පොඩි හාමුදුරුවන්ට අස්ථාවර අනාගතයක්.

ගෞරවනීය නායක ස්‌වාමීන්වහන්සේ නමක්‌ ශාසනයේ දරුවෙකු කළ විට ඒ සාමනේර පොඩි හාමුදුරුවන්ට, සාමනේර ලියාපදිංචිය ලබාදෙන්නත් කලින් ලබාදෙන්නේ ඉතිරි කිරීමේ බැංකු පොතක්‌. මෙම ක්‍රියාව දැන් හුඟක්‌ ජනප්‍රියයි. නායක ස්‌වාමීන්වහන්සේත්, පොඩි හාමුදුරුවෝත්, දායක පිරිසත්, දෙමව්පියනුත් පොඩි හාමුදුරුවන්ගේ ඉතිරි කිරීමේ බැංකු පොත ගැන හරිම සතුටුයි. පොඩි හාමුදුරුවන්ට පිරිකරට ලැබෙන ලියුම් කවර දැන් නිකරුනේ වියදම් කරන්නේ නැහැ. පොඩි හාමුදුරුවන්ට…

Read More

ලොව ශ්‍රේෂ්ඨතම දානය.

“ලොව ශ්‍රේෂ්ඨතම දානය ධර්ම දානය වන්නේ ඇයි..?” “බුදු රජාණන් වහන්සේ කියනවා ලෝකයේ දානයන් අතරින් ‍ශ්‍රේෂ්ඨම දානය තමයි ධර්ම දානය කියලා. ධර්ම දානය නොදීම නිසා තමන්‍ට ධර්මය ලැබෙන්නෙ නැහැ හුඟක් වෙලාව‍ට. සමහරුන්‍ට ධර්මය වැඩක්ම නැහැනෙ, තේ‍රෙන්නෙ නැහැනෙ. නමුත් මනුස්සයො වෙලා ඉපදුනා. මනුස්සයො වෙලා ඉපදෙන්න කුසලයක් තියෙන්න ඕන. නැත්නම් මනුස්‍සයො වෙලා ඉපදෙන්නත් බැහැ. පෙර ජීවිතයේ මනුස්සයො වෙලා…

Read More

ආර්ය අෂ්ටාංගික මාර්ගයේ එන්නත විදගැනීම.

මෙම විදර්ශනාමය ධර්ම දානයේ කුසල් ශක්තියෙන් රෝග පීඩාවන්ට ලක්ව සිටින සියලු ලෝ වැසි සත්වයෝ නිදුක් වෙත්වා! නීරෝගි වෙත්වා!! සුවපත් වෙත්වා!!! පින්බර ඇසළ මාසය උදාවෙලා. තවත් සුන්දර වස්සානයක මතකය අපි හැමෝගේම සිත් තුල අවදිවෙනවා. මේ දිනවල වරින් වර ඇද වැටෙන පොද වැස්ස, වස්සානය ගැන අවදිවන මතකය තව තවත් ශක්තිමත් කොටදෙනවා. ගිහි සහ පැවිදි දෙපාර්ශවයේම අපි, කොරෝනා…

Read More

බුදු කෙනකුන් සිංහනාද පැවැත්වීමට හේතුවන කරුණු.

වරක්‌ ලිච්ඡවී පුත්‍ර සුනක්‌ඛත්ත, බුදුරදුන්ගේ බුද්ධ මහිමය අවතක්‌සේරු කළ අවස්‌ථාවක දී බුදුරජාණන් වහන්සේට සිංහනාද පැවැත්වීමට සිදු විය. කුමන අයුරින් ශ්‍රාවකයන් දක්‌ෂතා දැක්‌වුවද බුදුරජාණන් වහන්සේගේ ඥාන ශක්‌තියට සමාන කළ හැකි එකදු ශ්‍රාවකයකු හෝ බුදු සසුනේ නොවීය. ඒ බව ආනන්ද හිමියන් ගෝපක මොග්ගල්ලාන බමුණාට විස්‌තරාත්මකව පැහැදිලි කර දුන්හ. ආශ්‍රවයන් ක්‌ෂය කිරීමෙන් නිර්වාණාවබෝධය ලැබීම යන කරුණෙන් තථාගත හා…

Read More

මට ලෝභ, ද්වේශ, මෝහ සිතක් ඇති නොවේවා..!

පිංවතියක්‌ භික්‍ෂුවට ප්‍රකාශ කළා “ස්‌වාමීන් වහන්ස, මම දිනකට සිය වතාවක්‌ ඉතිපිසෝ භගවා පාඨය සිහිපත් කරනවා. දැනට සිහිපත්කොට ඇති වාර ගණන පනස්‌ දහසකට වැඩියි” යැයි ප්‍රකාශ කළා. එවිට භික්‍ෂුව ප්‍රකාශ කළේ “එය බොහොම වටිනවා. ඔබ මෙනෙහි කරන්නේ බුදුරජානන් වහන්සේගේ උතුම් ගුණයක්‌. බුදුරජාණන් වහන්සේගේ උතුම් ගුණයක්‌ යමෙක්‌ එක මොහොතක්‌ නමුත් සිහිපත් කරනවා නම්, එය තමාගේ සැපය සඳහාමයි…

Read More

ආශ්වාදයේ කුණු ධම්මානුපස්සනාවෙන් පිස දමන්න.

දවසින් දවස ගෙවීයනවා, ජනවාරි මාසයත් ගෙවීගියා. මේ සෑම දවසක්ම ගෙවීයන්නේ, අපේ ජීවිතවලට ගොඩාක් කුසල් සහ අකුසල් සංස්කාරයන් එකතුකොටදීලා. අතීත පටිච්චසමුප්පන්න සංස්කාර විසින් වර්තමානයේ අපිව ජීවත් කරවද්දී, වර්තමානයේ සකස්කොට ගන්නා සංස්කාරයෝ අනාගත පංචඋපාදානස්කන්ධ පාවඩ එලන්නේ, සුසාන භූමියට ගෙන යන මෘත දේහයකට පාවඩ එලනවා වගේමයි. කෘතවේදීභාවයේ නාමයෙන් මළකුණකට පාවඩ එලන අපි, ජීවත්ව සිටියදී තවත් මළකුණකට අදාළව සංස්කාරයන්ම…

Read More

සංඝරත්නයේ ගුණයන්.

සංඝරත්නයේ ගුණයන් නිසාම, සමහරක්‌ පිංවතුන් පිංකම් කරනකොට ආශ්වාදයට බැඳෙන අවස්‌ථා භික්‍ෂුව දැකලා තියෙනවා. පසුගිය දිනක දුරබැහැර ගමක සිට පැමිණි අම්මා කෙනෙක්‌, පාර අයිනේ සිට භික්‍ෂුවට පිණ්‌ඩපාතය පූජා කළා. භික්‍ෂුව ඇයට පිං අනුමෝදන් කළා. ඉන් අනතුරුව ඇය දෑත් එක්‌කොට කියනවා ‘ස්‌වාමීන් වහන්ස ඔබ වහන්සේට නිවන් අවබෝධකොට අවසානයේ දෙව් මිනිස්‌ සැප ලැබේවා’ කියලා. ඒ අවස්‌ථාවේ වයෝවෘද්ධ ඇයගෙන්…

Read More

චූල සුඤ්ඤත සූත්‍රය.

1. මා විසින් මෙසේ අසන ලදී. එක් කලෙක භාග්‍යවතුන් වහන්සේ සැවැත් නුවර අසල මිගාරමාතු ප්‍රාසාද නම්ලත් පූර්‍වාරාමයෙහි වැඩ වසන සේක. එකල්හි ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ සවස් කාලයෙහි ඵලසමවතින් නැඟී සිටියේ භාග්‍යවතුන් වහන්සේ යම් තැනෙක්හිද, එතැනට පැමිණියේය. පැමිණ, භාග්‍යවතුන් වහන්සේට වැඳ එකත් පසෙක හුන්නේය. එකත් පසෙක හුන්නාවූ ආයුෂ්මත් ආනන්‍ද ස්ථවිරයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේට මෙය සැල කෙළේය….

Read More

පරමාර්ථ ප්‍ර‍ඥප්ති භේදය.

චතුරාර්‍ය්‍ය සත්‍යය ධර්මය යනු පරමාර්ථ ධර්ම කොටස් සතරක් බව යට කියන ලදි. පරමාර්ථ ස්වභාව ධර්ම වූ ඒ චතුරාර්‍ය්‍ය සත්‍යය පහසුවෙන් තේරුම් ගැනීමට පරමාර්ථය පළමු කොට දැන සිටිය යුතුය. එබැවින් පරමාර්ථ ධර්ම තත්ත්වය ද දක්වනු ලැබේ. ලෝකයෙහි සත්‍ය වශයෙන් නැතිව, අන්‍ය වස්තූන්ගේ ක්‍රියා – පිහිටි ආකාරාදිය නිසා ඇති සේ පෙනෙන ඇති සේ වැටහෙන වස්තු කොටසක් ඇත්තේ…

Read More

සිත තැන්පත් නොවීමත් භාවනාවට ආයෝජනයක් කරගන්න.

ආනාපාන සති භාවනාව කරන්න සුදුසු ඉරියව්වකින් වාඩිවුනාට පස්‌සේ පිංවතුන් විශාල පිරිසකට තිබෙන ප්‍රශ්නයක්‌ තමයි ආශ්වාස ප්‍රශ්වාසයේ සිත නොපිහිටා භාහිර අරමුණක්‌ ඔස්‌සේ සිත දිවයැම. මෙතැනදී ඔබ නොසන්සුන් වෙන්න පුළුවන්. අලසවෙන්න පුළුවන්. භාවනාව කෙරෙහි උදාසීන වෙන්න පුළුවන්. මේ සියල්ල ඔබ තුළ සකස්‌වෙන්නේ පංච නීවරණ වශයෙන්. අරමුණු වේගයෙන් සකස්‌ වෙනවාය කියන්නේ, ඔබ තුළ ඇලීම් ගැටීම්වල ස්‌වභාවය වැඩිය කියන…

Read More