ආර්‍ය අෂ්ටාංගික මාර්ගයේ අවිය, ශීලයේ පළිහ දරාගත් දේශයේ සැබෑ රැකවලා වන්න.

මීට සති දෙකකට පෙරාතුව, රන් තැඹිලි පැහැයෙන් ප්‍රභාෂ්වරව ආලෝකවත් වූ, නව යොවුන් වෙසක් සඳ, රූපයේ, වේදනාවේ, හඳුනා ගැනීමේ, අනිත්‍යභාවය මොනවට කියා පාමින්, ආකාශයෙන් අතුරුදන්ව ගිහිල්ලා. කැලෑ පරිසරය තිත්ත කළුවරයි. තොරතෝංචියක් නැතිව කෑගසන, මුහුණ රවුම්, ලා දුඹුරු පැහැති කුඩා බස්සාගේ ගොරෝසු කට හඬ කැලය දෙසින් ඇසෙනවා. අපි හැමෝම කැමතියි, මිහිරි වචන, ප්‍රිය වචන, සත්‍ය වචන අහන්න….

Read More

අකුසලය කෙරෙහි කලකිරීම ඇති කරගන්න.

අකුසලය කෙරෙහි කලකිරීම ඇති කරගන්න… මීට වසරකට පමණ පෙරාතුව, භික්‍ෂුව මුණගැසීමට බොහොම කනස්සල්ලෙන් පැමිණි මහත්මයෙක්, භික්‍ෂුවට ප‍්‍රකාශ කළා, ස්වාමින් වහන්ස, අපි බලාපොරොත්තු නැති මොහෙතාක, මගේ බිරිඳගේ කුසේ දරුවෙක් පිළිසිඳ ගත්තාය කියලා. එම අවස්ථාවේ, භික්‍ෂුව එම මහත්මයාට ප‍්‍රකාශ කළේ, ඔබලා මේ මොහොතේ, දරුවෙක් බලාපොරොත්තු නොවුණාට, ඔබේ පීතෘත්වය, බිරිඳගේ මාතෘත්වය බලාපොරොත්තුවෙන්මයි. ඔය දරුවා පටිච්චසමුප්පන්නව ඔබේ බිරිඳගේ මවුකුසට…

Read More

බද්ධේරක ඇතාගේ කථා පුවත.

නොපමා බවෙහි ඇලෙව්. තොපගේ සිත රකිව්. (ගැඹුරු) මඩෙහි ගැලුනු ඇතු වෑයම් කොට එයින් නැගී ගොඩ පිහිටිය මෙන් තමා ඒ කෙලෙස් මඩින් ගොඩ නගවු. “අප්පමාදරතොති” යන මේ ධර්මදේශනය තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටියදී කොසොල් රජුගේ බද්ධේරක නම් ඇතෙක් පිළිබඳව දේශනා කළහ. එම ඇතා තරුණ කාලයේදී මහා බලවතෙක්ව සිට වැඩකර පසුව වයසට යාම නිසා ආබාධවලින් පෙළුනේ එක් මහා…

Read More

තිරිසන් අපාය.

අපාය සතර අතුරෙන් තිරිසන් අපාය වනාහි අප ඇස හමුවෙහි ම තිබෙන දෙයකි. එහි දුක ඉතිරි අපායන්හි දුක පමණ මහත් නො වෙතත්, මනුෂ්‍ය ස්කන්ධයන් පිළිබඳ දුඃඛයට වඩා අතිශයින් මහත් ය. ඒ තිරිසන් සත්ත්වයන් හට ආහාර පාන සපයා ජීවත් වන්නට තරම් සිහි නුවණ නැත. ස්වභාව ධර්මයෙන් ඉබේ ම ආහාර පාන නො ලැබුණ හොත්, ඔවුනට සාගින්නෙන් පිපාසයෙන් පෙළෙන්නට…

Read More

මිථ්‍යා දෘෂ්ටිය පාප කර්මක් ද?

අර්හත් වූ සම්‍යක් සම්බුද්ධ වූ, විජ්ජාචරණ සම්පන්න වූ සුගත වූ, ලෝකවිදූ වූ, අනුත්තර පුරිසදම්ම සාරථී වූ දෙව් මිනිසුන් හට ශාස්තෘ වූ සිවුසස් අවබෝධ කළ, භාග්‍යවත් වූ, තථාගතයන් වහන්සේ දෙවියන් සහිත මරුන් සහිත ලෝකයට පහළ වී තමන් වහන්සේගේම විශිෂ්ට නුවණින් දැන පසක් කොට ගත් ධර්මය, මුල මැද, අග යහපත්කොට දේශනා කළ කල්හි, ඒ ධර්මය අසන නුවණැති…

Read More

ධර්ම දානයේ මහත්ඵල මහානුභාව මහානිසංස.

ධර්ම දාන වශයෙන් හඳුන්වනවා අට්ඨකතාවල මේ ලෝකයේ මහා පොළෝතලය සමතලා කරලා, ආසනයෙන් ආසනය අසුන් පනවලා බුදු, පසේ බුදු, මහරහතන් වහන්සේලා, ආර්‍යයන් වහන්සේලා පේළි පේළි පේළි වඩා හිදුවලා මුළු සක්වල පුරාම වඩා හිදුවලා දිව්‍යමය ආහාරපාන, ඒ වගේම දෙවතල වලින් කළ තුන් සිවුරු අට පිරිකර, අනිකුත් සිව්පසයට අවශ්‍ය දේවල් මේවා අහස උසට මහ මෙර උසට පූජා කරනවට…

Read More

දිනුම සහ පැරදුම, බිදෙන විසිරෙන අනිත්‍ය වු සංස්කාරයක්.

පින්වත, භික්ෂුව වැඩසිටින ප්‍රදේශයට වැස්සේ ඉවරයක් නම් නැහැ. දිගටම කඩින් කඩ වහිනවා. පසුගිය කාලයේ නියඟයට බැන්න පින්වත් මනුෂ්‍යයෝ වර්තමානයේ වැස්සට බනිනවා. පින්වත මේ ලෝකයේ බැනුම් නාහන ධර්මතාවයක් නැහැය කියලා බුදුරජාණන් වහන්සේ දේශනාකොට තිබෙනවා. පින්වත මේ ලෝක ධාතුවේ උත්තරීතරම අර්ථය වන උතුම් බුදුරජාණන් වහන්සේ සහ උතුම් ධර්ම රත්නයත් අසත්පුරුෂ ලෝකයාගෙන් බැනුම් අහනවා. පින්වත ලෝකය යැයි බුදුරජාණන්…

Read More

දුක ඔබට අයිති දෙයක් නොවේ.

පින්වත, සිනාසෙන්න, විනෝද වෙන්න සුදුසු ලෝකයක් නොවේ, මේක. පින්වත, ඒත් අපි තළු මර මරා සිනාසෙනවා, විනෝද වෙනවා. පින්වත, කැඩෙන, බිඳෙන, විසිරෙන ලෝකයේ දී සිනාසෙනවා, විනෝද වෙනවා යැයි කියන්නේත් පෙර පිනක් මයි. පින්වත, එම පිනට භික්ෂුව සාදු! සාදු! යැයි කියලා පෙරළා පින් අනුමෝදන් කරනවා. පින්වත, ලෝකය දෙස සිනහවෙන් හෝ විනෝදයෙන් නොව සිහිනුවණින් බලන්න. පින්වත, කල්ප විනාශයක්…

Read More

සංදර්ශන අසිරිය මැද පින පිරිහී ගිය බොරුව.

පිංවත, අපි හැමෝගේම ජීවිත තෘෂ්ණාවෙන් කුරුවල් වෙලා. කාගේ ජීවිතය සොලවා බැලුවත් අපිට දැනෙන්නේ සල්ලි කොළවල දුර්ගන්ධයමයි. මේ සල්ලි කොළවල දුර්ගන්ධය නිසාම, මනුෂ්‍යත්වයේ සුවඳට ගරු කරන සත්පුරුෂ මනුෂ්‍යයෝ බොහෝම වේගයෙන් උපන් මවුබිම අතහැරලා විදේශගත වෙනවා. පිංවත මෙහෙම ගියොත් අපේ රටේ ඉතිරි වෙන්නේ තෘෂ්ණාවම උපාදානය කොටගත්ත මනුෂ්‍ය, ප්‍රේතයෝ, මනුෂ්‍ය කුම්භාණ්ඩයෝ සහ මනුෂ්‍ය බහිරවයෝ පමණක්මයි. පිංවත, හෙට කියලා…

Read More

විශේෂ වෙසක් දින ලිපිය.

අද වෙසක්‌ පුරපසළොස්‌වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස්‌ හයසියයක්‌ සපිරෙන ප්‍රවෘත්තියක්‌ ඇසෙනවා. භික්‌ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස්‌ වාසයෙන් දුරස්‌වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…

Read More