“පිංවත් ඔබට සිතලා ඉවරයක් කරන්න බැරි නම් කරුණාකර සිතීම නවත්වන්න”

සැබෑ ක‍්‍රිස්තියානි භක්තිකයෙක්, කවදාකවත් බුදුරජාණන් වහන්සේට අගෞරවයක් කරන්න පෙළඹෙන්නේ නැහැ. නමුත් තෘෂ්ණාවෙන් ඔද්දල් වුණු විඳීමේ විවිධත්වයන් සොයාගෙන යන රස්තියාදුකාර සිතකට පුළුවන්, තමා තමාටම අවීචි මහා නිරයට ඇද දමන්නට අසත්පුරුෂ භාවයෙන් පෝෂණය වුණ රස්තියාදුකාර සිතුවිල්ලකින්, මතුවෙන මුහුණේ සිනාරැල්ල ගිනි ජාලාවකින් මතුවෙන ගිනි දැැල්ලක්මයි කියලයි ධර්මයේ සඳහන් වෙන්නේ. විවිධත්වයෙන් යුත් විඳීම් සොයාගෙන ලෝකය හඹාගෙන යෑමේ නිදහස පිංවත්…

Read More

ඉතිපිසෝ ගාථාවේ අනන්ත ගුණ බලය.

බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පිණ්ඩනය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර වල මේ ඉතිපිසෝ ගාථාව බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් පටිසම්භිදාමග්ග පාලියේ බොහොම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කරලා තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණ පද නමයට. පින්වතුන්…

Read More

යහපත් සුව නින්දක් උදෙසා.

නින්ද ප්‍රශ්නයක් කොටගත් පින්වතුන්ලා සමාජයේ ජීවත් වෙනවා. සමහරු නින්දෙන් කෑගසනවා, බියවෙනවා, ඇවිදිනවා, නින්දෙන් ගෙදර දොරවල් අරිනවා. තමන් ළග නිදා සිටින අයට පහර දෙනවා. තම සැමියා රාති‍්‍රයට නිදා ගන්නා ඉරියව්වල සහ නිදි ඉරියව්වෙන් කරන ශබ්දවල විකෘතිභාවයන් නිසා සැමියාගෙන් දික්කසාද වෙච්ච බිරින්දෑවරු සිටිනවා. කෙනෙකුගේ දුර්වල නිදි ඉරියව්වක් නිසා තව කෙනෙක් නොනිදා දුක් විඳිනවා. පුද්ගලයෙකුගේ නිදි ඉරියව්වල ඇති…

Read More

පංචඋපාදානස්‌කන්ධය කෙරෙහි සත්වයා ඇති කොටගන්නා වූ තෘෂ්ණාවේ ඵලය.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘සත්වයා බැඳුණොත් බැඳෙන්නේ පංචඋපාදානස්‌කන්ධයට. සත්වයා නිදහස්‌ වුණොත් නිදහස්‌ වෙන්නේ පංචඋපාදානස්‌කන්ධයෙන්මය’ කියලා. භවයට සත්ත්වයාව බැඳ තබන පංචඋපාදානස්‌කන්ධය මාරයා හැටියටත්, භවයෙන් නිදහස්‌ වීම පංචඋපාදානස්‌කන්ධ මාරයාගෙන් නිදහස්‌ වීම කියලත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පිංවත් ඔබත්, මමත් සාරාසංඛ්‍ය කල්ප ලක්‍ෂ ගණනාවක්‌ කල්ප විනාශයන් දස දහස්‌ ගණනක්‌ පසුකරමින් සම්මා සම්බුද්ධ ශාසන ලක්‍ෂ ගණනක්‌ අතපසු කොටගනිමින් පැමිණි…

Read More

සිඅහවත්, කඳුලත්, උපේක්ෂාවත් වේදනාවේ අනිත්‍යභාවයෙන්ම දකින්න.

භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්‌, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්‌. අනුන්ගේ සැප දුක්‌ බලෙන් ගත්ත කෙනෙක්‌. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක්‌ වේදනාවන් ප්‍රතික්‍ෂේප කරමින් යනවිට, භික්‍ෂුව සැප දුක්‌ වේදනා සොයාගිය කෙනෙක්‌. භික්‍ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්‌සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්‌කේ, රූපය ඇසුරින් දුක්‌ සැප වේදනාවන් තුළට…

Read More

චෛත්‍ය එළිකිරීමේ අනුසස්.

• පහංකර තෙරුන් වහන්සේගේ කතා පුවතින්. බුදුරදුන් කල විසූ මහ රහතන් වහන්සේලාගෙන් කෙනෙකු වන පහංකර තෙරුන් වහන්සේ අතීතයේ එක් කපෙක මිනිස් ලොව ඉපිද වන කාර්මිකයෙක් වූහ. දිනක් ඒ වන කාර්මිකයා වනයෙහි ඇවිදිනුයේ කිසිවකුට ලංවිය නොහෙන තරමට වල් වලින් වැසුණු චෛත්‍යයක් දුටුවේය. එය පදුමුත්තර බුදුරදුන්ගේ චෛත්‍යයකි. එය දැක වන කාර්මිකයා “චෛත්‍යය කෙරෙහි ගරු සිත් උපදවා බුදුගුණ…

Read More

    ‘සිතීම’ පහසුයි – ‘භවය’ අපහසුයි.

    එක මහත්මයෙක්‌, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය යනවා. පටිච්චසමුප්පන්නව ඒ මහත්මයා එම ඉඩමේ ප්‍රේතයෙක්‌ වශයෙන් උපත ලබනවා. ඒ වැටමායිම ළඟ සිටිමින් තවමත් මායිමේ අයිතිය ගැන සිතනවා. නිමාවක්‌ නැති සිතීම, නිමාවක්‌ නැති භවය පෝෂණය කොටදෙනවා. ලෝකයේ කටුකම, බියකරුම, ගැඹුරුම, දීර්ඝම, අමිහිරිම දෙය මොකක්‌ද කියලා…

    Read More

    ශීලයේ පලුදු බුද්ධානුස්සතියෙන් පිරියම් කර සොඳුරු ආරම්භයක් ගන්න.

    බුද්ධානුස්සතිය. පිංවත් ඔබ මොහොතක්‌ දෑස්‌ දෙක පියාගෙන නුවනින් මෙනෙහි කරන්න. අද දවසේ ඔබ කොපමණ වේලාවක්‌ ලෝභ, ද්වේෂ, මෝහ ධර්මයන් වඩන්නට ඇතිද කියලා. ඔබ වෙනුවෙන්, ඔබගේ පවුල වෙනුවෙන්, රැකියාව ව්‍යාපාරය වෙනුවෙන්, රට ජාතිය ආගම වෙනුවෙන්, කැමති අකමැති දේ වෙනුවෙන් ලෝභ ද්වේෂ මෝහ ධර්මයන් කොතෙක්‌ වඩන්නට ඇතිද? දවස පුරාවට ඔබ වැඩූ කුසල්, පිං තරාදියේ එක පැත්තකටත්, අකුසල්…

    Read More

    අධ්‍යාත්මික සම්මා වායාමයකට සූදානම් වන්න.

    පිංවත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ජීවත්වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය ආරක්ෂා වෙන රටයි. මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ හද ගැහෙන රටයි. පිංවත, ඔබ වර්තමානයේ නොඅවදියෙන් සිටියොත්, පිංවත් අපේ විඳීම් මෝරා කාමච්ඡන්දයන් වැසි වසින මේ කෙලෙස් අනෝරා වැස්සේ අපි සියල්ලෝම ප්‍රමාදීභාවයට පත්වෙන්න පුළුවන්. පිංවත, මේ කෙලෙස් වැස්සේ අකුසල් වැසි දියෙන් බේරී සිටීමට පිනේ…

    Read More

    විඤ්ඤාණය – 06.

    තමන් තුළ ඇතිවන පංච උපාදානස්‌කන්ධ මාරයා සහ බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව දේශනා කරන දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා, ඉන්ද්‍රිය සංවරය, වීර්යය, ප්‍රත්‍යවේක්‍ෂාව, මඟහැරයැම, දුරුකිරීම කියන මූලික කාරණා කිහිපය පිංවත් ඔබට හුඟාක්‌ උපකාර වෙනවා. ඉහත කාරණා කිහිපය කැටි කරලා තමයි, බුදුරජාණන් වහන්සේ, ස්‌වාමීන්වහන්සේලාට…

    Read More