පිංවත් ඔබ, බෞද්ධකමේ ආශ්වාදයට පමණක් යට වුණොත්…

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්‌වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට්‌ එකක්‌ බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක්‌ බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්‌වීමේ ස්‌වභාවයයි. අතීතයේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි බ්‍රහ්මයන්,…

Read More

ගැලවුම්කාර වේශයෙන් සමාජගත වෙන අකුසල්.

පිංවත, අපේ ජීවිත ඇලීම් සහ ගැටීම් වලින් පීඩාවට පත්වෙනකොට තීව්‍ර වෙන අවිද්‍යාවේ මන්දාරම ධර්මයේ විකසිතභාවයට බාධාවක්ම වෙනවා. විඳීමේ කෙලෙස් වලාවන් මතින් රූටා වැටෙන සංස්කාර ජල බිංදු ජරා, ව්‍යාධි, මරණ දුක් සාගරයම පෝෂණය කරනවා. පිංවත, සැබැවින්ම අපි දුකට කැමතියි. ඒ නිසාමයි අපි රූපය සතුටින් පිළිගන්නේ. රූපය සතුටින් ප්‍රාර්ථනා කරන්නේ. රූපය මම ය, මගේ ම යැයි රූපය…

Read More

අවිද්‍යා ඝන අඳුරේ එහා මෙහා යන නිර්ආගමික අවතාර.

පිංවත, වර්ණවත්, සුගන්ධවත් මලක් වුවත්, කොයි මොහොතක හෝ පරවෙලා යනවා. අපි මොනතරම් ප්‍රණීත, විසිතුරු සංස්කාරයෝ ජීවිත වලට එකතුකොට ගත්තත්, ඒ සෑම සංස්කාරයක්ම සැපයෙන් විකසිත වෙලා, ආශ්වාදයෙන් කුල්මත් වෙලා කිනම් මොහොතක හෝ ජරා, ව්‍යාධි, මරණයන්ටම පත්වෙලා යනවා. පිංවත, අපි ආශ්වාදයට ආදරය කළොත් එහි ඵලය වෙන්නේ ආදීනවයමයි. පිංවත, ආශ්වාදය කියලා කියන්නේ තෘෂ්ණාවට. ආදීනවය කියලා කියන්නේ ජාති, ජරා,…

Read More

විඤ්ඤාණය නැමැති මැජික්කරුවා!.

පිංවත අපිට ජීවත්වෙන්න තව බොහෝම පුංචි කාලයයි ඉතිරිවෙලා තිබෙන්නේ. අපේම අතීත සංස්කාර, දැනීම් ඔස්සේ, අපිව යළි යළිත් පංචඋපාදානස්කන්ධ ලෝකයට තල්ලු කරනවා, සිත් සේ ජීවිතය විඳින්නය කියලා. ඒත් වර්තමානයේ අපිට විඳින්නට ඉතිරිවෙලා තිබෙන්නේ දුක් වේදනාවන් පමණක්මයි. ජීවිතයේ ආයුෂයත්, ජීවිතයේ උණුසුමත්, රූපය ආහාරය කොටගෙන යැපෙන පටිච්චසමුප්පන්න විඤ්ඤාණයත්, ඔහේ බලා සිටිනවා, දැන් දැන් සැප වේදනාවන් ජීවිතයට ලැබේවි කියලා….

Read More

ඔබ ඇසුණ, දැකුණ, දැනුණ තැන නැවතුණු බුදුපියාණන්ගෙම දරුවෙක්මය.

අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්, ඔබේ දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් ‘මට අනාගතයේදී මෙවැනි දේ දකින්නට ලැබේවා, අසන්නට ලැබේවා, මට අනාගතයේ මෙවැනි මටසිලුටු දැනීම් ලැබේවා’ කියලා ඔබ යම් බලාපොරොත්තුවක්‌ ඇතිකර ගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍ය වේද, අනිත්‍ය වෙයිද? අතීතයේ, වර්තමානයේ…

Read More

සිහි මුළා වූ මරණයක අවාසනාව.

පින්වත, අපේ තෘෂ්ණාව වැඩි වෙද්දී, උපාදානයෝ හෙවත් බැඳීයාම් සහ අයිති කර ගැනීමේ කැමැත්ත වැඩි වෙනවා. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමේ කැමැත්ත අපි තුළ තිබිලා පමණක් වැඩක් වෙන්නේ නැහැ. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමට අදාළ පිනත් අපිට පටිච්චසමුප්පන්නව තිබෙන්නට ඕනේ. පින්වත, වර්ණය, සැපය, බලය උදෙසා කැමැත්ත දෝරේ ගලා ගියත්, ඊට අදාළ පින…

Read More

උතුම් බුදුගුණයන් නොවන්නට මම අද කොහෙදැයි සිතුවා ද?

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, තෙරුවන් සරණ ගිය පිංවතෙක්, පිංවතියක්, බහුල වශයෙන් වාසය කළ යුතු විහරණය, බුදුරජාණන් වහන්සේගේ ගුණයන්, සිහිකිරීමය කියලා. මෙය සටහන් තබන භික්‍ෂුවට, නිරතුරුවම බුදු ගුණයන් සිහිපත් වෙනවා. අපට කවදාකවත් ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නමක් සතු උතුම් බුදුගුණයන් ඇතිකොට ගන්න බැහැ. බුදුගුණයන්, බුදුරජාණන් වහන්සේලාට පමණක් සාධාරණ වූ ගුණයන්. භික්‍ෂුවගේ, භික්‍ෂු ජීවිතය සිහිපත් වෙද්දී, භික්‍ෂුවට…

Read More

නික්‌ලේශී මහා සංඝරත්නය.

බුදු රජාණන් වහන්සේ දේශනා කරනවා ‘පුණ්‌න, මහණ, කාමයන් නොපතයිද, ප්‍රියමනාපයෑයි නොකියයිද, ගැලී නොසිටීද පුණ්‌න, එය නොපතන, ප්‍රියමනාප යෑයි නොකියන, ගැලී නොසිටින එම භික්‍ෂුවගේ තෘෂ්ණාව නිරුද්ධ වේ. තෘෂ්ණාව නිරෝධයෙන් දුක නිරෝධය වේදිය කියලා. භික්‍ෂුවක්‌ උතුම් පැවිදි ජීවිතයේදී ලබන, උතුම් සම්මා විමුක්‌තිය පැවිදි දිවියක පස්‌වැනි ඵලයයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එසේම උන්වහන්සේ දේශනා කරනවා, රහත්බවට පත්…

Read More

උතුම් සංඝරත්නය මෙසේ ඇසුරු කරන්න…

සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක්‌ පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්‌ථා භික්‍ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට පැමිණි අම්මා කෙනෙක්‌, පාර අයිනේ සිට භික්‍ෂුවට පිණ්‌ඩපාතය පූජා කළා. භික්‍ෂුව ඇයට පිං අනුමෝදන් කළා. ඉන් අනතුරුව ඇය දෑත් එක්‌කොට කියනවා ‘ස්‌වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධකොට අවසානයේ දෙව් මිනිස්‌ සැප ලැබේවා’ කියලා. ඒ අවස්‌ථාවේ වයෝවෘද්ධ ඇයගෙන්…

Read More

පින්වත් ඔබ අනුන් විඳින සැපයට ඊර්ෂ්‍යා කරන්න එපා.

අග්ගඤ්ඤ සූත්‍රයේ සඳහන් වෙනවා, ලෝකය නැවත හටගැනීමෙන් පසුව, මුලින් ම මනුෂ්‍ය සමාජයට පාලකයෙක්, රජකෙනෙක් පත්වුණේ කොහොමද කියලා. ආභස්සරා බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක සංඥාවෙන් පැමිණි, සමාධිය ආහාරය කොටගත් බ්‍රහ්මයින්, රස පොළොවේ රසය කෙරෙහි තෘෂ්ණාවෙන්, රස පොළොවේ කුළුඳුලේ හටගත් බිම් පපඩම්, මීපැණි රසැති තම්පලා, මහපොළොව මත ඉබේ හටගත් ඇල් සහල් කෙරෙහි තෘෂ්ණාවෙන්, මේවා වැඩිවැඩියෙන් අයිතිකොට ගැනීමට යෑම හේතුවෙන්,…

Read More