බැඳුණ තැන ඉදි වන්නේ පංච උපාදානාස්කන්ධ ලෝකයයි.

පින්වත, උපසම්පදා භික්ෂු ජීවිතයේ හෘද සාක්‍ෂිය හැටියට ගැනෙන තවත් අර්ථවත් වස්සානයක් උදා වෙලා. පින්වත, උතුම් උපසම්පදා ප්‍රාතිමෝක්‍ෂ සීලයටත් වඩා පියවරක් ඉදිරියට තබන වස්සානයේ සීලය, උපසම්පදා භික්ෂුවකගේ නොකැලැල් සීලයෙන් සවිමත් වන සම්මා වායාමයන්ගේ විවේකී පාරාදීසයක් වෙනවා. පින්වත, උපසම්පදා භික්ෂුවකගේ විවේකී සම්මා වායාමයෝ බාහිර ලෝකය මඟ හැර තමා තුළිනුයි විවේකය සොයන්නේ. පින්වත, ලෝකයේ සැබෑ විවේකය තිබෙන්නේ තෘෂ්ණාවේ…

Read More

අටුවා රසකතා – කසාවත පෙරෙවි කාන්තාව.

කාල දීඝවාපී විහාරයෙහි නාහිමියෝ එක්තරා තරුණ භික්ෂු නමකට උගන්වන්නට එකඟ වූයේ ඔහු ගමෙහි නොගැවසෙන බවට පොරොන්දු කරවා ගැනීමෙන් පසුව ය. තම ශිෂ්‍යයා ගමෙහි ගැවසෙන්නට ගියොත් වරදට පෙළෙඹෙතියි ඒ හිමියෝ කල්පනා කළහ. තම ආචාර්යපාදයන් වහන්සේ තමාට ගම්මැද්දට යන්නට තහනම් කළේ මන්දැයි දැන ගැනීමට මේ තරුණ භික්ෂු නමට අවශ්‍ය විය. ඒ නිසා දවසේ ඉගෙනීම අවසන් කොට පෙරලා…

Read More

දෙතිඅ කුණුපයකට ලොල් වීම නිසා බැඳෙන ආදරය කෙරෙහිත් අවබෝධයෙන් කළකිරෙන්න.

තරුණ තරුණියෝ ආදරය කරන කාලයේ, පෙම් හසුන් ලියන කාලයේ හදවතට නැතිනම් හෘදවස්‌තුවට මොන තරම් වටිනාකමක්‌ දෙනවද. පෙම් හසුනක්‌ ලියනකොට හදවතක්‌ අඳිනවා. පෙම්වතුන්ගේ දිනයේදී හදවතක සටහනක්‌ නැති තිළිණයක්‌ නැති තරම්. මොකක්‌ද මේ හෘදය වස්‌තුව කියන්නේ. ඇපල් ගෙඩියක්‌ වගේ ලෙයින් පිරුණු මස්‌ ගොබයක්‌. ඔබ මනසින් හදවත දෝතට අරගෙන එය තදින් මිරිකුවොත්, මීවදයක්‌ මිරිකනොකට මී පැණි බේරෙනවා වගේ…

Read More

අවිද්‍යාවේ හේතුඵල ධර්මයන් හැටියට දකින්න.

පින්වත, බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා, උතුම් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව අහිමි පින්වතුන්, අකුසල් අභියෝගයන් ජය ගන්නා මාර්ගය වන උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන නොදන්නවාය කියලා. පින්වත, “ශ්‍රද්ධාව අහිමි පින්වතා තමන්ට බාහිර කෙනෙකුගෙන් පිහිටක් ලැබේවි යැයි සිතමින් හැමෝගේ ම මුහුණු බලමින් යනවා” ය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කොට තිබෙනවා. පින්වත, ඉහත දුර්වලතාවයන් පුද්ගල සඤ්ඤාවෙන් නොව අවිද්‍යාවේ…

Read More

පටිච්චසමුප්පද ක්‍රියාවලිය.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ධම්මානුපස්‌සනාවට අදාළ ධර්මතාවන්ගේ අනිත්‍යභාවය දකින්නට කියල. සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව කායානුපස්‌සනාවට අදාළව කායනුපස්‌සනාව, වේදනානුපස්‌සනාව, චිත්තානුපස්‌සනාව ඔබ තුළ වැඩෙන්නේ ධම්මානුපස්‌සනාවක්‌ හැටියටයි. ධම්මානුපස්‌සනාව ගැන සිහිවෙනකොට භික්‍ෂුවට මුලින්ම කමටහන බවට පත්වුණේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේව. අතීතයේ යම්දවසක දීපංකර බුදුරජාණන් වහන්සේ අප මහා බෝධිසත්ත්වයන්ට ඔබ අසවල් කාලයේ ගෞතම යන නමින් නමින්…

Read More

අනුන් ඔබව මුරුංගා අත්තේ තැබුවත්, ඔබ ගහෙන් බසින්න දක්ෂ වෙන්න ඕන.

භික්ෂුව දන්න එක මහත්මයෙක් සිටියා. ඔහු බොහෝම උත්සහයෙන් සද්ධර්මය ශ‍්‍රවණය කරමින් දන් පූජා කරමින් ජිවිතය ධර්මය දෙට හොඳින් යොමු කොට ගත්තා. මේ මහත්මයා කිහිප වතාවක්ම භික්ෂුවට ප‍්‍රකාශ කොට තිබෙනවා තමා සද්ධර්මය මුණ ගැසීමට පෙර නරක යහළුවන් ඇසුර නිසා හුඟාක් වැරදි සිදුකරගත්තා කියලා. මොහුගේ යහපත් ක‍්‍රියාවන් දැකලා භික්ෂූවද මොහුට තව තව පිං සිදුකර ගැනීමට අවස්ථාවක් ලබා…

Read More

ඔබේම මළකඳ මිහිදන් වූ අතීත සුසාන භූමිය.

පිංවත, ඔබ ගොඩාක් දේවල් මගේ කොටගෙන ඒ සියල්ල මගේ යැයි සිතාගෙන සිටියත්, ඔය කිසිවක් ඔබට අයිති නැහැ. මොහොතක් සිහි නුවණින් දකින්න, අනාගතයේ යම් දවසක ඔය මගේ කොටගත් සියල්ලම හැර දමා, සතර දෙනෙක්ගේ කර මතින් පවුලේ සුසාන භූමියට යන අවසන් ගමන. හැබැයි ඉතින් ඒ සුසාන භූමියට යන්නේ මළ කඳක් පමණක්මයි. ඔබේ පටිච්චසමුප්පන්න නැවත උපත භවාත්‍රයේ කොතැනකට…

Read More

සතර සතිපට්ඨාන ප්‍රවේශය.

සතර අපායෙන් මිදීමට කැමති ගිහි පිංවත් ඔබෙන් භික්‍ෂුව කාරුණිකව ඉල්ලනවා, ඔබ ඇස්‌දෙකෙන් ලස්‌සන දෙයක්‌ දැක්‌කොත් අහක බලාගෙන යන්න එපා කියලා. ඒ වගේමයි ඔය ඇස්‌දෙකෙන් අවලස්‌සන දෙයක්‌ දැක්‌කොත් ඒත් අහක බලාගෙන යන්න එපා කියලා. මොකද ලස්‌සනත්, අවලස්‌සනත් ධර්මයමයි. භික්‍ෂුව ගිහි කාලයේ මේ ඇස්‌දෙකෙන් ලස්‌සන දෙයක්‌ අවලස්‌සන දෙයක්‌ දැක්‌කොත් කවදාවත් අහක බලාගෙන ගියේ නැහැ. ඔබ මෙතැනදි වැරදි…

Read More