ශාසනයේ ආරක්ෂාවට රජකු අත්‍යවශ්‍යමය.

තවත් සුන්දර චීවර මාසයක් ගෙවී යනවා. භික්ෂුව සුන්දර චීවර මාසයක්ය කියලා සටහන් කළේ, යම් වස්ත‍්‍රයකට, චීවරයකට, චේතනාත්මකව වැඩිම ගෞරවයක්, වැඩිම පූජනීයභාවයක්, වැඩිම වටිනාකමක්, ජනතාවගෙන් ලැබෙන වන්දනීය මාසය, චීවර මාසය නිසායි. චීවර මාසය තුළ බෞද්ධ සැදැහැවත් පින්වතුන්ලා, කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනක් ජීවිතවලට එකතු කොට ගන්නවා වගේම, පිනට කැමැති සම්‍යක්දෘෂ්ටික දෙවිවරු, පිනෙන් සතුටුවෙන මාසයත්, මේ උතුම්…

Read More

වේදනානුපස්සනාව – 03.

පිංවත් ඔබ, එදිනෙදා ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, අනාගත භවය උදෙසා මොනතරම් නම් සංස්‌කාර රැස්‌කොට ගන්නවාද….? කාර්යබහුල ජීවිතයේදී ඔබ ‘කාලය’ නිසා මොනතරම් වේදනාවන් සකස්‌කොට ගන්නවාද..? මෙය සටහන් තබන භික්‍ෂුවට ජීවිතයේ එදිනෙදා කාලසටහනක්‌ නැහැ. භික්‍ෂුව ඔරලෝසුවක්‌ පාවිච්චි කරනවා. නමුත් එදිනෙදා කටයුතුවලදී භික්‍ෂුව ඔරලෝසුව බලන්නේ පිණ්‌ඩපාතයට වැඩීම සඳහා පමණයි. උදේම එළිය වැටෙනකොට මුහුණ සෝදාගන්නවා. පිණ්‌ඩපාතය කරගෙන ඇවිත්,…

Read More

වේදනානුපස්සනාව – 01.

සතර සතිපට්‌ඨාන ධර්මයන්ට අදාළව මීළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වේදනානුපස්‌සනාවට අදාළව වේදනාවේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්නය කියලා. වේදනාව ගැන කතාකරන විට ඵස්‌සය ගැන කතාකරන්නම වෙනවා. ඵස්‌සය ගැන කථාකරද්දී අනිවාර්යයෙන්ම ආධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඤ්ඤාණයත් ගැන කතාකරන්නට වෙනවා. මොකද වේදනාව යනු ඉහත ධර්මතාවයන්ගේ ඵලයක්‌ හැටියට සකස්‌වෙන ධර්මතාවයක්‌ නිසා. ඵස්‌සය නිත්‍යභාවයෙන් ගැනීම නිසා සකස්‌වෙන ඵලයයි වේදනාව. ‘ඵස්‌ස නිරෝධා…

Read More

විරාගී විප්ලවය ජයගත් උතුමන් ආ මගයි මේ…

සංඝානුස්සතිය – 7. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, සාරිපුත්ත ඔබලාගේ කිරිමව’ය කියලා. සංඝ සමාජයේ හැමෝගේම දුක සැප සොයා බලනවා. සිව්පසය ලැබීම, නොලැබීම සොයා බලනවා. හැමෝටම ආදර්ශයෙන් ගුරු හරු කම් දෙනවා. කුසලය තුළ සැවොම ශක් තිමත් කරනවා. රාහුල ස් වාමීන් වහන්සේ යම් වරදක් පෙන්වා දුන්නත් නිහතමානීව එම වරද නිවැරදි කර ගන්නවා. මෙවන් උතුම් ගුණයන් දෑසින් දකින්න…

Read More

විඥ්ඥානය නැමැති වදකයා.

තෘෂ්ණාවෙන් පෝෂණය වුණ විඤ්ඤාණය නැමති වදකයා කළ්‍යාණ මිතුරෙක්‌සේ ඔබව පෝෂණය කරනවා. තමා තුළින්ම සතුරා, වදකයා පෝෂණය කරමින් සතුරා හැටියට දකින්නේ බාහිර රූපයක්‌මයි. භික්‍ෂුව ඔබට උදාහරණයක්‌ දක්‌වනවා. කෙනෙක්‌ පිංවත් ඔබට චෝදනාවක්‌ කරනවා. ඔබ ඔහුත් සමග සන්ඩුවට යනවා. අනුනගේ ක්‍රියාවක්‌ ඔබේ කර පෙන්වා ඔබව අකුලයට යොමුකළේ ඔබ තුළ සැඟවී සිටි වදකයාමයි. වදකයා නිරතුරුවම ඵස්‌සය ළඟ නැවතී ඵස්‌සය…

Read More

විඤ්ඤාණය – 11.

පංච උපාදානස්කන්ධ ධර්මයන් කෙරෙහි ඇති නොදැනුවත්භාවය නිසාම, බුදුරජාණන් වහන්සේ කාරණා පහකට ගොනුකොට පෙන්වූ ලෝක ධර්මයන්ගේ ක්‍රියාකාරීත්වය, අපි ඇසට පෙනෙන, කනට ඇසෙන, මනසට දැනෙන සංකීර්ණ වූ සම්මුති ලෝකය බවට පත්කොටගෙන පංච උපාදානස්කන්ධ ලෝකය තුළ සිටිමින් පංච උපාදානස්කන්ධ ධර්මයන් ගැන සොයනවා. එය හරියට ඇල්වතුර බොමින්, ඇල්වතුර කියන්නේ මොනවද කියලා සොයනවා වගේ වැඩක්. ඒ නිසාම පින්වතුන්ලා ප්‍රකාශ කරනවා,…

Read More

විඤ්ඤාණය – 10.

තමා තුළින් තමා දකිමින්, තමා තමාට අවංක වෙමින් නැවත නැවත අදාළ ධර්මයන් ස්‌වයං පරීක්‍ෂණයකට ලක්‌කරමින් ඔහු විශ්වාසයකට පැමිණෙනවා, ඔහු තුළින් සතර අපාය කෙරෙහි බිය දුරු වුණාය කියලා. උතුම් සෝවාන් ඵලයට පත්වූ පිංවතාට, තමා තුළ සකස්‌වෙන, තමන් සතර අපායෙන් මිදුණාය කියන සිතත්, අනිත්‍යවූ පංචඋපාදානස්‌කන්ධයක්‌ පමණක්‌මයි. ඔහු තමන් සෝවාන් ඵලයට පත්වුණාය කියන සිතටත් බැඳෙන්නේ නැහැ. පිංවත් ඔබ…

Read More

විඤ්ඤාණය – 08.

පංචඋපාදානස්‌කන්ධ ධර්මයන්ට අදාළව විඥ්ඥානය ගැන සටහන් තබන මොහොතේ පිංවත් ඔබ දක්‍ෂවෙන්න අනුනගේ පංචඋපාදානස්‌කන්ධයන් ගැන නොසිතා, නොසොයා තම පංචඋපාදානස්‌කන්ධයේ ක්‍රියාකාරීත්වය ගැන දකින්න. අනුන් හරි දේ කළත්, අනුන් වැරදි දේ කළත් පිංවත් ඔබට ඇති ඵලයක්‌ නැහැ. අනුන් අවංක වුවත්, අනුන් වංක වුවත් ඔබට ඇති ඵලයක්‌ නැහැ. ඔබට අර්ථයක්‌ තිබෙන්නේ අනුන් නිසා සකස්‌වෙන ඔබේ සිතිවිලිවල අනිත්‍යභාවය දැකීමයි. බාහිර…

Read More

විඤ්ඤාණය – 07.

තමා තුළත් අනුන් තුළත් ක්‍රියාත්මක වන්නේ පංච උපාදානස්‌කන්ධ මාරයා කියන අර්ථය නොදන්නා නිසාම සමාජයෙන් ලැබෙන ප්‍රතිචාර ඉදිරියේ අපි මෝහනයට පත්වෙන්න පුළුවන්. එම නිසාමයි, බුදුරජාණන් වහන්සේ විනය කාරණාවන් පනවන්නේ පැවිදි භාවයට පත්වී වසර පහක්‌ අනිවාර්යයෙන්ම ගුරුවරයා ඇසුරෙ වැඩසිටිය යුතුයි කියලා. එම ගුරුවරයා වස්‌ දහයක්‌ සම්පූර්ණ ගුරුවරයෙක්‌ විය යුතුයි කියලා. මෙය සටහන් තබන භික්‍ෂුව ගුරුවරයාගේ අවසරයෙන් ගුරු…

Read More

විඤ්ඤාණය – 06.

තමන් තුළ ඇතිවන පංච උපාදානස්‌කන්ධ මාරයා සහ බාහිර පංචඋපාදානස්‌කන්ධ මාරයන් ගැන විමසීමේදී, එයටම අදාළ ධර්මයන් තමයි බුදුරජාණන් වහන්සේ සබ්බාසව සූත්‍රයට අදාළව දේශනා කරන දර්ශනයෙන් ප්‍රහාණය කළ යුතු ආශ්‍රවයන් ප්‍රහාණය කිරීම සඳහා, ඉන්ද්‍රිය සංවරය, වීර්යය, ප්‍රත්‍යවේක්‍ෂාව, මඟහැරයැම, දුරුකිරීම කියන මූලික කාරණා කිහිපය පිංවත් ඔබට හුඟාක්‌ උපකාර වෙනවා. ඉහත කාරණා කිහිපය කැටි කරලා තමයි, බුදුරජාණන් වහන්සේ, ස්‌වාමීන්වහන්සේලාට…

Read More