වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජිවිතය භුක්ති විඳින්න.

වේදනානුපස්සනාව – 02. මේ ජීවිතයේදී පිංවත් ඔබ ඔය ඇස්‌දෙකෙන් මුලින්ම දැක්‌කේ අම්මා කියන රූපයයි. ඒ අම්මා නිසා පිංවත් ඔබ මොනතරම් විඳීම් සකස්‌කර ගන්නට ඇතිද..? අම්මාගේ ආදරයට, අම්මාගේ කිරි සුවඳට, අම්මාගේ උණුසුමට, අම්මා කවන විට, පොවන විට, ඇඳුම් අන්දවන විට, අකුරු කියල දෙන විට, ගහන විට, බනින විට මොනතරම් නම් සැප දුක්‌ වේදනාවන් ඇති කරගන්න ඇතිද..?…

Read More

පිංගිය මහරහතන් වහන්සේ.

පිංගිය මහරහතන් වහන්සේ මෙයින් කල්ප ලක්ෂයකට පූර්වයෙහි ලොව පහළ වූ පදුමුත්තර නම් බුදුරජාණන් වහන්සේගේ කාලයෙහි එක්තරා කුල පුත්‍රෙයකුව ඉපිද එම බුදුරජාණන් වහන්සේගෙන් බණ අසා අනාගතයෙහි රහත් බව ලබා සසර දුකින් එතෙර වෙමි“යි ප්‍රාර්ථනා කළහ. ඉක්බිති ඒ කුලපුත්‍ර තෙම නොයෙක් පින්කම් කොට එයින් චුතව සසර බොහෝ කාලයක් දෙව් මිනිස් සැප විදිමින් සිට අපගේ ගෞතම බුදුන් වහන්සේගේ…

Read More

සිහි මුළා වූ මරණයක අවාසනාව.

පින්වත, අපේ තෘෂ්ණාව වැඩි වෙද්දී, උපාදානයෝ හෙවත් බැඳීයාම් සහ අයිති කර ගැනීමේ කැමැත්ත වැඩි වෙනවා. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමේ කැමැත්ත අපි තුළ තිබිලා පමණක් වැඩක් වෙන්නේ නැහැ. පින්වත, වර්ණය, සැපය, බලය අයිති කොට ගැනීමට අදාළ පිනත් අපිට පටිච්චසමුප්පන්නව තිබෙන්නට ඕනේ. පින්වත, වර්ණය, සැපය, බලය උදෙසා කැමැත්ත දෝරේ ගලා ගියත්, ඊට අදාළ පින…

Read More

සැබෑම මිහිර විඳිනු පිණිස තිත්ත ඇත්ත දැකිය යුතුය.

කායානුපස්‌සනාව – 02. ආහාරයෙන් පෝෂණය වුණ තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකුත්, ආහාරයෙන් පෝෂණය වුණ අම්මා කෙනෙකුගේ ඩිම්බයකුත් එකතුව, ආහාරයෙන්ම හැදී, ආහාරයෙන්ම පෝෂණය වී, හේතුඵල ධර්මයන්ට අනුව හැදුණු කයක්‌ මේක. භික්‍ෂුව මේ මොහොතේ තම දෙතිස්‌ කුණපය දෙස බලන විට, අම්මාගේ මව්කුසේ පැලෝපීය නාලය තුළ නලියන ඉස්‌ගෙඩියෙක්‌වන් කලලයි දකින්නේ. මේ රූපය අයිති තාත්තා කෙනෙකුගේ ශුක්‍රාණුවකට. අම්මා කෙනෙකුගේ ඩිම්බයකට. භික්‍ෂුව…

Read More

ඔබේම මළකඳ මිහිදන් වූ අතීත සුසාන භූමිය.

පිංවත, ඔබ ගොඩාක් දේවල් මගේ කොටගෙන ඒ සියල්ල මගේ යැයි සිතාගෙන සිටියත්, ඔය කිසිවක් ඔබට අයිති නැහැ. මොහොතක් සිහි නුවණින් දකින්න, අනාගතයේ යම් දවසක ඔය මගේ කොටගත් සියල්ලම හැර දමා, සතර දෙනෙක්ගේ කර මතින් පවුලේ සුසාන භූමියට යන අවසන් ගමන. හැබැයි ඉතින් ඒ සුසාන භූමියට යන්නේ මළ කඳක් පමණක්මයි. ඔබේ පටිච්චසමුප්පන්න නැවත උපත භවාත්‍රයේ කොතැනකට…

Read More

සතර පාරාජිකා.

උපසම්පදා ශීලයට අයත් අනේක සහස්‍ර‍ ශික්ෂා අතුරන් පාරාජිකා සතර උපසම්පදාවේ ශීර්ෂය බඳුය. හිස සුන් වුවහොත් ජීවිතය කෙළවර වන්නාක් මෙන් ම පාරාජිකාපත්තියට පැමිණිය හොත් එයින් උපසම්පදාව කෙළවර වේ. කඳින් වෙන් වූ හිස නැවත කඳට බද්ධ කර ජීවත් කරවීමට ක්‍ර‍මක් නැතිවාක් මෙන් පාරාජිකාපත්තියට පැමිණියකු නැවත උපසම්පන්නයකු කිරීමට ක්‍ර‍මයක් ද නැත්තේය. පාරාජිකාපත්තියට පැමිණි පුද්ගලයා නැවත උපසම්පදාව ලැබීමට නුසුදුස්සෙක්…

Read More

මේ දුක නවතින්නේ කොතන ද?

භික්ෂුව වැඩ සිටින වනවාසී පරිසරයේ කොවුලෙකුගේ මිහිරි නාදයක් නොඇසුණ, එහෙත් ආරණ්‍යයට පිවිසෙන මහපාර අද්දර එරබදු මල් ගසේ ලස්සනට මල් පීදුන තවත් සිංහල අලුත් අවුරුද්දක් ගෙවී ගියා. ලැබුවා වූ සිංහල අලුත් අවුරුද්ද පිංවත් ඔබ සැමට නිදුක්, නිරෝගී, සුවපත්භාවය, දීර්ඝායුෂ සහ ධර්මයේ අර්ථයන් වැඩේවා කියලා මෙත් සිතින් ප්‍රාර්ථනා කළත්, සමාජය දෙසින් ඇසෙන්නේ නම් ජරා, ව්‍යාධි, මරණ, ශෝක,…

Read More

ධර්ම දානයේ මහත්ඵල මහානුභාව මහානිසංස.

ධර්ම දාන වශයෙන් හඳුන්වනවා අට්ඨකතාවල මේ ලෝකයේ මහා පොළෝතලය සමතලා කරලා, ආසනයෙන් ආසනය අසුන් පනවලා බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා, ආර්‍යයන් වහන්සේලා පේළි පේළි පේළි වඩා හිදුවලා මුළු සක්වල පුරාම වඩා හිදුවලා දිව්‍යමය ආහාරපාන, ඒ වගේම දෙවතල වලින් කළ තුන් සිවුරු අට පිරිකර, අනිකුත් සිව්පසයට අවශ්‍ය දේවල් මේවා අහස උසට මහ මෙර උසට පූජා කරනවට…

Read More

උපේක්ෂා සහගත සිතට විදර්ශනාමය ආහාරයක්.

පිංවත මේ දවස්වල ජනතාවගේ ගැලවුම්කාරයෝ වැහි වැහැලා නේද? රටට, ජාතියට කිරි උතුරවන්නට ඇසෙන සෞභාග්‍යයේ කතා ඉවරයක් නැහැ නේද? මේ සෑම සෞභාග්‍යයේ කතාවක් ම ඇහෙද්දී, අපේ සම්මා සතිය අපිට කියලා දෙන්නේ, අපේ රටේ දේශපාලනය සීලයෙන් මොනතරම් දුර්වල ද කියන පණිවිඩය නේද? පිංවත එක පිරිසක් තම දුර්වල සීලයට සුදු රෙදි පොරවා පෙන්වද්දී, තවත් පිරිසක් එම සැඟවුණ දුසිල්වත්භාවයේ…

Read More

සංස්කාර – 07.

භික්‍ෂුව දිනක්‌ කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක්‌ කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්‌ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්‌ඩපාත මඩුවට එනවාය කියලා. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක්‌ අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්‌ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට…

Read More