කළ්‍යාන මිත්‍ර ආශ්‍රය.

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවනවිට මනුෂ්‍ය ලෝකය ආශ්‍රිතව ජීවත්වන දිව්‍යංගනාවක්‌ දර්ශනය වෙනවා. ඇය සාමාන්‍ය දිව්‍ය ස්‌වභාවයෙන් යුක්‌තයි. ඇය පැළඳගෙන සිටියේ බොහෝම පිළිවෙළට තිබූ සුදු සාරියක්‌, අත් දිග සුදු හැට්‌ටයක්‌. ඇය යන යන තැනට ඇයට සිංහාසනයක්‌ වගේ පුටුවක්‌ ලැබිල තිබෙනවා. මේ පුටුවේ හිඳගෙනම තමයි ඇය ගමන් කරන්නේ. ඇයට ආකාශයේ පාවීයන්න පුළුවන්. එම පුටුව හරියට ඇයට බද්ධවෙලා තිබෙනවා…

Read More

අතීත මහොත්තමයෝ.

පුතේ ඕගොල්ලෝ දන්නවා බුදු හාමුදුරුවන්ගේ කාලේ රජවරු රජකම්, සිටුවරු සිටුකම් අතහැරලා, මහා දානපතියෝ ඒ සියළුම ධනය අතහැරලා ආවා මේ උතුම් සද්ධර්මය වෙනුවෙන්. මහා කප්පින මහරහතන් වහන්සේගේ ගිහි කාලේ ගැන ඇහැවුවහම හරි පුදුමයි. යොදුන් ගණනක් විශාල මහා රාජ්‍යයක රජ කෙනෙක්. උයනට යමින් ඉන්න අතරමඟ “බුදු හාමුදුරුවෝ ලෝකේ පහල වුනා, ධර්මය ලෝකේ පහල වුනා, සංඝ රත්නය ලෝකේ…

Read More

අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම.

එක් සමයක භාග්‍යයවතුන්වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩවසන සේක. එකල්හි, බුදුරජාණන්වහන්සේ භික්ෂූන් වහන්සේ අමතා මෙසේ වදාල සේක. මහනෙණි , අංග අටකින් යුත් උපෝසථ සීලය සමාදන් වීම මහත්ඵල ඇත්තේ වෙයි, මහත් අනුසස් ඇත්තේ වෙයි. මහත් බැබලීම් ඇත්තේ වෙයි. මහත් පැතිරීම් ඇත්තේ වෙයි. මහනෙණි , කෙසේ සමාදන් වන උපෝසථ සීලයද මහත්ඵල ඇත්තේ, මහත් අනුසස් ඇත්තේ , මහත් බැබලීම්…

Read More

විඳීම් සොයා අයාලේ යන සිතක රස්තියාදුව.

දැන් වේලාව සවස 5.30 ට පමණ ඇති, කුටිය අවට පරිසරය හරිම නිහඬයි. දවසේ අවසාන ආහාර වේල සොයමින් කිචි බිචි ගාන කුරුල්ලන්ගේ නාදය, ඇසී නෑසී යනවා. සුළග වේගයෙන් හමාගෙන ඇවිත්, නැවතත් නවතිනවා. සෑම දෙයක්ම නිරතුරුවම වෙනස් වෙනවා. අපි කැමැති අකැමැති දෙයක්, වෙනස් වී යනකොට අපි අලූත් දෙයක් සොයනවා. ඒ සොයාගත් දෙයත් වෙනස් වෙන දෙයක්මයි. අවසානයේ වෙනස්…

Read More

‘මල් – සුවඳ – ජිවිතය – දුක ‘.

අද උදේ පිණ්‌ඩපාතයේ වඩිනකොට හොඳටම වැහිරීගිය ශරීරයකින් යුත් එළදෙනක්‌ මහ පාරට යාබදව ඇති වැව් පිටියේ බිම වැටී දඟලනවා. ඒ එළදෙනගේ අත් පා ගැහෙනවා. පෙබරවාරියේ කර්කශ ඉඩෝරයේ කටුකභාවය, වැහැරීගිය එළදෙනගේ ශරීරයේ ස්‌වභාවයෙන් ඉතා අර්ථවත්ව මතුකොට දෙනවා. සත්වයාගේ අකුසල් මෝදුකොට, විපාකයන් සලස්‌වන්න, මේ කටුක වියලි පරිසරය බොහෝම සමීපභාවයෙන් උපකාර කරනවා. තවම පෙරවරු 8.00 ට වත් නැහැ. හිරුගේ…

Read More

මෛත්‍රී භාවනාව වඩන ආකාරය සහ ආනිසංස.

බුදුරජාණන් වහන්සේ දේශනා කළේ රහතන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක පසේ බුදු නමකට දන් පැන් පූජා කිරීම. පසේ බුදුරජාණන් වහන්සේලා සියක් නමකට දානය දෙනවට වඩා මහත් ඵලයි මහානිසංසයි එක් පසේ බුදුරජාණන් වහන්සේ නමකට දන් පැන් පූජා කිරීම. බුදුරජාණන් වහන්සේට දන් පැන් පූජා කරනවට වඩා මහත් ඵලයි මහානිසංසයි බුද්ධ ප්‍රමුඛ මහා…

Read More

මෛත්‍රී භාවනාව.

අන්‍යයන්ට දුක් නො වෙනවාට සැප ඇති වෙනවාට යහපතක් වෙනවාට අනුන්ගේ යහපත් අදහස් ඉටු වෙනවාට අනුන් දියුණු වෙනවාට උසස් වෙනවාට කැමති බව මෛත්‍රිය ය. අන්‍යයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා යනාදීන් මෛත්‍රිය අන්‍යයන් කෙරෙහි නැවත නැවත පැතිරවීම: තවත් ක්‍ර‍මයකින් කියත හොත් ස්වකීය චිත්තයෙන් අන්‍යයන්ට සෙත් කිරීම මෛත්‍රී භාවනාව නම් වේ. එය නොබෝ කලකින් ම ඵල…

Read More

ආශ්වාදයට අතවනන, පාපකාරී සිතුවිලිවලින් බැහැර වෙන්න.

පුද්ගලභාවයෙන් යුතුව, කාමයේ වරදවා හැසිරිමට වඩා මනුෂ්‍යයාව කාමයේ වරදවා හැසිරවීමට, පෙළඹවීම් ඇති කරන පිරිස් සිටිනවා. නවීන තාක්‍ෂණික ක‍්‍රම වේදයන් හරහා මනුෂ්‍යයා කාමස්වාදයේ ගොදුරු බවට පත්කරන ඉහත පිරිස් බොහෝම ප‍්‍රවේශම්වෙන්න ඕනේ. වයස් භේදයකින් තොරව, තාක්ෂණික මෙවලම් මනුෂ්‍යයා පංචනීවරණයන්ගේ වහලෙක් බවට පත්කොට තිබෙනවා. තාක්ෂණික මෙවලම් තුලින් මනුෂ්‍යයාට කතා කරන ලෝකය, ලැජ්ජා, බිය හීන වී ගිය ලෝකයක්. බුදුරජාණන්…

Read More

සකුණග්ගී සූත්‍රය.

පින්වත් මහණෙනි, දිනක් ගිජුලිහිණියක් පැමිණ බලහත්කාරයෙන් සාහසික ලෙස කැටකුරුල්ලෙකු අල්ලාගෙන අහසේ වේගයෙන් පියාසර කරන්නට පටන් ගත්තා. එවිට අර කුරුල්ලා “අනේ, අපේමයි වරද, අපේමයි මේ කාලකණ්ණිකම, අපට මේ විපත සිදුවුණේ අපට අයිති නැති තැන්වල හැසුරුණ නිසාය.” අපට පිය පරපුරෙන් ලැබුන ආරක්ෂා ස්ථානයේ අප සිටියා නම්, මේ ගිජුලිහිණියා මෙලෙස අප හා යුද්ධ කරන්නට එන්නේ නැතැයි මහත් වූ…

Read More

කාමයන්ට ගිජු වීමේ ආදීනව.

කාමය සිඟා කෑ දෙයක් වැනි ය. නැතිනම් තාවකාලිකව අනුන්ගෙන් ඉල්ලා ගත් දෙයක් බඳු ය. හිතවතකුගේ ඇඳුමක් පැළඳුමක් ඇඟලාගෙන අප ආඩම්බරයෙන් ගමනක් යනවා යැයි සිතමු. එහෙත් නැවත ඉල්ලූ වහාම ඒවා ආපසු දිය යුතු ය. කාමයෙන් ලැබෙන ආශ්වාදය ද එවැනි ය. අධික බැඳීම් සහ අධික ඇලීම් ඇති කරගත්තත් ඒවා අප කෙරෙන් කවර මොහොතක ගිලිහී යා දැයි කිව…

Read More