ඔබ වහන්සේ ගිහි ජිවිතයේ දී විවාහ නොවී පැවිදි වූයේ ඇයි?

වරක්‌ පිංවත් මහත්මයෙක්‌ විමසුවා, ඔබ වහන්සේ ගිහි ජීවිතයේදී විවාහ නොවී, පැවිදි වූයේ ඇයිද කියලා. භික්‍ෂුව ඒ මහත්මයාට ප්‍රකාශ කළේ ‘මහත්තයෝ, මේ මනුෂ්‍ය ලෝකයේ ජීවත්වන සෑම පුරුෂයෙක්‌ම, ස්‌ත්‍රියක්‌ම අතීතයේ මට බිරිඳවෙලා, ස්‌වාමිපුරුෂයා වෙලා තිබෙනවා. මට පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ වෙලා තිබෙනවා. මට අතීතයේ බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, පෙම්වතෙක්‌, පෙම්වතියක්‌ නොවූ කිසිම සත්ත්වයෙක්‌ මේ ලෝක ධාතුවේ නැහැ. ඒ කියන්නේ මේ ලෝකයේ…

Read More

අත්වැල් බැඳගෙන පිහිනිය නොහැක.

සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස්‌ වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක්‌ ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක්‌ නොව, රාහුලයන්ද අතහැර දමාය….

Read More

සතර සතිපට්ඨානය සඳහා ප්‍රවේශය – 04.

පංචඋපාදානස්කන්ධය අනිත්‍යය වශයෙන් නුවණින් මෙනෙහි නොකරන පුද්ගලයා නිරතුරුවම ආත්මීය සංඥාව නිසාම නැති ආශ්‍රවයන් ඇති කර ගන්නවා වගේම ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. පිංවත් ඔබ නිරතුරුවම පංචඋපාදානස්කන්ධයේ ක්‍රියාකාරිත්වය පහත ආකාරයට දකිමින් ජීවත් වෙන්න. ආධයාත්මික රූපයත්, භාහිර රූපයත්, විඥාණයත් හේතුවෙන් ඵස්සය හටගන්නවා. ඵස්සය කියල කියන්නේ දැක්කා, ඇසුණා, දැනුණා කියන අර්ථයට. ඔබට යමක්ද ඇසෙන්නේ, යමක්ද දැනෙන්නේ, යමක්ද දකින්නේ එයට…

Read More

තෘෂ්ණාව තෘෂ්ණාවෙන්ම නැති කරන කලාව.

දුක අර්ථය කොටගත් පංචඋපාදානස්කන්ධ ලෝකයේදි අපි හැමෝම සැප වේදනාවන්ට කැමතියි. සැප වේදනාවන් ඇතිවුණ අවස්ථාවන්හි දී අපි ඒ සැප වේදනාව මගේ කොට ගන්නවා. ඒ සැප වේදනාවන් තුළ බැස ගන්නවා. ඒ සැප වේදනාවන් නොවෙනස් වන දෙයක් බව දකිනවා. නමුත් යම් මොහොතක දී ඒ සැප වේදනාවන් වෙනස් වී දුක් වේදනාවක් බවට පත්වෙද්දී අපිට ඉතිරි වන්නේ බලාපොරොත්තු බිඳවැටීමක් පමණක්…

Read More

සෝවාන් ඵල අවබෝධය උදෙසා විදර්ශනා නුවණ මතු කරගන්න.

පින සහ පව මෙන්ම නොහඳුනන ලෝකය තුළ පිංවත් ඔබ, පින සහ පව හඳුනා ගන්නේ ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නිසාමයි. පිංවත් ඔබේ සුන්දර ජීවිතය පිනේ ඵලයක්. ඒ කියන්නෙ පෙර ජීවිතයේ දානයේ, ශීලයේ, මෛත‍්‍රියේ ඵලයක්. එම නිසා පිංවත් ඔබ පිනෙන්මයි, ඔබේ ජීවිතය පෝෂණය කොටගත යුත්තේ. පවුඩර්, සුවඳ විලවුන්, මෝස්තර වැනි කෘති‍්‍රම පොහොරවලින් නොවේ. පිංවත් ඔබ අසිහියෙන් ඔබේ පිංවත්…

Read More

බොහෝ බල ඇති මෛත්‍රිය පුරුදු කරන කඳ පිරිත.

මෙත් සිතට සීමා මායිම් නැත.එකිනෙකා කෙරෙහි මෙත් සිත පැතිරවීමේ අනිශංස බොහෝ බුද්ධ දේශනාවලදී අවධාරණය කර ඇත. ඒ අතර කඳ සූත්‍රය හෙවත් ඛන්ධ පිරිතෙන් පෙන්වා දෙනුයේ උරග ප්‍රජාව විෂයෙහි මෙත් සිත් පතුරුවන්නන්ට විසකුරු සතුන්ගෙන් හානි නොපැමිණෙන බවයි. සූත්‍ර පිටකයේ අංගුත්තර නිකායට අයත් මෙම සූත්‍රදේශනාව ආශිර්වාදාත්මක සූත්‍රයක් ලෙස පිරිත් පොත් වහන්සේගේ පළමු බණවරට ඇතුළත් කර ඇත. පිරිත…

Read More

මේ ලෝකයේ සැබෑම නිහඬතාවය තියෙන්නේ ඝෝෂාව තුළයි.

ප්‍රශ්නය :- ස්වාමීන් වහන්ස මම මේ පෞද්ගලිකව දකින දෙයක්. හුදෙකලාවේ භාවනා කරන කොට ස්වාමීන් වහන්ස ටිකක් කල් ඉන්න කොට ඒ කුටියට, පරිසරයට ඒවට තදින් ඇල්මක් ඇති වෙනවා. ඊට පස්සේ කවුරු හරි හාමුදුරු කෙනෙක් ආවොත්, ඊට පස්සෙ ගිහි කෙනෙක් උදව් කරන්න ආවත් ඒකත් එක්ක සියුම් ගැටීමක් ඇති වෙනවා. ඒක ඒ පුද්ගලයාට දැනෙනවා. දැන් මේක ස්වාමීන් වහන්ස…

Read More

ධර්මයට උකටලී සිත.

පින්වත, ලෝකය තිබෙන්නේ නිවැරදි කරන්න නොවේ. බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගණනක් පහළ වෙලත් නිවැරදි නොවූ ලෝකයකයි අපි ජීවත් වෙන්නේ. ගෞතම බුදුරජාණන් වහන්සේ පිරිනිවන්පාලා වසර පන්සියයක් ඉක්ම යද්දී, දඹදිවින් බුදු දහම පවා අතුරුදහන් වෙලා යනවා. පින්වත අවිද්‍යාවෙන් උපන් තෘෂ්ණාවෙන් දුවන ලෝකය නිවැරදි කරන්න යන්න එපා. නිවැරදි නොවන ලෝකය උපයෝගී කොටගෙන ඔබ නිවැරදි වෙන්න. ලෝකයට ලෝකයේ ස්වභාවයෙන් තිබෙන්නට…

Read More

බෝමලු ආදිය ඇමදීමේ විපාක…

විපස්සී බුදුරජාණන් වහන්සේ බුද්ධත්වය සදහා පිට දුන් පළොල් බෝධි මලුව,සකන්සමජ්ජක හිමි විසින් ඇමදීමෙන් මෙවන් අනුසස් ගනණාවක් ලැබුවාහ.👇🏻 ♦️නිශ්චල වූ සමාධිගත සිත් ඇත්තෙක් වේ. ♦️පිරිසිදු පුද්ගලයකු වේ. ♦️වැරදි වලින් තොර නිර්මල පුද්ගලයකු වේ. ♦️ශෝකය,දුක,සිත් වේදනා ඇති නොවේ. ♦️සිතේ,මනසේ චිත්ත පීඩා ඇති නොවේ. ♦️කුශ්ඨ රෝග,ගෙඩි රෝග,කැසීම් රෝග,මී මැස් මොරය,දද රෝග,කසා සැරව ගලන වැනි පිලිකුල් රෝග ආදි ශරීරයේ…

Read More

වැරදිකරුවා තුළින් ධර්මය දැකීම.

පින්වත, ලෝකය දුවන්නේ සංස්කාර හේතුවෙන්, පින්වත, ලෝකය ඉබි ගමනින් යන්නේත් සංස්කාර හේතුවෙන්, පින්වත, ලෝකය කඩා වැටෙන්නේත් සංස්කාර හේතුවෙන් මයි. පින්වත, සංස්කාරයන්ට හේතුව වන්නේ අවිද්‍යාවයි. පින්වත, අපි හැමෝටම සුන්දර අනාගත බලාපොරොත්තු තිබෙනවා. පින්වත, බලාපොරොත්තු තිබිලා විතරක් හරි යන්නේ නැහැ. පින්වත, එම සුන්දර බලාපොරොත්තු යථාර්ථයක් බවට පත් කොට ගන්න නම්, ඊට අදාළ පිනත් අපිට තිබෙන්න ඕනේ. පින්වත,…

Read More