ජිවිතය වර්තමානය තුළ නවතාගන්න.

බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට අවවාද කරනවා, ලද දෙයින් සතුටු වෙන්නය කියලා. නොලද දෙය ගැන පසුතැවෙන්න එපාය කියලා. භික්ෂූන් වහන්සේ වන අපි අපේ ලැබීමත්, අපේ නොලැබීමත් යන කාරණාවන් දෙකම උපයෝගීකොටගත යුත්තේ, විතර්කයන්ගෙන් තොර සමාධිමත් සිතක් උදෙසාම ය. ලැබීමෙන් මාන්නයට පත් වී, නොලැබීමෙන් හීනමානයට පත්වී, අපි අපේ ඵස්සය ඉදිරියේ ඇලීම් සහ ගැටීම් වැඩිකොට ගතහොත්, අපෙන් ඈතට…

Read More

ධර්මතාව සැබැවින් දුටු තැන, ඔබ වටිනාකම හිස්කරනු ඇත.

පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්‌, උසස්‌ අධ්‍යාපනයක්‌, උසස්‌ වෘත්තියක්‌, ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. භවයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌, බ්‍රහ්මයෙක්‌, පසුව සතර අපායේ සත්වයෙක්‌ ලෙස ඉපදුණේ අතීත සංස්‌කාරයන්ට අදාළව උපාදාන පච්චයා භවය කියන ධර්මතාවන්ට අනුවයි. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයයි. සංස්‌කාර නිරෝධය නොකළ සෑම සත්වයෙක්‌ම මරණයෙන් පසුව නැවත ඉපදීම ධර්මතාවයක්‌. නමුත්…

Read More

ආටානාටිය සූත්‍රයන් කියවෙන්නේ යකුන් එළවීමක් ගැනද ?

එදා මෙන්ම අදත් පිරිත් දේශනා අවස්ථාවලදී අටානාටිය සූත්‍රය දේශනා කරන අවස්ථාව කාගේත් විශේෂ අවධානයට භාජනය ලක් වේ. එයට හේතුව බොහෝ පිරිස් අතර මෙම සූත්‍රය දේශනා කරන විට නිවසේ සිටින අමනුෂ්‍ය කොටස් ගෙන්වා එළවනවා යැයි මතයක් පැවතීමයි. මේ නිසා කුඩා දරුවන් පමණක් නොව වැඩිහිටියන් පවා එම වෙලාවේදී එළියට පහළියට බසිනු දක්නට ලැබෙනුයේ ඉතා කලාතුරකිනි. සැබවින්ම මෙම…

Read More

ධර්මයේ මහානුභාවය අනුන්ගෙන් නොව තමා තුළින්ම අත්දකින්න.

පිංවත් ඔබ මේ ලැබූ උතුම් ජීවිතයද, ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මය. උතුම් ධර්මයේ සරණින් බැහැරව ගිය දේවදත්ත හාමුදුරුවෝ, කෝකාලික හාමුදුරුවෝ, සුනක්‌ඛත්ත වැනි මිත්‍යදෘෂ්ඨිකයන්ට අත්වූ කටුක ඉරණම සිහිපත් කරමින්, ධර්ම රත්නයේ අයෝමය බලය කෙරෙහි විශ්වාසය ඇතිකොටගන්න. පිංවත් ඔබේ ජීවිතය කියන්නේ ධර්මයේ උතුම් ගුණයක්‌මයි. පිංවත් ඔබ ලබන සෑම සැම වේදනාවක්‌ම ධර්ම රත්නයේ උතුම් ගුණයක්‌මයි. අබුද්ධොත්පාද කාලයක ජීවමානව පවතින…

Read More

තෘෂ්ණාව සමග බැඳුණු ජීවිතයට ආලෝකයක්.

පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් ප‍්‍රශ්නයක් විමසුවා, රහතන් වහන්සේ නමක් පිරිමි හෝ කාන්තා රූපයක් දකින්නේ කොයි ආකාරයට ද කියලා. භික්ෂුව සූත‍්‍රගත ධර්මයන්ට අදාළව ලබාදුන් පිළිතුර වූයේ මහත්තයෝ, යම් භික්ෂුවක් උතුම් රහත්ඵල අවබෝධයට පත් වෙනවාය කියන්නේ උන්වහන්සේ කාරණා පහක් ධර්මානුකූලව අවබෝධ කළාය කියන කාරණයයි. එම අර්ථයන් පහ තමයි රූප, වේදනා, සංඥා, සංස්කාර, විඤ්ඤාණ කියන පංචඋපාදානස්කන්ධ ධර්මයන්. අපි කවදා…

Read More

දැක්ම වරදින විට මතුවෙන පුහු වීරත්වය!

පින්වත, “සත්ත්වයා කර්මය දයාද කොට ගෙන උපදියි” කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, කර්මය යැයි කියද්දී, කුසල් සහ අකුසල් කියන කාරණා දෙකම අයිති වෙනවා. පින්වත, මෙය සටහන් තබන භික්ෂුවට නම් මේ කාලයේ දී කුසල් සංස්කාරයෝ විපාක දෙනවා වැඩියි. පින්වත, විපාක දෙන කුසල් සංස්කාරයෝ හේතුවෙන් විපාකයට පැමිණීමට නොහැකිව ළත වෙන අකුසල් සංස්කාරයෝ අවස්ථාවක් පැමිණෙන තෙක්…

Read More

මේ මුළු ලෝකයම ඔහුට කමටහනක්‌ වූ මෙවලමකි.

භික්‍ෂුවට මතකයි, භික්‍ෂුව උපසම්පදා විනය කර්මයට සහභාගීවී පැමිණි පසු ආරණ්‍යයේ වැඩ සිටි සාමනේර හිමිනමක්‌ විමසුවා ‘ඔබ වහන්සේ ඊයේ උපසම්පදා වුණානේ. දැන් ඔබ වහන්සේ ලොක්‌කෙක්‌ නේද?’ කියලා. ඒ දරුවා උපසම්පදාව කියන අර්ථය දුටු චිත්‍රයයි ඒ ප්‍රකාශකළේ. ඒ මොහොතේ භික්‍ෂුව කිව්වේ ‘දරුවෝ, උපසම්පදා පිංකමෙන් පස්‌සේ මම තව කුඩා වුණා’ ය කියලයි. සරළ වුණාය කියලයි. නිහතමානී වුණාය කියලයි….

Read More

    පූතිගත්ත තිස්ස තෙරුන්ගේ ශරීරය කුණු වීමට හේතුව.

    සැවැත් නුවර වාසය කළ එක් කුල දරුවෙක් බුදුරදුන් දෙසු බණ අසා පැහැදී පැවිදි උපසම්පදාව ද ලබා ගත්හ. උන්වහන්සේ ප්‍රකට වූයේ “තිස්ස” යන නමිනි. ටික කලක් ගත වීමෙන් පසු උන්වහන්සේගේ ශරීරයෙහි සුව කළ නොහැකි රෝගයක් ඇති විය. එය සිදු වූයේ මෙසේය. මුලින්ම අබ ඇට තරම් කුඩා බිබිළි මතු වී පසුව ඒවා මුං ඇට තරම් ද, මෑ…

    Read More

    නකුලපිතු සුත්‍රය 5.

    හැම වෙලාවේම අපි ගොඩක් බුද්ධිමත් වෙන්නට ඕනේ. ගොඩක් දෙනෙක් මේ අනාත්මයි කියන එක පිළිගන්නේ නැහැ. ඇත්ත ඒක එහෙමම තමයි. දැන් අපි නිකමට හිතමු මේ ධර්මය තේරුම් ගන්න ඉස්සෙල්ලා අපේ පොඩි කාලේ, අපිට මේ ‘මම’ම වෙලා මේ ‘කෙනෙක්ම’ වෙලා ‘පුද්ගලයෙක්ම’ වෙලා හිටියා මිසක ඇත්තටම ඒ කාලේ ගත්තහම අපිත් ආත්මම තමයි. අනාත්මයි කියලා, මම නෙවෙයි කියලා කිව්වොත්…

    Read More

    මේ ලොව පිරිසිදුම තාක්ෂණය යි.

    තාක්‌ෂණයෙන් දියුණුවට පත්වූ ලෝකයා “තාක්‌ෂණය නිසා ලෝකය විශ්ව ගම්මානයක්‌වී, ලෝකයේ පාලනය මිනිසා විසින් සිදුකරනවා” යන විශ්වාසයට පැමිණ ඇත. මේ මායව තුළ ලෝකයා මොනතරම් මුලාවට පත්වී ඇතිදැයි යන්න ගැන ඔබට අවබෝධයක්‌ ලබා ගත හැක්‌කේ ධර්මය අවබෝධ කරගැනීමෙන්මය. ලෝකයා සතුටුවන, ලෝකයා ජීවත්වන, ලෝකයා පාලනය කරන ඊනියා තාක්‍ෂණය, ක්‍රියාත්මකවන්නේ බලශක්‌තිය මඟිනි. බලශක්‌තිය හිඟවුණු දිනයක, බලශක්‌තිය නැතිවුණු දිනයක තාක්‍ෂණයේ…

    Read More