ඔබේ නිවැරදි වීම උදෙසා සම්මුති ලෝකය නිවැරදි වන තුරු බලා නොසිටින්න.

‘රට තුළ නැවතත් කාලගුණික, දේශගුණික කිපීමක්‌ සිදු වන බවට බියක්‌ පැතිරී යනවා’ය කියලා දායක මහත්තයෙක්‌ මතක්‌ කළා. සත්වයන් රැස්‌ කොට ගන්නා අකුසල් සංස්‌කාරයක්‌ හේතුවෙන් ඒවායේ විපාකයන්ට අදාළව ලෝකය කිපෙනවා, කැඩෙනවා, බිඳෙනවා, විසිරෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා, ලෝකය කියන්නේ ඔබමය කියලා. ලෝකය යනු ධර්මානුකූලව ඔබම වූ කල, ලෝකය තුළ සිදුවන බියවීම, කිපීම්,…

Read More

ආශාවේ වියරුව. කැමැත්තේ මරලතෝනිය.

මනුෂ්‍ය ලෝකයේ නිලතලවලට නිතර දේශන පැවැත්වීමට, සමිති – සමාගම්, දේශපාලන පදවි සඳහා තන්හාවෙන් ක්‍රියාකරන පිංවතුනට දැනගැනීම පිණිස ප්‍රේත ලෝකයේ රැස්‌වීමක ස්‌වභාවය සටහන් කරමි. මෙම රැස්‌වීමට ප්‍රේතයෝ සියයකට වැඩි සංඛ්‍යාවක්‌ සහභාගි වූහ. මේ අතර සිවුරු දරාගත්, හිස මුඩු කළ ප්‍රේත භික්‍ෂූන්ද විය. මේ සියලු දෙනාම තරුණ සහ මැදිවියේ ප්‍රේතයෝ සහ ප්‍රේත භික්‍ෂූන්ය. මනුෂ්‍ය ලෝකයේ අයුරින් භික්‍ෂූන්…

Read More

වම්මික සූත්‍රය.

අන්ධ වනයෙහි වැඩ සිටින කුමාර කාශ්‍යප හිමියන් වෙත පැමිණෙන එක්තරා දේව රාජයෙක් ප්‍රශ්න කිහිපයක් විචාරයි. ඒවාට පිළිතුරු බුදුරජාණන් වහන්සේගෙන් විමසන ලෙස ද ඔහු උපදෙස් දෙයි. ඉන් පසු කුමාර කාශ්‍යප හිමියෝ ඒ දේව රාජයා විචාළ පරිදි එම ප්‍රශ්න සියල්ල බුදුරජාණන් වහන්සේගෙන් විමසති. බුදුරජාණන් වහන්සේ ඒ සියලු ප්‍රශ්නවලට පිළිතුරු දුන් අයුරු මෙම සූත්‍රයෙහි මනා ලෙස විග්‍රහ වී…

Read More

බද්ධේරක ඇතාගේ කථා පුවත.

නොපමා බවෙහි ඇලෙව්. තොපගේ සිත රකිව්. (ගැඹුරු) මඩෙහි ගැලුනු ඇතු වෑයම් කොට එයින් නැගී ගොඩ පිහිටිය මෙන් තමා ඒ කෙලෙස් මඩින් ගොඩ නගවු. “අප්පමාදරතොති” යන මේ ධර්මදේශනය තථාගතයන් වහන්සේ ජේතවනාරාමයේ වැඩසිටියදී කොසොල් රජුගේ බද්ධේරක නම් ඇතෙක් පිළිබඳව දේශනා කළහ. එම ඇතා තරුණ කාලයේදී මහා බලවතෙක්ව සිට වැඩකර පසුව වයසට යාම නිසා ආබාධවලින් පෙළුනේ එක් මහා…

Read More

අබුද්ධෝත්පාද කාලයන්ගේ කටුකබව ගැන සිතා මේ තෙමඟුල අර්ථවත් කරගන්න.

පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. සද්ධාවේ සහ අමූලිකා සද්ධවේ වෙනස කුමක්‌ද කියලා. එම ප්‍රශ්නයට බොහෝම සරළව පිළිතුරක්‌ දෙනවා නම් මෙහෙමයි. යම් පිංවතෙක්‌ ඇවිත් භික්‍ෂුවට දානයක්‌ පූජා කරනවා. ඔහු දානය සතුටු සිතින් පූජා කරලා, පිං අනුමෝදන් වෙලා සතුටු සිතින් නිවසට යනවා. අතරමගදී ඔහුගේ හිතවතෙක්‌ මුණගැහිලා ඔහුගෙන් අහනවා ඔබ කොහේද ගියේ කියලා. එවිට දානය පූජා කළ පිංවතා…

Read More

දැවෙන සමක් – නිවෙන මඟක්.

ඔබගේ සම කියන්නෙ මොනතරම් සුන්දර ලස්‌සන දෙයක්‌ද. සත්වයා තුළ තමාගේ අශ්වාදය උදෙසා ඉතා සංවේදී “මෙවලමක්‌” සම. දේශගුණික කලාපයන් අනුව සමේ පැහැය වෙනස්‌ වෙනවා. සමහරුන්ගේ සම සුදුයි, රතුපාටයි, කහ පාටයි, රෝස පාටයි, කළු පාටයි, තළෙළුයි. මේ විවිධ වර්ගයෙන් යුත් සම ප්‍රභාෂ්වරව පවතින්නේ තරුණ කාලයේදිමයි. අපි සම දකින්නේ සම හැටියටමයි. ඉන් එහා දැක්‌මක්‌ අපට නැහැ. මගේ සම…

Read More

නිවනට පක්ෂව උඩුගම් බලා යන විඤ්ඤාණය.

පින්වත කාමයේ ආශ්වාදය කියන්නේ, රූපයේ ආශ්වාදය යැයි කියන්නේ පෘථග්ජන ගතියක් පමණක්ම නොවේ. ශ්‍රද්ධානුසාරී සහ ධම්මානුසාරී දෙදෙනා තුළත් රූපයේ සහ කාමයේ ආශ්වාදය හටගන්නවා. උතුම් සෝවාන්ඵලයට පත් වූ පුද්ගලයා තුළ රූපයේ සහ කාමයේ ආශ්වාදය අපායගාමී නොවී විවෘතව සහ ප්‍රකටව තිබෙනවා. සකෘදාගාමීඵල අවබෝධයේ දී රූපයේ සහ කාමයේ ආශ්වාදය අනුශය වශයෙන් තිබෙනවා. අපි කාමරාග, පටිඝයෝ පරිපූර්ණ වශයෙන්ම නිරෝධය කරන්නේ…

Read More

කුසලයක් කර, මෙනෙහි කල යුත්තේ කුමක් ද?

ප්‍රශ්නය : – ස්වාමීන් වහන්ස, දානයක්, පිංකමක් කුමක් හෝ කුසලයක් කිරීමෙන් පසුව ඒවායේ ආනිසංස මෙනෙහි කරමින් ඒවා අනිත්‍ය බව දැක එවලේම සිතින් අත් හැරීම ද කළ යුත්තේ එහෙම නැත්නම් නැවත නැවත ඵස්සය මෙනෙහි කරමින් සතුටුවෙමින් එහි ආනිසංස දකිමින් අනිත්‍යය දැකීම ද කළ යුත්තේ..? පිළිතුර :- බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා හේතූන් කීපයක් නිසා කෙනෙක් දන් දෙනවා…

Read More

ප්‍රඥාවේ ඇස පහළවන තුරු…

” සත්වයා නිතරම එකළොස් ගින්නකින් දැවෙන අයුරු බුදු දහමේ පෙන්වා දී ඇත. එම එකොළොස් ගින්න වන්නේ රාග, ද්වේශ, මෝහ, ව්‍යාධි, ජරා, මරණ, සෝක, පරිදේව, දුක්ඛ දෝමනස්ස, උපායාස යනාදියි. එකළොස් ගින්නකින් සත්වයා නිතර නිතර, දැවී දැවී, පිච්චි පිච්චි සිටිය ද, චක්ඛු, සෝත, ඝාණ, ජිව්හා කාය නම් වූ කාම දැලට හසු වී සිටින බැවින් එය ගින්නක් සේ…

Read More

එදිනෙදා ඇස ගැටෙන දේ කමටහන් කර ගන්නේ කොහොම ද?

ප්‍රශ්නය : – ගෞරවනීය ස්වාමීන් වහන්ස, දැන් අපි කැලය ඇතුළෙ තියෙන කුටියකත් ඉන්නවා. ඊළඟට මේ වගේ ග්‍රාමවාසී ආරණ්‍යවල, නගර ආශ්‍රිත කුටිවල නිතර නිතර ඉන්නවා. ඒ අතරෙ පයින් ගමන් කරනවා. වාහනවල ගමන් කරනවා. විවිධ පුද්ගලයන් ඇසුරු කරනවා. මේ සෑම අවස්ථාවකම ඇසින් දකින රූප, කනට ඇසෙන ශබ්ද, නාසයට දැනෙන ගඳ සුවඳ ආදී මේ ඉන්ද්‍රියයන් පහට ගෝචර වෙන…

Read More