ආභස්‌සර බඹ ලොවින් පැමිණි ඔබ මෙතරම් ගොරෝසු මනුෂ්‍යයන් වූයේ කෙසේ ද?

සංඝානුස්සතිය – 4. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, සතර මහා ධාතුව නිරතුරුවම කිපීමට, කැඩීමට, බිඳීමට, විසිරයැමට ලක්‌වෙනවාය කියලා. අග්ගඤ්ඤ සූත්‍රයට අනුව ලෝකය අලුතින් සකස්‌වීමේදී, මධුර රසයෙන් යුත්, සුගන්ධවත් යෝගට්‌ එකක්‌ බඳුවූ මහ පොළොව, වර්තමානයේ මොන තරම් නම් සංකීර්ණ ගොරහැඩි මහ පොළොවක්‌ බවට පත්වී තිබෙනවාද? මෙය සතර මහා ධාතුවේ සැබෑම වෙනස්‌වීමේ ස්‌වභාවයයි. අතීතයේ ආභස්‌සර බ්‍රහ්ම ලෝකයෙන් ආලෝක…

Read More

උපන් බිමට ඇති ධර්මානුකුල සම්බන්ධය කුමක් ද?

තවත් සිංහල අලු‍ත් අවුරුද්දක් උදාවෙනවා. සිංහල අලු‍ත් අවුරුද්දක් උදාවෙන්නේ අපේ සිංහලකම, බෞද්ධකම අලු‍ත් කරගන්න. සිංහලකම, බෞද්ධකම අලු‍ත් වෙන්නේ තීන්ත ආලේප කරලා, අලු‍ත් ඇඳුම් අන්දවල, කැවුම් කිරිබත් හදලා පමණක් නොවේ සිංහලකම, බෞද්ධකම අලු‍ත් වෙන්නේ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය ජීවිත වලට එකතු කොට ගැනීමෙන් පමණක් මයි. සිංහල අලු‍ත් අවුරුද්ද සමරන්න ලක ලැහැස්ති වෙන පින්වත් ඔබ මොහොතක්වත් සිතුවාද…

Read More

කඨින පිංකම සැබෑ සම්මා වායාමයක් බවට පත් කොට ගන්න.

පින්වත, ඔබ වරදට දඬුවම් දිය යුත්තේ ද්වේශයෙන් හෝ පළිගැනීමේ චේතනාවෙන් නොවේ, ඔබ වරදට දඬුවම් දිය යුත්තේ වරදකරු කෙරෙහි මෛත්‍රී චේතනාවෙන් මයි, වරදකරු යළි වැරදි නොකරන ස්වභාවයට පත් කොට ගැනීමේ චේතනාවෙන් ම ය. පින්වත, ඔබේ වැරදි, සීමාවන් ඉක්මවා යාමේ දී, අනුනගේ වැරදිවලින් ඔබේ වැරදි වසා ගැනීම සමාජය නිවැරදි කිරීමක් නම් නොව, සමාජය භේදභින්න වීමට උපකාරක ධර්මයන්…

Read More

ඔබ ඔබට කළ්‍යාණ මිත්‍රයෙක් වන්න.

පින්වත, මිථ්‍යා දෘෂ්ටික පෙරහැරේ කසකරුවන්ට තමයි නිර්ආගමිකභාවය යැයි කියන්නේ. මේ අයගේ මිච්ඡා දැක්ම තමයි මැරුණාට පස්සේ, සියල්ල ඉවරයි කියන දෘෂ්ටිය. මෙම පින්වතුන් කර්මය සහ කර්මඵල විශ්වාසය, අම්මා තාත්තාගේ ගුණයන් පිළිබඳ විශ්වාසය, දානයේ, සීලයේ ආනිශංස පිළිබඳ විශ්වාසය, සතර අපායක් හා සුගතියක් තිබෙනවාය කියන විශ්වාසය, මෙම අයට නැහැ. එම නිසා ම, ඇත්තයි, බොරුවයි අතර තිබෙන කුසලයේ සහ…

Read More

තෘෂ්ණාව.

පින්වත් ඔබේ දෑසට කඳුළු ගලන පලියට කඳුළු පිසදමන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුව කඳුලින් තෙත් වේවි. ඔබේ සිතට සිතුවිලි නැගෙන පලියට ඒවා ගැන සිතන්න යන්න එපා. එවිට ඔබේ ලේන්සුවට ඉස්පාසුවක් ලැබේවි. සිතුවිලි සිතට නැගෙන පලියට ඔබ සිතුවොත් සංස්කාර නමැති කඳුලින් ඔබේ බවයට ගලාගෙන යන විඤාණය තෙත් වේවි. පින්වත් ඔබ තුල යම් අරමුණක් තිබුනොත් තමයි විඤාණයට…

Read More

සංකීර්ණ වූ ලෝකයට ඉඩ දෙන්න ලෝකයේ ස්වභාවයෙන්ම පවතින්න.

පිංවත සත්‍යකින්ම ඔබ කැමතියි නේද, අපි ජීවත්වෙන සමාජය, අපි ජීවත්වෙන රට, අපි ජීවත්වෙන ලෝකය මනුෂ්‍ය ධර්මයන් රජ කරන, අවංක, සත්‍යවාදී, සමානාත්මතාවයට ගරුකරන සමාජයක්, රටක්, ලෝකයක් වෙනවා දකින්නට. පිංවත එම සත්පුරුෂ සිතුවිල්ල කවදාකවත් යථාර්ථයක් වෙන්නේ නැහැ. ඒ ඇයි කියලා සිතලා ඔබ වෙහෙසට පත්වෙන්න එපා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, කර්මය විපාකදෙන හැටි සිතන්න එපාය කියලා. කර්මය විපාකදෙන…

Read More

සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 05.

පිංවත් ඔබ සිතන්න ඔබ සීමාව ඉක්‌මවා ශරීරය ඉස්‌මතු කර පෙන්වන ඇඳුමක්‌ ඇඳගෙන ප්‍රසිද්ධ ස්‌ථානයක හැසිරෙනවා කියලා. එම ශරීරය මතුකර පෙන්වන ඇඳුම නිසා ඔබත් කාමච්ඡන්දයන් සකස්‌ කරගෙන ආස්‍රවයන් වැඩි කරගන්නවා. ඔබේ නොගැලපෙන ඇඳුම නිසා අනුනුත් නැති ආස්‍රවයන් ඇතිකරගන්නවා. එම නිසා පිංවත් ඔබ දක්‍ෂවෙන්න ඔබේ ඉන්ද්‍රිය සංවරභාවය තුළින් ඔබේ අසල්වැසියන්ටත් යහපතක්‌ සලස්‌වන්න. එසේ නොවුණහොත් ඔබේ ඉන්ද්‍රිය අසංවරභාවය…

Read More

මිනිස් ලොවදී විපාක දුන් පූර්ව කර්ම රහත් වූ වේද පිරිනිවෙන තුරු කුස පිරෙන්න ආහාරයක් නො ලද ලෝසක හිමි.

සිඟමනින් ජීවත් වූ කුඩා දරුවෙක් සැරියුත් ස්වාමීන් වහන්සේ කරුණාවෙන් පැවිදි කල අතර මොහු නමින් ලෝසක හිමි විය. ඒ හිමිට කිසි දිනක කුස පිරෙන්නට ආහාරයක් ලැබුණේ නැත. ඒ හිමියන් සමඟ වැඩියොත් සැරියුත් හිමියන්ටවත් දානය ලැබෙන්නේ නැත. එතරම් අවාසනාවන්ත වුවත් පෙර පිරූ පාරමී තිබූ පින් බලයෙන් රහත් විය. නමුත් දානය බෙදන්න මිනිසුන් ගෙනෙන විට පාත්‍රය පිරී දානය…

Read More

ලිහා ගතයුතු පළමුවැනි ගැටය, සම්මා දිට්ඨිය යි…!

භික්ෂුව වැඩ සිටින ගමේ ඇඳිරි වැටෙනකොට හරියට මදුරුවෝ කරදර කරනවා. ලේ සුවඳට වහ වැටිලා, ඵස්සය තෘෂ්ණාවෙන් තෙත්කොටගෙන, මදුරුවෝ ශීලයක් ආරක්ෂා කොටගෙන ජීවත්වෙන මනුෂ්‍යයන්ගේ ලේ උරාබොනකොට, මනුෂ්‍ය හිංසනයට අදාළව එම මදුරුවන් සිදුකොට ගන්නා අකුසල් නම් සුළුපටු නැහැ. මදුරුවොත් ඵස්ස පච්චයා වේදනා කියන ධර්මතාවය හේතුවෙන් නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණයන්ට අදාළව සංස්කාරයන් රැස්කොට ගන්නවා. භවයේ තිබෙන අනතුරුදායක…

Read More

භික්ෂූන් වහන්සේ නමක් සමඟ කටයුතු කරන විට උපේක්ෂා සහගත වන්න.

දිනක් පිණ්ඩපාත මඩුවේ පිණ්ඩපාතය පිළිගන්නකොට භික්‍ෂුවට අවශ්‍ය ප්‍රමාණයට වඩා පිණ්ඩපාතය ලැබිලයි තිබුණේ. එම නිසා එක් උපාසිකාවක් පූජා කරන්න හදපු පලතුරක්, “අද අවශ්‍ය වෙන්නේ නැහැ මෑණියෝ” කියලා ප්‍රතික්‍ෂේප කළා. ඒ අම්මා පලතුරත් අරගෙන ඒ මොහොතේම ගෙදර ගියා. භික්‍ෂුව පින් අනුමෝදන් කරන තුරුවත් හිටියේ නැහැ. ඒ අම්මා නැවත කවදාවත් පිණ්ඩපාත මඩුවට දානය ගෙනාවේ නැහැ. නමුත් මේ අම්මා…

Read More