දරුවන්ගේ නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වැඩිදියුණු කොටගන්නේ කෙසේ ද?

පාසල් දරුවන් තමන්ගේ නුවණින් මෙනෙහි කිරීමේ ශක්තිය වැඩිදියුණු කොට ගැනීමට නම්, නිරතුරුවම තමන්ගේ දෙමාපියන්, ගුරුවරුන්, වැඩිහිටියන් සමඟ කථා කරන්න ඕනේ. පින්වත් දරුවන්ට මතුවෙන ප‍්‍රශ්න, ගැටළු, සැක සහිත තැන් ගෞරවයෙන් යුතුව අසා දැනගන්න ඕනේ. මෙතනදී තමයි ඔවුන් ලබන අලුත්, නැවුම් දැනුම ඔස්සේ, නුවණින් මෙනෙහි කිරීමෙන් පින්වත් දරුවන්ගේ සතිය සිහිය වැඩිදියුණු වෙන්නේ. පින්වත් දරුවන් ගුරුතුමාගෙන් විමසනවා, ඇස්…

Read More

තෘෂ්ණාව යම් තැනක ද, දුක ද එතැනය.

පිංවත උපාධි දහයක් ගන්නවාට වඩා, මේ පුංචි අර්ථය ජීවිතයට එකතුකොට ගත්තොත්, ජීවිතයට මොනතරම් නම් නිදහසක් ද? ඒ පුංචි අර්ථය තමයි තෘෂ්ණාව යම් තැනක ද, දුක එතැන තිබෙනවාය කියන අර්ථය. පිංවත ඇලීම් සහ ගැටීම් වලින් පංච උපාදානස්කන්ධ ලෝකය නටවන්නේ තෘෂ්ණාව විසින්මයි. පිංවත ඔබට ඇසෙනවා ද ලෝකය නටන හඬ? පිංවත ඔබට පෙනෙනවා ද ලෝකය නටන රිද්මය? පිංවත…

Read More

සත්වයාගේ සසර සකස්වන ආකාරය.

“මම වෙමි” යන හිතා ගැනීම ඇති තාක් සසර සකස් වෙනවා. ජාති ජරාමරණ සෝක වැළපීම් දුක් දොම්නස් උපායාස ඇති වෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නෙ මේ හිතා ගැනීම ඇති තාක් මාරයා සමග බැඳෙනව, හිතාගැනීම් නැත්තං මාරයාගෙන් මිදෙනව කියලයි. (මඤ්ඤමානො භික්ඛවෙ බද්ධො මාරස්ස, අමඤ්ඤමානො මුත්තො පාපිමතො). ‘මම’ කියන්නෙ නො වෙනස් වන නිත්‍ය ධර්මයක් හැටියට පුහුදුන් සිතට කල්පනා වෙනව….

Read More

“එක්කො මරණය, නැත්නම් සතර අපායෙන් මිදීම”

පසුගිය කාලවකවානුවල වැඩසිටිය ගෞරවණීය ස්‌වාමීන් වහන්සේලාත් වර්තමානයේ වැඩසිටින ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාත් විසින් කරගෙන ගිය ධර්මදේශණාමය, බෝධිවන්දනාමය පිංකම් හරහා අතිවිශාල තරුණ පිරිසක්‌ ධර්ම මාර්ගයේ පෙරට එනවා පිංවතුන්ලා දකින්න ඇති. එම තරුණ පිරිස දිහා දැක්‌කහම වර්තමානයේ පැවිදිභාවයට පත්වී උතුම් ජීවිත ගතකරන තරුණ ස්‌වාමීන් වහන්සේලා දැක්‌කහම සද්ධර්මයට සමාජය තුළ මොනතරම් දෙයක්‌ කරගන්න පුළුවන්ද කියලා සිතෙනවා, තරුණ පිංවතුන්ලාට. නමුත්…

Read More

හිංසාවේ රාත්‍රිය.

තවත් ජනවාරි පළවැනිදාවක්‌ අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක්‌ පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්‌වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස්‌ තව තවත් කාවද්දනු පිණිසද…

Read More

විශුද්ධි ධර්මයන්.

බෞද්ධයාගේ පරම පැතුම නිවන යි. ඒ සඳහා සතර මාර්ග ඤාණ ලබාගත යුතු වෙයි. ඊට ළඟාවීමේ මාර්ගයක් ලෙස මෙම ‘සප්ත විශුද්ධි ප්‍රතිපදාව ‘ හඳුන්වා දිය හැකිය. ‘විශුද්ධිය ‘ යනු පිරිසුදු බවයි. සසර සැරිසරන විට නිරන්තරයෙන් කෙලෙස් නමැති මලවලින් අපිරිසුදු වන පෘථග්ජන සත්වයාගේ සිත විශේෂයෙන් පිරිසුදු බවට පත්කරන ධර්ම ‘විශුද්ධි ධර්ම’ ලෙස හඳුන්වන අතර, එවැනි කාරණා හතක්…

Read More

අනුන් ඔබව මුරුංගා අත්තෙ තැබුවත්, ඔබ ගසින් බසින්න දක්ෂ වෙන්න ඕන…

භික්ෂුව දන්න එක මහත්මයෙක් සිටියා. ඔහු බොහෝම උත්සහයෙන් සද්ධර්මය ශ‍්‍රවණය කරමින් දන් පූජා කරමින් ජිවිතය ධර්මය දෙට හොඳින් යොමු කොට ගත්තා. මේ මහත්මයා කිහිප වතාවක්ම භික්ෂුවට ප‍්‍රකාශ කොට තිබෙනවා තමා සද්ධර්මය මුණ ගැසීමට පෙර නරක යහළුවන් ඇසුර නිසා හුඟාක් වැරදි සිදුකරගත්තා කියලා. මොහුගේ යහපත් ක‍්‍රියාවන් දැකලා භික්ෂූවද මොහුට තව තව පිං සිදුකර ගැනීමට අවස්ථාවක් ලබා…

Read More

හේතුඵල ධර්මය දකින උපේක්ෂාවේ ආලෝකය.

සුන්දර වස්සානය ගෙවී ගිහිල්ලා, චීවර මාසය උදාවෙලා තිබෙනවා. පිංවත් බෞද්ධ ජනතාව වැඩියෙන්ම පිංකම් කරන මාසය. පිනට කැමති දෙවියන්, මනුෂ්‍ය අප කෙරෙහි කෘතවේදී සිතින් පිං අනුමෝදන් වෙන මාසය. උතුම් ශාසනික අර්ථයන් තව චිරාත් කාලයක් රැකගන්න, ගිහි සහ පැවිදි දෙපාර්ශවයේ විශ්වාසය ශක්තිමත් වෙන මාසය මේ චීවර මාසයයි. මෙය සටහන් තබන භික්ෂුව, මහා සංඝරත්නය කෙරෙහි ශ්‍රද්ධාව සහ ගෞරවය…

Read More

කාමයේ පීඩාවෙන් අඩා වැළපුණ තෙරණිය.

මහා ප්‍රජාපතී ගෝතමී දේවිය ට කිරි මවක් සිටියා. ඒ කිරි මවත් අතීත බුද්ධශාසන වල බොහෝ පින්කම් සිදු කර ගෙන සිටි කාන්තාවක්. මහා ප්‍රජාපතී ගෝතමී දේවිය පැවිදි වුණාට පසුව මේ කාන්තාවත් පැවිදි වුණා. පැවිදි වූවත් ඇය කාමරාගයෙන් දැඩි සේ පීඩාවට පත් වුණා. එක් සුළු මොහොතක්වත් හිත එකඟ කරගන්නට ඇයට බැරි වුණා. කාමරාගයෙන් තමන්ව ගලවා ගන්නට බැරි…

Read More

මරණය ගැන කතා කරන්න බය වෙන්න එපා.

භික්ෂුව වැඩසිටින ගමේ පොදු සුසානභූමියේ, ඊයේ සවස මරණයක් මිහිදන්කරලා. සුසානභූමියේ ගේට්ටුවේ එල්ලෙන මලානිකවූ ගොක්කොල සැරසිල්ල, කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේ, පාළු කනත්ත ඉදිරියේ බලාසිටිනවා. ඊයේ සවස මිහිදන්කළ දේහයත්, කාත් කවුරුවත් නැති අනාථයෙක් වගේම, මහපොළව යට කුණුවෙලා යනවා ඇති. අපේම රූපය අනාගතයේ කවදාහරි දවසක, මහපොළොව යට කුණුවෙලා යද්දි, දර සෑයක අළුවෙලා යද්දී, අපි තවමත් ජාති, ජරා,…

Read More