කිරීමේ ක්‍ර‍මයක් ශිෂ්ට මනුෂ්‍යයන් අතර ඇත්තේ ය. සොහොන් කොත් පිහිටවීම-පිළිරූ පිහිටවීම – ස්මාරක පිහිටවීම – ඒවාට අභිවාදනය කිරීම – මල්වඩම් ආදියෙන් පිදීම යනාදිය මිය ගිය උත්තමයන්ට ගරු කිරීම් වශයෙන් ශිෂ්ට මනුෂ්‍යයන් කරන වැඩ ය. පිරිනිවියා වූ බුදුරජාණන් වහන්සේට ගරුබුහුමන් කිරීම් වශයෙන් සැදැහැවතුන් අනුගමනය කරන්නේ ද ඒ ක්‍ර‍මය ම ය. බුද්ධාදි ආර්‍ය්‍යයන්…

Read More

ලෝකය අවබෝධ කරගැනීමේ මඟ.

(පිංවත් ස්වාමීන් වහන්සේ විසින් කොරෝනා දෙවැනි රැල්ලට පෙර පළ කිරීම සඳහා යොමු කරනු ලැබූ ලිපියකි.) පිංවත් මහත්මයෙක් ප‍්‍රශ්නයක් යොමුකරලා තිබෙනවා, ස්වාමීන් වහන්ස, මට නිතර ම රාත‍්‍රි නින්දේදී සිහින පෙනෙනවා. මට දැන් මේ සිහින පෙනීම වධයක් වෙලා තිබෙන්නේ. මම කොහොමද සිහින පෙනීම නවත්වා ගන්නෙ කියලා. අපි රාත‍්‍රියට සුවසේ නිදාගත්තත් කෙලෙස් නිදාගෙන නැහැ. පිංවත් ඔබ දෑස් නිදාගත්තත්,…

Read More

අතහැරීමක ආරම්භය සහ අල්ලාගැනීමක අවසානය.!

(දඹරන් දෙවියා) භික්‍ෂුව බොහෝම කල්‍යාණ මිත්‍රභාවයෙන් ඇසුරු කරන ස්‌වාමීන්වහන්සේ නමකගේ සහෝදර ස්‌වාමීන්වහන්සේ නමක්‌ තරුණ වයසේ පැවිදිවෙලා ඉතා සිල්වත් පැවිදි ජීවිතයක්‌ ගතකරමින් වැඩ සිටියා. උන්වහන්සේ පසුගිය වසර හතරක පමණ කාලය තුළදී වැඩ සිටියේ දකුණු පළාතේ හුදකලාව කුඩා ආරණ්‍යයක. භික්‍ෂුවට කවදාකවත් උන්වහන්සේව මුණගැහිල නැහැ. උන්වහන්සේ තුන්සිව්රත් පාත්‍රයත් පමණක්‌මයි දැරුවේ. භික්‍ෂුවට වරක්‌ දැනගන්න ලැබුණා උන්වහන්සේ එක්‌ අඳනයක්‌ පමණයි…

Read More

මහා කරුණාව යනු සතුන් සුරතල් කිරීමෙන් බොහෝ ඈතක ගිය දෙයකි.

පාසල් යන කාලේ පන්තියේ ගුරුතුමිය අපෙන් අහනවා, ලොකු වුනහම ඔබ කවුරු වෙන්නද කැමති කියලා. සමහර දරුවො කියනවා, මම ගුරුවරයෙක්‌ වෙන්න කැමතියි කියලා. වෛද්‍යවරයකු, ඉංජිනේරුවරයෙක්‌ වෙන්න කැමතියි කියලා. පුංචි කාලයේ මගේ කැමැත්ත තිබුණේ දේශපාලනඥයෙක්‌ වෙන්න. මට මතකයි 1977 වසරේදී මම පාසල් ශිෂ්‍යයෙක්‌. 1977 මහ මැතිවරණයේදී පංතියේ ශිෂ්‍යයන් සමග මම රුපියල් 2.00 ගානේ ඔට්‌ටු තුනක්‌ අල්ලලා තිබුණා….

Read More

ඖෂධ ප්‍රත්‍යවේක්ෂාව.

ඖෂධ පරිහරණයේදිත් රෝගීභාවය අනිත්‍යභාවයට පත්වී නීරෝගීභාවයත්, නීරෝගීභාවය අනිත්‍යභාවයට පත්වී රෝගී භාවයත් ඇතිවන අයුරු නුවණින් දකිමින් ඖෂධ ප්‍රත්‍යාවේක්‍ෂාව සිදුකරන්න. වර්තමානයේ ඖෂධවල මිලගණන් අහනකොට, ඖෂධ මිලට ගන්නකොට නැති ආශ්‍රවයන් ඇතිවන බවක්‌ සමාජය තුළින් අසන්නට ලැබෙනවා. මෙවැනි සිදුවීම් මනුෂ්‍යයාගේ ලෝභ, ද්වේෂ, මෝහ සිතිවිලි නිසා හටගන්නා අකුසලයන්ගේ විපාකයක්‌ බව හඳුනාගනිමින් අකුසල් නිසා පිංවත් ඔබ නැති ආශ්‍රවයන් ඇතිකොටගන්නේ නැතිව, මෙවැනි…

Read More

විදර්ශනාවෙන් මතුවන පුණ්‍ය ශක්තිය.

පිංවත ලබන්නා වූ පුණ්‍යවන්ත 2024 නව වසර ගැන භික්ෂුව මුකුත්ම සටහන් තබන්න යන්නේ නැහැ. අපේම අකුසල් සංස්කාරයෝ නව වසර ගැන සටහන් තබන්න, කිසිම යහපත් ධර්මයක් ඉතිරි කරලත් නැහැ. සියළු යහපත් ධර්මයෝ මලානික වූ සමාජයක, දෙසැම්බර් 31 වැනිදා රාත්‍රියේ උත්සවත්ශ්‍රියෙන් පිපිරී යන රතිඤ්ඤා හඬ සහ නගරයේ සංවිධානය වෙන්නා වූ තරු පන්තියේ කාමච්ඡන්දයන්ගේ ආශ්වාදයන් සිහිපත් වෙත්දි, අපේ…

Read More

අරහං ගුණය අනන්තයී…

කුඩුම්බිගල කියන ආරණ්‍ය භික්ෂූන් වහන්සේලාට ලැබෙන්න ඉස්සෙල්ල එහි හිටියා බෞද්ධ නොවන අන්‍යාගමික පින්වතෙක්.එහි කැලෑවට ගිහිල්ලා බොහෝ විවේකීව ජීවත්වෙමින් සිටියා.නමුත් මෙතුමා බුද්ධ ධර්මය ගැන යම් පමණක් දන්නවා. ඔය අතර එක දවසක් තමන්ට දෙවි කෙනෙක් කියනවා වගේ සිහිනෙන් යම් පණිවිඩයක් ලැබුණා.ඒ කියන්නේ පිංවත මෙන්න මේ මන්ත්‍රය පාඩම් කරගන්න කියල ඉතිපිසෝ ගාථාව කියල දුන්නා.එතුමා ඉතිපිසෝ ගාථාව දන්නව.ඉතිං එතුමා…

Read More

මධ්‍යම ප්‍රතිපදාව තුල ජිවිතය හික්ම වීම.

අතහැරීම ගැන කතාකරන විට මහත්මයෙක්‌ ප්‍රශ්නයක්‌ ඇසුවා. හාමුදුරුවනේ ඔබවහන්සේ අතහැරීම ගැන කතාකරනවා. එහෙම අතහැරීම ගැන කතාකරනවා නම් ඔබ වහන්සේ ආරණ්‍යයක කුටියක වැඩසිටින්න බැහැ කැලයේ ගසක්‌ මුලයි ඉන්න ඕනේ කියලා. මතුපිටින් එම මහත්මයා අහන ප්‍රශ්නය දකින විට එහි සාධාරණ බවක්‌ තිබෙනවා. නමුත් එම මහත්මයා එක අන්තයකට ගිහිල්ලයි ප්‍රශ්නය දකින්නේ. සකුළුයි කියලා තරුණයෙක්‌ බුදුරජාණන් වහන්සේගෙන් මෙවැනිම ප්‍රශ්නයක්‌…

Read More

උතුම් බුදුගුණයන් නොවන්නට මම අද කොහෙදැයි සිතුවා ද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෙරුවන් සරණ ගිය පිංවතෙක්, පිංවතියක්, බහුල වශයෙන් වාසය කළ යුතු විහරණය, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, සිහිකිරීමය කියලා. මෙය සටහන් තබන භික්‍ෂුවට, නිරතුරුවම බුදු ගුණයන් සිහිපත් වෙනවා. අපට කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සතු උතුම් බුදුගුණයන් ඇතිකොට ගන්න බැහැ. බුදුගුණයන්, බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ගුණයන්. භික්‍ෂුවගේ, භික්‍ෂු ජීවිතය සිහිපත් වෙද්දී, භික්‍ෂුවට…

Read More

දැනුම සකස්වන්නේ අතීත සංස්කාරයන්ට අනුවයී.

රාත්‍රිය ගෙවිලා උදෑසන හිරු එළිය වැටෙන්නට දැන් හුඟාක් ළඟයි. කුසගින්න දැනිලදෝ හිරු එළිය වැටෙන්නටත් පෙරාතුව කොවුලෙක් තොරතෝංචියක් නැතිව කෑගසනවා. ඒත් ඒ කොවුල් නාදයේ මිහිරකුත් තිබෙනවා. පක්‍ෂි ලෝකයේ ජීවත්වෙන පක්ෂීන්ගේ තෘෂ්ණාවේ තරම ධර්මානුකූලව දකින්න පුළුවන් හොඳම අවස්ථාව තමයි උදෑසන. එම පක්ෂීන් එකිනෙකා පරයා විචිත්‍ර නාදයන් කරන්නේ, තමන්ගේ හැකියාව අනෙක් පක්ෂීන්ට පෙන්වන්නමයි. පක්ෂියෙක් සුන්දරව නාද කරද්දි ඒ…

Read More