අම්මාගේ කඳුළ.

අම්මා තාත්තාට බැරි අවස්‌ථාවක්‌ පැමිණියොත්, ඒ දෙමාපියන්ගේ අසූචි මුත්‍රා ටිකක්‌ ඔබේ දෑතේ නොගෑවුණොත්, ඔබ අම්මා තාත්තාට ණය නොවූ දරුවෙක්‌ වෙන්නේ නැහැ. අම්මා තාත්තා නමැති මැණික්‌ ඉල්ලම හඳුනා නොගත් අන්ධයෙක්‌ වෙනවා ඔබ. එවැනි අන්ධ භාවයට පත්වූ දරුවන්ගේ දෙමාපියන් තමයි වැඩිහිටි නිවාසවල සිටින්නේ. අම්මා කෙනෙකුගේ අසූචි මුත්‍රා කියන්නේ ඉතා සුන්දර දෙයක්‌. ඒ අසූචිවල, මුත්‍රාවල ඔබව ශක්‍ර දෙවියා…

Read More

ලස්සනව ඉපදීම සඳහා බලපාන කර්මය.

දිනක් බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණි තෝදෙය්‍ය බමුණාගේ පුත් වූ සුභ තරුණයා මිනිසුන් වශයෙන් උපන් සියලු දෙනා අතර ඇති විශේෂ කාරණයක් වන පුද්ගල විවිධත්වයට (මිනිසුන් අතර උස් – පහත් භාවයට) කරුණු විමසීය. “කො නු බො, හො ගොතම, හෙතු කො පච්චයො යෙන මනුස්සානංයෙච සතං මනුස්සභුතානං දිස්සන්ති හිනප්පණිතතා”? එයට බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ මේ විවිධත්වය සඳහා බලපාන සෘජු…

Read More

මේ ජාතියේ දී මඟපල ලැබීමට කොතෙක් කල් පිරූ අතීත පාරමිතාවක් තිබිය යුතු ද?

එක් දවසක් ආනන්ද ස්ථවිරයන් වහන්සේ තථාගතයන් වහන්සේ කරා එළඹ, “ස්වාමීනි, බුදුවරුන් ගේ ප්‍රාර්ථනාව සිදුවීමට කොතෙක් කල් ගත විය යුතුදැ”යි විචාළෝය. “බුද්ධානං ආනන්ද, හෙට්ඨිම පරිච්ඡේදෙන චත්තාරි අසංඛෙය්‍යානි කප්පසතසහස්සඤ්ච මජ්ඣිම පරිච්ඡෙදෙන අට්ඨ අසංඛෙය්‍යානි සප්පසතසහස්සඤ්ච උපරිම පරිච්ඡෙදෙන සොළස අසංඛෙය්‍යානි කප්පසතසහස්සඤ්ච.” “ආනන්දය, බුදුවරුනට යටත්පිරිසෙයින් චතුරසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ද, මධ්‍යම පරිච්ඡේදයෙන් අෂ්ටාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක් ද, උපරිම පරිච්ඡේදයෙන් ෂෝඩශාසංඛ්‍ය කල්ප ලක්‍ෂයක්…

Read More

සංස්කාර – 07.

භික්‍ෂුව දිනක්‌ කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක්‌ කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්‌ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්‌ඩපාත මඩුවට එනවාය කියලා. භික්‍ෂුව උදෑසන පිණ්‌ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක්‌ අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්‌ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට…

Read More

බිය දැනුණු තැන සිහි කරනු මේ බුදු වදන්.

දැන් වේලාව රාත්‍රි අටට විතර ඇති. කුටිය ඉදිරිපිට ලෑලි බංකුවේ වාඩි වෙලා පරිසරය දෙස බලද්දී පොසොන් සඳඑළියෙන් පරිසරය හොඳටෝ ම ආලෝකවත් වෙලා. කුටිය ඉදිරිපිට වැලිමළුව මතට පතිත වී ඇති කොළ සහ අතු වල සෙවණැලි සුළෙඟ් රිද්මයට බොහෝම විරාගී නර්තනයක් ඉදිරිපත් කරනවා වගේ. ස්වාභාවික සතර මහා ධාතුවේ කිපීම් නිසා ප්‍රචණ්ඩ වන පරිසරය තවත් වරෙක පුංචි දරුවෙක්…

Read More

විදීමේ දොරටුව වැසී තියෙන තෙක් ජිවිතය සුන්දරයී.

මේ දිනවල පාසල් වයසේ පසුවෙන දරුවන්ට කේන්ති යනවා වැඩියි කියලා, සමහර දෙමාපියන්ගෙන් අසන්නට ලැබෙනවා. දරුවන්ගේ කේන්තිය නිවෙන්න නම්, පිංවත් දෙමාපියන් කේන්ති නොගෙන ඉන්න දක්ෂ වෙන්න ඕනේ. උතුම් සම්මා දිට්ඨියේ අර්ථයන් දුර්වල වෙන සමාජයක, සම්මා සංකප්පයන් දුර්වල වෙනවා වැඩියි. මේ දවස්වල සමාජයේ හැමෝටම කේන්ති යන දේවල් දකින්න, අසන්න ලැබෙනවාත් වැඩියි. උතුම් සම්මා දිට්ඨියේ සිසිල් දියෙන් පිංවත්…

Read More

දුක ඇයි ?

සංසාරය පුරාවටම සිදු කළේ රැස් කිරීම පමණකි. මේ ජීවිතයේ සිදු කරමින් සිටින්නේද එයම පමණකි. භෞතික වස්තූන් කෙළවරක් නැතිව රැස් කරයි. එකක්වත් අත හරින සිතකින් සිදු කිරීමක් නොමැත. දානයක් දුන්නද එයින් ලැබෙන කුසලය පිළිබඳ අල්ලා ගැනීමක් ඇත. නිවාස, ඉඩ කඩම්, රැකියා, දූ දරුවන්, වාහන මේ සියල්ලම අල්ලා ගෙන කෙලෙස් සිත්වල අවුළුවා ගනිමින් එහිම පැටළී සිටියි. භෞතිකව…

Read More

ඔබ විනෝදය ලෙස දකින්නේ තෘෂ්ණාවේ ගින්දරයී.

බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘පිංවත් අනුරුද්ධ, බුදුරජාණන් වහන්සේ දහම් දෙසන්නේ ජනතාව විශ්මයට පත්කරන්නවත්, ජනතාව සුරතල් කරන්නවත්, ලාභ සත්කාර ලබන්නටවත්, මා ගැන මෙසේ යෑයි හඳුනාගැනීමටවත් නොවේ. ශ්‍රාවකයින්ගේ මෙලොව, පරලොව යහපත උදෙසාමයි’ කියලා. බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාව යොමුවන්නේ සත්වයාගේ මෙලොව පරලොව ඉලක්‌කකොට පමණක්‌මයි. මේ සා අසිරිමත් රැකවරණයක්‌ වූ ලොව්තුරා බුදුරජාණන්වහන්සේගේ මහා කරුණාගුණයේ රැකවරණය දරුවෙක්‌ උදෙසා, බිරිඳක්‌, ස්‌වාමිපුරුෂයෙක්‌, තනතුරක්‌,…

Read More

සලායතන දැක්කොත් – ඔබ මේ විලසින.

කායානුපස්‌සනාව – සලායතන භාවනාව මීළඟට බුදුරජාණන්වහන්සේ කායානුපස්‌සනාවට අදාළව දේශනා කරන්නේ සලායතන භාවනාවයි. මේ කය ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස වශයෙන් කොටස්‌ හයක්‌ කොට දකින්නය කියලා, ගව ඝාතකයෙක්‌ එළදෙනක්‌ මස්‌ කරලා මස්‌, කටු, බොකු, සම් වශයෙන් වෙන්කොට ගොඩගසා තිබෙන්නා සේ, මේ ආයතනය හය වෙන් වශයෙන් අරගෙන විදර්ශනාවට ලක්‌කරන්නය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඇස නිසා…

Read More

සියළු සංස්කාරයෝ අනිත්‍යය, අප්‍රමාදී වෙන්න.

ලොව්තුරා බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑමට මොහොතකට පෙරාතුව, භික්ෂූන් වහන්සේලා අමතා ප්‍රකාශ කරනවා, “මහණෙනි, පින්වත් ඔබලාට ධර්ම මාර්ගය සම්බන්ධයෙන් යම් ගැටළුවක් ඇතොත්, එම ගැටළු බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩසිටින අවසාන මොහොතේදී, අසා දැන ගන්නය කියලා. නමුත් ස්වාමීන්වහන්සේලා නිහඬව සිටිය මිසක් කිසිදු ප්‍රශ්නයක් බුදුරජාණන්වහන්සේගෙන් විමසුවේ නැහැ. එවිට බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා භග්‍යවතුන්වහන්සේ වෙහෙසට පත්වෙනවාය කියලා. ඔබට, ඇති ප්‍රශ්න නොවිමසා සිටින්න…

Read More