පුංචි කුහුඹුවාගෙනුත් ඔබ ලොකු ආශ්‍රවයන් ඇතිකරගන්නවා ද?

මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්‌සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්‍ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්‍ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්‍ෂක ක්‍රමවේදයක්‌ උපයෝගී කරගෙන මඟහැරයන්න. මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක්‌ පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්‍ෂිත උපක්‍රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන පිංවතුන්ලාට…

Read More

ශීලය ගැනම හිතමින්, අනිත්‍ය සංඥාව දකිමින්ම ජීවත් වුණොත් අපේ දරුපවුලට යන කලදසාව මොකක් ද?

එක පිංවත් පවුලක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ඇසුවා ‘හාමුදුරුවනේ අපි ශීලය ගැනම සිතමින්, අනිත්‍ය සංඥාව දකිමින්ම ජීවත් වුණොත් අපේ දරු පවුලට සහ කලදසාව, ඒ ගොල්ලන්ගේ අනාගතය අඳුරු වෙනවා නේද කියලා. බලන්න ඒ මහත්මයා ධර්මය මොනතරම් වැරදි අන්තයකින් ද අල්ලාගෙන ඉන්නෙ කියළා. තමන් ජීවත්වීමට නොදන්නාකමින් ඇතිවන ආදීනව ධර්මයේ ගිණුමට බැරකරනවා. ශ්‍රද්ධාව අඩුකම, විචිකිච්චාවෙන් සිතුවිලි. පිරිලා, පංචනීවරණයන්ගෙන් සිත වැඩිලා….

Read More

සංස්කාර – 08.

පංචඋපාදානස්‌කන්ධයට අදාළව, සංස්‌කාරයන්ගේ අනිත්‍යභාවය ගැන, මෙම සටහන අවසන් කිරීමට සූදානම්වන මොහොතේ, භික්‍ෂුවගේ භික්‍ෂු ජීවිතයේ මුල් මාස කිහිපය තුළ විපාකයට පැමිණි, කුසල් සංස්‌කාරයක්‌ ගැන මෙහි සටහන් තබනවා. භික්‍ෂුවට මතක්‌වෙනවා මීට වසර අටකට පෙරාතුව, භික්‍ෂුව සාමනේරකෙනෙක්‌ වශයෙන් ආරණ්‍යයක වැඩසිටියදී අහම්බෙන් වගේ සිදුවූ හමුවීමක්‌. ඒ හමුවීම තමයි මෙම ලිපි පෙළ ඉදිරිපත් කරන ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයාගේ හමුවීම. කළුතර වසන්ත…

Read More

ආදරණීය බරපොදිය බිම තබන්න.

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය….

Read More

හැකිතාක් කුසල් සිදුකරමින් අතීත අකුසල් යටපත් කොට දමන්න.

භික්‍ෂුව හමුවීමට පැමිණි වයෝවෘද්ධ යුවලක්‌ ප්‍රකාශ කළේ තමන් තරුණ කාලයේ කර්මය, කර්මඵලය ගැන නොදැනීම නිසා, විවාහ වූ අලුත අනවශ්‍ය පිළිසිඳගැනීමක්‌ යෑයි සිතා, දරුවෙක්‌ ගබ්සා කෙරූ බවත්, එම සිද්ධිය දැන් නිරතුරුවම මතකයට නැගෙන බවත්ය. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ, එම සිද්ධිය ඔබලාගේ මනසට නිතර පැමිණෙනවා නම් එය භයානක බවයි. මොකද යම් දවසක තමන් මියයන මොහොතේ, එවැනි ප්‍රබල…

Read More

බුදුගුණ වර්ණනා කර ලැබූ මහත් වූ ආනිශංස.

’’මෙම භද්‍ර කල්පයෙහි බ්‍රාහ්මණ වංශයෙහිවූ, මහත් යසස් ඇති, කථාකරන්නවුන්හට උතුම්වූ, අනුව්‍යඤ්ජනයන්ගෙන් යුක්තවූ, දෙතිස් මහපුරිස් ලකුණු ඇති, ව්‍යාම ප්‍රභා (බඹයක් පමණ ඈතට රශ්මි)යෙන් යුත්, රැස් සමූහයෙන් ගැවසීගත්, නම්න් කාශ්‍යප නම් බුදුරජතෙම ලොව පහළවූහ. ’’(මෙම බුදුරජතෙම) සඳු මෙන් අස්වැසිලි කරන්නෙක. හිරු මෙන් පැහැ ඇතිකරන්නෙක. වැහි වලාවක් මෙන් (කෙළෙස්) ගිම් නිවන්නෙක. සයුර මෙන් ගුණ (මැණික්)වලට ආකරයෙක. ’’සීලයෙන් මහපොළොව…

Read More

මැදින් පුර පසළොස්‌වක පොහොය දිනය.

මැදින් පෝය මෙරට බෞද්ධයාට වැදගත් වන්නේ එය සිරිපා පෝය ලෙසින් පිළිගන්නා නිසයි. සිරිපා වන්දනා සමය උදාවූ පසුව බෞද්ධ බැතිමතුන් සිරිපා කරුණා කිරීමට සමනළ මුදුනට යන්නේ මැදින් පෝය දිනයටයි. ඒ නිසා මේ පෝය සිරිපා පෝය ලෙසට ජන සම්මතයක් ගොඩ නැගී ඇත. පරිසරය වියළි නිසා ගමන් යෑමේ පහසුව මත ජනතාව බක්මහට පෙර සිරිපා කරුණාකර එයින් මහත් කුසල්…

Read More

අකුසල් විපාක දෙන්නේ අසිහියෙන්ම තව තවත් අකුසල් කඳු මෝදුකොට දෙන්නමයී.

පොසොන් සඳ තවමත් මැකී ගිහින් නැහැ. මේ නිසල විවේකී රාත්‍රියේ ඈත ආකාසයේ සිට ඇය භික්ෂුව දෙස බලා සිටිනවා. සත්තකින්ම ඇය හරිම ලස්සනයි. හරිම මටසිළුටුයි. ඒත් භික්ෂුව ඇයගේ රුව විඳින්න යන්නේ නැහැ. භික්ෂුව ඇයගේ රුව දකිනවා පමණක්මයි. භික්ෂුවගේ අධ්‍යාත්මික ඇස, සඳ නමැති බාහිර රූපය සමග ඵස්සය වෙද්දී, භික්ෂුව දැක්කාය කියන තැන නවතිනවා. මේ නිසල රාත්‍රියේ ඇයගේ…

Read More

බුදු ගුණ කල්පයක් පුරා බුදුරජාණන් වහන්සේ නමක්ම සිහි කලද කල්පය ගෙවී යන්නේය.තවත් බුදු ගුණ ඉතිරි වන්නේය.

▼ ලොව භාග්‍යවත් පුද්ගලයින් බොහෝ ඇත. සතර අපායෙන් මිදී මිනිස් භවයක උපන්නා භාග්‍යවත්ය. මිනිස් ලොව බොහෝ ලෙස ලෞකික සැප විඳින්නන් වේ. දෙව් ලොව ඉපදුනු අයට දුකක් කියා දෙයක් නොදැනෙන තරම්ය. එතරම් සැප එම ලෝක වල ඇත. බ්‍රහ්ම ලොව ගත් කල ඔවුන් ධ්‍යාන සුඛයෙන් යුතුව කල් ගෙවති. බ්‍රහ්ම ලෝක වලද ඉහල ඉහල බ්‍රහ්ම ලෝකයන්හි ඇති සුවය…

Read More

කුසලයක් කර, මෙනෙහි කල යුත්තේ කුමක් ද?

ප්‍රශ්නය : – ස්වාමීන් වහන්ස, දානයක්, පිංකමක් කුමක් හෝ කුසලයක් කිරීමෙන් පසුව ඒවායේ ආනිසංස මෙනෙහි කරමින් ඒවා අනිත්‍ය බව දැක එවලේම සිතින් අත් හැරීම ද කළ යුත්තේ එහෙම නැත්නම් නැවත නැවත ඵස්සය මෙනෙහි කරමින් සතුටුවෙමින් එහි ආනිසංස දකිමින් අනිත්‍යය දැකීම ද කළ යුත්තේ..? පිළිතුර :- බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතූන් කීපයක් නිසා කෙනෙක් දන් දෙනවා…

Read More