එදිනෙදා ඇස ගැටෙන දේ කමටහන් කර ගන්නේ කොහොම ද?

ප්‍රශ්නය : – ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි කැලය ඇතුළෙ තියෙන කුටියකත් ඉන්නවා. ඊළඟට මේ වගේ ග්‍රාමවාසී ආරණ්‍යවල, නගර ආශ්‍රිත කුටිවල නිතර නිතර ඉන්නවා. ඒ අතරෙ පයින් ගමන් කරනවා. වාහනවල ගමන් කරනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කරනවා. මේ සෑම අවස්ථාවකම ඇසින් දකින රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ආදී මේ ඉන්ද්‍රියයන් පහට ගෝචර වෙන…

Read More

ආදීනව නොපෙනෙන ආශ්වාදයද ආදරය ?

තාරුණ්‍යය කියන්නේ බොහෝම සුන්දර තැනක්‌. ලස්‌සන, කඩවසම්, ලාලිත්‍යය, රිද්මය, ප්‍රභාෂ්වරබව තාරුණ්‍යයත් එක්‌ක ජීවිතයට එකතුවෙන ධර්මතාවයන්. ශරීරය තුළ කුළුඳුලේ නිපදවන හෝමෝන ක්‍රියාකාරීත්වය නිසා සතරමහා ධාතුව හොඳින් දීප්තිමත්ව හැඩවැඩ වෙන කාලයක්‌ මේ තාරුණ්‍යය. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශණා කරනවා ‘මහණෙනි, රූපයේ ආශ්වාදයක්‌ තිබෙනවා. මම රූපයේ ආශ්වාදයක්‌ නැහැ කියන්නේ නැහැ’ කියලා. රූපයේ ආශ්වාදය තමයි නව යොවුන් දරුවෙකුගේ, දැරිවියකගේ රූපයේ…

Read More

අපි හැමෝම මාරයාගේ සේවකයෝ.

පිංවත, කාමයේ ආශ්වාදය හරිම භයානකයි. කෙටි ආශ්වාදය අපිව දීර්ඝකාලීන ආදීනවයන්ට යොමු කරනවා. ආශ්වාදය කියලා කියන්නේ ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස පිනවීමයි. පිංවත, ආශ්වාදයට කවු ද අකමැති? ආශ්වාදයට අපි හැමෝම කැමති නිසාම, ජාතියක් හැටියට වර්තමානයේ අපිට ඉතිරි වෙලා තිබෙන්නේ දීර්ඝ ආදීනවයේ බංකොලොත්භාවය පමණක්මයි. පිංවත, බංකොලොත්භාවය ආදීනවයක් වුව ද, අපි බංකොලොත්භාවයත් ආශ්වාදයක් කොටගත් කල්හි, පදංග වශයෙන්…

Read More

සිඅහවත්, කඳුලත්, උපේක්ෂාවත් වේදනාවේ අනිත්‍යභාවයෙන්ම දකින්න.

භික්‍ෂුවගේ ගිහි ජීවිතයේදී මම සැප, දුක්‌, වේදනාවන් සල්ලි දීලා ගත්ත කෙනෙක්‌. අනුන්ගේ සැප දුක්‌ බලෙන් ගත්ත කෙනෙක්‌. පිංවතුන්ලා සැප වේදනාවන් සොයමින්, දුක්‌ වේදනාවන් ප්‍රතික්‍ෂේප කරමින් යනවිට, භික්‍ෂුව සැප දුක්‌ වේදනා සොයාගිය කෙනෙක්‌. භික්‍ෂුව සැප ගිහි ජීවිතයේ එක තත්ත්පරයකදීවත් එරමිණියා ගොතාගෙන වේදනානුපස්‌සනාව පුහුණුකරලා නැහැ. මම ගිහි ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය දැක්‌කේ, රූපය ඇසුරින් දුක්‌ සැප වේදනාවන් තුළට…

Read More

බුදු සිතක උපදිනා සිතිවිල්ලක්, ‌ඔබේ සිත තුළත් උපදවාගන්න.

තවත් ජනවාරි පළවැනිදාවක්‌ අත ළඟය. අප මේ අදියරේදී කතා කරමින් සිටින්නේ ‘සතර අපායෙන් මිදීම’ ගැනය. මේ නිමිති දෙක සැලකූ විට මෙම ලිපිය තවත් වරක්‌ පළ කිරීමට සිත්විය. ‘මහරහතුන් වැඩි මඟ ඔස්‌සේ’ ලිපි මාලාව කියවන්නට පසුව එක්‌වූ හෙවත් මෙම ලිපිය මගහැරුණු පාඨකයන් වෙනුවෙන්ද, මෙම ලිපිය මින් පෙර කියවා ඇති පාඨකයන්ට එම අදහස්‌ තව තවත් කාවද්දනු පිණිසද…

Read More

ස්වාභාවික විපත් සහ වසංගතවලට හේතුව අපේම අකුසල් කර්ම.

භික්ෂුව වැඩ සිටින කුටිය අසලටම වැසි වතුර ඇවිල්ලා. ලොකු කබරයෙක් වැසි ජලයේ පිහිනායන්නේ හරිම ආශ්වාදයකින්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, රූපය කියන්නේ මාරයාය කියලා. වැසි වතුරේ ආශ්වාදයෙන් පිහිනා යන කබරයාට, වැසි වතුර සැප වේදනාවක් වුණාට, වැසි වතුරෙන් පීඩා විඳින පිංවත් ඔබට, එය දුක් වේදනාවක්මයි. එකම රූපය විවිධාකාර විඳීම් සත්වයාට සකස්කොට දෙන්වා. කලූපාට වැසි වලාකුළුවලින් බරවෙච්ච අහස්…

Read More

අසිහියෙන් යන මේ ගමනේ කෙළවර කොතනද?

වර්තමාන සමාජය ආර්ය අෂ්ටාංගික මාර්ගයෙන් පෝෂණය වූ, සතර සතිපට්ඨාන ධර්මයන් කෙරෙහි සිහිය පිහිටුවා නොගැනීම නිසාම, අසිහියෙන් යන මේ ගමන, මනුෂ්‍ය සමාජය, මෘග සඤ්ඤාව කරා ගමන් කිරීමේ, බීජයවම අවස්ථාව හැටියටයි ධර්මානුකූලව අර්ථ දක්වන්න පුළුවන්. අනාගත ලෝකයේ මනුෂ්‍යයා ශීලයෙන් බැහැරව, මිථ්‍යා දෘෂ්ටිය කරපින්නා ගෙන, තිරිසන් සතුන් සේ හැසිරෙන, මෘග සඤ්ඤාව කරා ගමන් කරන, මෘග සඤ්ඤා කෝච්චිය වර්තමානයේ…

Read More

” මම නැවතුනා. ඔබ නවතින්න.”

වර්තමාන සමාජයේ සමහරක්‌ පිංවතුන්ලා අනුන්ගේ, නැතිනම් ලෝකයේ දුර්වලතාවයන් දැකලා ඒවාට ගැටිල තමාගේ ඉන්ද්‍රීය ධර්මයන් දුර්වල කරගන්නවා. ඔබ සෑම මොහොතකම ප්‍රාර්ථනා කරන්න ඕනේ අනුනගේ දුර්වලතාවයන්ම මට දකින්ට ලැබේවා. අනුනගේ විවේචනයන්ම මට ලැබේවා කියලා. කුමක්‌ නිසාද? ලෝකය අවබෝධ කරගැනීම උදෙසා, ඒවාට ඔරොත්තු දෙන ස්‌වභාවයට පත්වෙලා චිත්තානුපස්‌සනාව ශක්‌තිමත් කරගැනීම උදෙසා. අංගුලිමාල තරුණයා මනුෂ්‍ය ඝාතන 999ක්‌ සිදුකරල පණ අදිමින්,…

Read More

බහුපුත්තික තෙරණියගේ කතා වස්තුව

සැවැත්නුවර එක් පවුලක පුත්‍ර‍යන් සත්දෙනෙක්ද දූවරුන් සත්දෙනෙක්ද සිටියාහුය. ඒ දාහතරදෙනාම වැඩිවයසට පත්ව ගෙදරම නැවතී සිට සුවසේ තමන් කැමති පරිදි ජීවත්වූහ. කලකට පසු ඔවුන්ගේ පියා මිය ගියේය. මහා උපාසිකාව සැමියා මියගිය පසුත් ධනසම්පත් අත්නොහැර තමන් අතම රඳවාගෙන සිටියාය. ඉන්පසු දරුවෝ මව අමතා, මෑණියනි, අපේ පියා මියගිය පසු ඔබට මේ ධනයෙන් වැඩක් නැත. එය අප අතර බෙදා…

Read More

අලුත් අවුරුද්දෙත් ඔබ පරණ චරිතයම ද?

නව වසරක්‌ ලබන වෙලාවේ, පිංවත් ඔබ, මෝහය කියන කාරණය පිළිබඳවත් සැලකිල්ලක්‌ යොමුකරන්න ඕනේ. මෝහය කියන්නේ සම්මා දිට්‌ඨියේ අර්ථයන්ගෙන් බැහැරවීමයි. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවේ ඇති දුර්වලතාවයන් නිසාම, උදාවන සෑම වසරකදීම, ගෙවුණු වසරට වඩා අන්‍යශීලව්‍රතයන්, ජ්‍යොතිෂ යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් කොඩිවින ආදිය ජනතාව විසින් වැළඳගැනීමේ ප්‍රවණතාවක්‌ සමාජය තුළ තිබෙනවා. නව වසර කියන්නේ, පිංවත් ඔබට නිවැරදි වීමට ලැබෙන අලුත් අවස්‌ථාවක්‌….

Read More