බඹසර සීලයෙහි පුණ්‍ය බල මහිමය.

බ්‍රහ්මචාරී බව තුන්ලොවක් සසල කළ හැකි අද්භූත ගුණයක්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන් ම බ්‍රහ්මචරියාව කියන්නේ පිරිසිදු නිවන් මඟටයි. මහණ ජීවිතයටත් බ්‍රහ්මචාරී දිවිය කියනවා. ඒත් මෙතන දී මේ ලිපියෙන් අපි විස්තර කරන්නට යන්නේ බ්‍රහ්මචාරී සීලය ගැන හා එහි ආනිශංස ගැනයි. සාමාන්‍යයෙන් බ්‍රහ්මචාරී බව යනු ළාමක, ග්‍රාම්‍ය ධර්මයක් වන මෛථූන සේවනයෙන් වැළකීම බව කවුරුත් දන්නා කරුණක්. ඒ වගේ…

Read More

ආනිසංස වැඩි, තනිවම පූජාකරන දානය ද? හවුලේ පූජාකරන දානය ද?

එක දායක මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ස්‌වාමීන් වහන්ස තනිවම වියදම් කර දෙන දානයද හවුලේ පුජාකර දෙන දානයද ආනිසංස වැඩි කියලා. මෙහිදී අපි සිතන්න අවශ්‍යයි දන්දීමේ මුලිකම පරමාර්ථය තෘෂ්ණාව අඩුකරගැනීම බව. දානයන් තුළින් අප දන්දිය යුත්තේ අප තුළ ඇති දුකට හේතුවෙන තෘෂ්ණාවයි. තනිවම පුජාකරන දානයන්ට වඩා හවුලේ පුජාකරන දානවලින් තෘෂ්ණාව කියන කාරණයෙන් ඔබ තවත් බැහැරවෙනවා. නමුත් හවුලේ…

Read More

සම්මා දිට්ඨි සහ සම්මා සංකප්පයන්ගේ දුර්වලතා.

පිංවත, එක වගේ දේවල් කොච්චර නම් තිබෙනවා ද? අද උදෑසන එක වගේම නිවුන් දරුවන් දෙදෙනෙක් පිණ්ඩපාතය බෙදන්න ඇවිත් සිටියා. දෙදෙනා පෙනුමෙන් එක වගේම වුණත්, අතීත සංස්කාරයන්ගේ ලොකු වෙනස්කම් දෙදෙනා තුළම තිබෙන්නට පුළුවන්. ආදරයෙන් බැඳුණ දෙහදක සිතුම්, පැතුම් එක වගේම වුණොත්, ඒ බැඳීම මොනතරම් නම් පරිත්‍යාගශීලී වෙයි ද? රාගයත්, විරාගයත් අතර සුන්දර අර්ථයක් තිබෙනවා. එම අර්ථයට…

Read More

පළමුවන චක්ඛුපාල තෙරුන් වහන්සේගේ කථා වස්තුව.

මනොපුබ්බඞ්ගමා ධම්මා, මනොසෙට්ඨා මනොමයා; මනසා චෙ පදුට්ඨෙන, භාසති වා කරොති වා; තතො නං දුක්ඛමන්වෙති, චක්කංව වහතො පදං. (අරූප) ධර්මයෝ (කර්ම) සිත පෙරටුකොට ඇත්තාහ සිත උතුම් කොට ඇත්තාහ. සිතින් උපදනා හෙයින් මනෝමයහ. ඉදින් දූෂිතවූ සිතින් යුක්තව (චතුර්විධි වාග් දුශ්චරිතය) බෙනේ නම් හෝ (ත්‍රිවිධ කාය දුශ්චරිතය) කෙරේ නම් හෝ ඒ හේතුවෙන් (විපාක) දුක්ඛය ඒ පුද්ගලයා අනුව යන්නේය….

Read More

වර්ථමාන කුසල් තුලින්, අතීත අයෝමය කුසල් ශක්තිය මතු කරගන්න.

අනාගතයේ ඔබට රට ජාතිය නිසා අඹුදරුවන් නිසා සැබවින්ම සතුටු වීමට අවස්‌ථාවක්‌ ලැබෙන්නේ නැහැ. මොකද මනුෂ්‍යයාගේ පංචඋපාදානස්‌කන්ධය ගිනිගන්නා විට ගිනි රස්‌නය මත සිසිලස සෙවීම විහිළුවක්‌ වෙනවා. දුෂ්ශීල මාර්ගයන් තුළින් සකස්‌වෙන අකුසලයන් නිසාම ගින්දර නිවා ගැනීමේ මාර්ගය හැටියට ලෝකය දකින්නේ තව තවත් ගිනි අවුළුවා ගැනීමේ මාර්ගයක්‌මයි. පිංවත් ඔබ මේ ධර්ම මාර්ගයේ පෙරට එනවිට ඔබ නිවැරැදිව ඔබේ ශාස්‌තෘන්…

Read More

නව වසරක් දී වැඩි අවධානය යොමු කළ යුත්තෙ…

ලබන්නාවූ නව වසරේදී රෝගීභාවය සහ අල්පආයුෂයි මනුෂ්‍ය ජීවිතය ඉදිරියේ තිබෙන බරපතලම අනතුරබවට පත්වෙන්නේ. මේ කෙටි ආයුකාලය තුළ මනුෂ්‍යයා තම ජීවිතය බරපතළ ශිල්පද බිඳීම් සහ අකුසල් මූලයන්කරා යොමුකර ගනිමින් මෙම කෙටි ආයුෂ කාලය දීර්ඝ අනාගත භවදුකකට යොමුකරගනිමින් සිටී. වර්තමාන සමාජය දෙස බැලීමේදී පිංවත් ඔබට හොඳින්ම පෙනෙනවා මනුෂ්‍ය සමාජය, අනිත්‍යවූ, තමන් වසඟයේ තබාගැනීමට නොහැකි ධනයක්‌, බලයක්‌, වත්පොහොසත්කමක්‌…

Read More

දෙවියන්ද වඳින පින් බිමයි මේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සුගතිය වශයෙන් හඳුන්වන ලද සශ්‍රීක දිව්‍යතල වල දෙවියන් පවා මේ බෞද්ධ රටේ උතුම් පිංවතුන්ලා වෙනුවෙන් ආශිර්වාද කරනවා. ලක්‌ මාතාවට යහපතක්‌ වේවා, සුරක්‍ෂිත වේවා කියලා. පිංවත් ඔබ හොඳින් දැනගන්න ඕනේ සුගති භූමිවල වැඩසිටින මාර්ගඵල ලාභී නොවන සශ්‍රීක දෙවිවවරුන්, දිව්‍යාංගනාවන් කියන්නේ කවුද කියලා. පායාසී කියන සූත්‍රයේදී කුමාර කාශ්‍යප මහරහතන් වහන්සේ දේශනා කරනවා සශ්‍රීක දිව්‍යතල…

Read More

හාමුදුරුවෝ දන් හැන්දට ණයයි ද?

මෙතෙක් පරිසරයේ තිබුණ නිහඬභාවය බිඳලා, පරිසරය හොඳටෝම අඳුරු කරලා, මේ මහ දවල් වැස්සක් පටන් ගත්තා. නිරතුරුවම වෙනස් වෙන පරිසරය වගේමයි, අපේ සිතත්, එකපාරට ම වෙනස් වෙලා යනවා. මෛත‍්‍රිය කේන්තියක් වෙලා යනවා. සප්තබොජ්ජංග ධර්මයන් පංචනීවරණයන් වෙලා යනවා. නොසිතූ වෙලාවක. නොපැතූ විලසින් කුසල් සහ අකුසල් සිත් අප තුළ ඇතිවෙනවා. මෙවැනි කුසල් සහ අකුසල් සංස්කාරයන් පසුකාලයක විපාකයට පැමිණෙද්දී,…

Read More

    කමටහන මගහැර කවරනම් භාවනාවක්‌ ද?

    ඔබ දවසේ පැය විසිහතරෙන්ම පැය විසි දෙකක්‌ම නිත්‍ය සංඥාවන් වඩල නිත්‍ය සංඥාවන් සමග ජීවත්වෙලා පැය දෙකක්‌ පමණක්‌ අනිත්‍ය සංඥාවට යොමුවෙලා භාවනාවක්‌ කරලා කෙසේ නම් මේ කාරණා දෙක සමබර කරගන්නද? තරාදියෙ එක පැත්තකට පැය විසිදෙකක්‌ අනෙක්‌ පැත්තට පැය දෙකක්‌ දැම්මොත් ඔබට තේරෙවි එහි පරතරය. එම නිසා විශේෂයෙන්ම විදර්ශනා භාවනා කිරීමට කැමති පිංවතුන්ලා දවසේ සෑම කාර්යක්‌ෂම කමටහනක්‌…

    Read More

    ක්‍රෝධයේ කළු පැහැය සහ ශීලයේ රන්පැහැය.

    භික්‍ෂුවට පළමු අවස්‌ථාවේදී “දර්ශනය වූ සද්ධන්ත ප්‍රේත ස්‌වභාවයත්, දෙවැනිව දර්ශනය වූ සශ්‍රීක දිව්‍ය ස්‌වභාවයත් කවුරුන්ද යන්න දැන් විමසා බලමු. භික්‍ෂුව මේ කරුණ පහත විග්‍රහ කරනු ලබන්නේ අනුමානයන් වශයෙනි. එය පිළිගැනීම හෝ ප්‍රතික්‍ෂේප කිරීම ඔබට භාරය. අවශ්‍යවන්නේ ලෝකයේ ස්‌වභාවය ගැන ඔබ යමක්‌ ඉගෙනගැනීමය. අලි ප්‍රහාරයට ලක්‌ වූ ස්‌වාමීන්වහන්සේ එම ප්‍රහාරයට ලක්‌ව ඇත්තේ සවස 6 ට පමණය….

    Read More