සෝවාන් ඵල අවබෝධය උදෙසා විදර්ශනා නුවණ මතු කරගන්න.

පින සහ පව මෙන්ම නොහඳුනන ලෝකය තුළ පිංවත් ඔබ, පින සහ පව හඳුනා ගන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. පිංවත් ඔබේ සුන්දර ජීවිතය පිනේ ඵලයක්. ඒ කියන්නෙ පෙර ජීවිතයේ දානයේ, ශීලයේ, මෛත‍්‍රියේ ඵලයක්. එම නිසා පිංවත් ඔබ පිනෙන්මයි, ඔබේ ජීවිතය පෝෂණය කොටගත යුත්තේ. පවුඩර්, සුවඳ විලවුන්, මෝස්තර වැනි කෘති‍්‍රම පොහොරවලින් නොවේ. පිංවත් ඔබ අසිහියෙන් ඔබේ පිංවත්…

Read More

ඔබේම මළකඳ මිහිදන් වූ අතීත සුසාන භූමිය.

පිංවත, ඔබ ගොඩාක් දේවල් මගේ කොටගෙන ඒ සියල්ල මගේ යැයි සිතාගෙන සිටියත්, ඔය කිසිවක් ඔබට අයිති නැහැ. මොහොතක් සිහි නුවණින් දකින්න, අනාගතයේ යම් දවසක ඔය මගේ කොටගත් සියල්ලම හැර දමා, සතර දෙනෙක්ගේ කර මතින් පවුලේ සුසාන භූමියට යන අවසන් ගමන. හැබැයි ඉතින් ඒ සුසාන භූමියට යන්නේ මළ කඳක් පමණක්මයි. ඔබේ පටිච්චසමුප්පන්න නැවත උපත භවාත්‍රයේ කොතැනකට…

Read More

සිහියෙන් බලන්න… දහම ඔබ අසලමය…

ඔබ ජීවත් වන්නේ ධර්ම නිකේතනයක. ධර්ම කාන්තාරයක නොවෙයි. එහෙත් ඔබ ධර්මය සොයනවා. සැබැවින්ම ඔබ සොයනවානම් සෙවිය යුත්තේ සැඟවුණ දෙයක්‌. නොපෙනෙන දෙයක්‌…. ඉන්ද්‍රියන් හයටම පස්‌සය වන මායිමේ ධර්මය තිබියදී ඔබ එය දකින්නේ නැහැ. ආලෝකය තුළ සිටිමින් ඔබ ආලෝකය සොයනවා. මොකද ඔබේ දෑස්‌ අවිද්‍යාවෙන් වැසිලා. ඔබ ධර්මය සොයන්නේ නම් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැඩිය මඟ යන්න. උන්වහන්සේ ගිය…

Read More

බැඳීමක් නැති ඇසුරක්.

උතුම් සමාධිය තුළදිත්, සමාධියෙන් බැහැරවත් තමන්ට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්‌ම විනිවිද දකින්න. ඒ හැකියාව ඔබ තුළින්ම ඔබ මතුකරගත යුතුයි. පිංවත්, ශීලයෙන් පරිපුර්ණ ඔබ තුළ විදර්ශණාව වැඩෙන්නෙ නැහැ කියන්නේ රූපය විනිවිද දැකීමේ ශක්‌තිය හීනයි කියන කාරණයයි. පිංවත් ඔබට අරමුණුවෙන්නාවූ සෑම රූපයක්‌ම මළකඳක්‌ කර දකින්න. කුණුවෙන මළසිරුරක්‌ සේ දකින්න. ඇටසැකිල්ලක්‌ කර දකින්න. කිසිදු රූපයක්‌ විනිවිද දැකීමෙන් තොරව මතුව…

Read More

නවම් පුර පසළොස්වක පොහොය දිනය.

සම්මා සම්බුද්ධ ශාසනයෙහි සුවිශේෂී වූ සිද්ධීන් රැසක් සිදුවුණා වූ උතුම් පූජනීය දිනයක් වශයෙන් නවම් පුණු පොහෝ දින හඳුන්වන්නට හැකිය. ධර්ම සේනාධිපති සාරිපුත්ත මහ රහතන් වහන්සේ හා මහාර්ධිලාභී මුගලන් මහ රහතන් වහන්සේ යන රහතන් වහන්සේලා අග්‍ර ශ්‍රාවක තනතුරු ලැබුයේ නවම් පුනු පොහෝ දිනකදීය. රජගහ නුවර වේළුවනාරාම පුණ්‍ය භූමිය මුල් කරගෙන බුද්ධ ශාසනයෙහි ප්‍රථම මහා සංඝසන්නිපාතයත් සිදු…

Read More

දෙතිස් කුණුප භාවනාව.

සිරුරෙහි තිබෙන කොටස් තිස් දෙක කායගතාසති භාවනාවට ඇතුළත් වේ. එය දෙතිස් කුණුප භාවනාව යි. අසුභ වශයෙන් සැලකීම අසුභ භාවනාව යි. කය අනුව බැලීම කායානුපස්සනා සතිපට්ඨානය යි. කේසා, ලෝමා, නඛා, දන්තා, තචෝ, මංසං, නහාරු, අට්ඨී, අට්ඨි මිජ්ජා, වක්කං, හදයං, යකනං, කිලෝමකං, පිහකං, පප්පාසං, අන්තං, අන්ත ගුණං, උදරියං, කරීසං, මත්තලුංගං, පිත්තං, සෙම්හං, පුබ්බෝ, ලෝහිතං, සේදෝ, මේදෝ, අස්සු…

Read More

සිදුහත් තවුසාත් සුබ දිශාව බැලුවාද?

මෙහෙමයි දරුවෝ. එතැන දිශාව බලන්න ඇති. නමුත් උන්වහන්සේ දිශාව බැලුව නම් බලන්නේ, උන්වහන්සේ ලොව්තුරා බුද්ධත්වයට පත්වෙලා නැහැ. සම්මා සම්බුද්ධ ඥානයට පත්වෙලත් නැහැ. අවම වශයෙන් සෝවාන් ඵලයට පත් වෙලාවත් නැහැ. එතකොට ඒ බෝධි සත්ත්වයෝ හැටියට ඉන්න වෙලාවෙ එදා දිශා වන්දනාව කියන දේ එදා සමාජයේ මුල් බැසගෙන තිබ්බ දෙයක්. ඒ සමාජයේ මුල්බැසගැනීම් වලට අදාළව උන්වහන්සේ බෝධි සත්ත්වයෙක්…

Read More

තෘෂ්ණාව තෘෂ්ණාවෙන්ම නැති කරන කලාව.

දුක අර්ථය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකයේදි අපි හැමෝම සැප වේදනාවන්ට කැමතියි. සැප වේදනාවන් ඇතිවුණ අවස්ථාවන්හි දී අපි ඒ සැප වේදනාව මගේ කොට ගන්නවා. ඒ සැප වේදනාවන් තුළ බැස ගන්නවා. ඒ සැප වේදනාවන් නොවෙනස් වන දෙයක් බව දකිනවා. නමුත් යම් මොහොතක දී ඒ සැප වේදනාවන් වෙනස් වී දුක් වේදනාවක් බවට පත්වෙද්දී අපිට ඉතිරි වන්නේ බලාපොරොත්තු බිඳවැටීමක් පමණක්…

Read More

ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක් නේ ද?

පිංවත් ඔබ මෙහෙම හිතන්න. මෙය සටහන් කරන භික්‍ෂුව දන් වළඳනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙනවා පිසින ලද මාළු කැබැල්ලක්‌. දායක මහත්මයෙක්‌ මේ මාළු කෑල්ල දැක භික්‍ෂුවට කියනවා ‘හාමුදුරුවනේ ඔබ වහන්සේ ඔය මාළු වළඳන එක පාපයක්‌ නේද?’ කියලා. මෙන්න මේ ගැටලුවට භික්‍ෂුව දකින පිළිතුර ධර්මයට අනුව මෙහි සඳහන් කරනවා. භික්‍ෂුවගේ පාත්‍රයේ තිබෙන පිසින ලද මාළුවා, මේ මොහොතේ කොහේ…

Read More

සම්මත විවාහයෙන් පීඩවට පත්වෙද්දී, අසම්මත සම්බන්ධතාවයන්ට යොමු වෙන්න එපා !

ධර්ම සාකච්ඡාවක් අවසානයේදී, පිංවත් කාන්තාවක් ප්‍රශ්නයක් විමසුවා. ස්වාමින් වහන්ස මට ගොඩාක් ප්‍රශ්න තිබෙනවා. පවුල් ජිවිතයේදී, ස්වාමීපුරුෂයා සමඟ අඩදබර වෙනවා. දරුවන් අකීකරුයි. ස්වාමී පුරුෂයා මත් වතුර බොනවා. ඥාතීන්ගෙනුත් හොඳක් අහන්න නැහැ. ස්වාමීන් වහන්ස මට ජිවිතය එපා වෙලයි තිබෙන්නේ කියලා. භික්ෂුව ඒ වේලාවේ එම පිංවත් කාන්තාවට මතක් කළේ ඔබ කරපු දෙයයි ඔබට ලැබිලා තියෙන්නේ. ඒ නිසා ඔබම…

Read More