Article
ඉතිපිසෝ ගාථාවේ අනන්ත ගුණ බලය.
බුදු ගුණ අනන්තයි. ඒ අනන්ත බුද්ධ ගුණ සියල්ල සම්පිණ්ඩනය වී තිබෙන්නේ මේ ඉතිපිසෝ ගාථා පාඨයේ. අපේ බුදුරජාණන් වහන්සේ බොහෝ සූත්‍ර වල මේ ඉතිපිසෝ ගාථාව බුදු ගුණ හැටියට උගන්වලා තියෙනවා. සාරිපුත්‍ර මහ රහතන් වහන්සේත් පටිසම්භිදාමග්ග පාලියේ බොහොම විස්තරාත්මකව මේ බුදු ගුණ දේශනා කරලා තියෙනවා. ඒ සියල්ලම අයිති වෙනවා මේ ඉතිපිසෝ ගාථා පාඨයේ ගුණ පද නමයට. පින්වතුන්…
අපවිත්‍රම ධර්මතාවය ආත්මීය දෘෂ්ටිය යි.
පින්වත, උදා වූ 2025 නව වසරේ දී ලෝභ, ද්වේශ, මෝහ සංස්කාර අධිවේගී මාර්ගයේ සම්මත වේග සීමාවන් ඉක්මවා, ජීවිතය නමැති ඔබේ වාහනය පදවනවා නම්, කරුණාකර අවම වශයෙන් තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, මෛත්‍රිය, සීලය, ත්‍යාගය කියන ආරක්ෂිත ආසන බඳ පටියවත් හොඳින් පැළඳ ගන්න. පින්වත, ආරක්ෂිත ආසන බඳ පටියවත් නොපැළඳගෙන සංස්කාර අධිවේගී මාර්ගයේ ජීවිත නමැති වාහන එළවීම් ගොඩාක් වැඩි…
සතුට ඇත්තේ කොතැන ද?
පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ නැවුම් බලාපොරොත්තුවක් ද? එසේත් නැති නම් ප්‍රශ්නාර්ථයක් ද? පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ නැවුම් බලාපොරොත්තු ගොන්නක් නම්, පින්වත් ඔබගේ එම සුන්දර බලාපොරොත්තු එලෙසින්ම ඉටු වේවා! යැයි කියලා, භික්ෂුව මෙත් සිතින් ආශීර්වාද කරනවා. පින්වත, උදා වන 2025 නව වසර කෙරෙහි ඔබට තිබෙන්නේ ප්‍රශ්නාර්ථයක්…
පාරිසරික හේතූන් හේතුඵල ධර්මයන්ට ගළපා දකින්න.
පින්වත, උපත යම් තැනක ද එතැන මරණය තිබෙනවා. උපත සතුටින් පිළිගන්න අපි, මරණය ඉදිරියේ දුකට, ශෝකයට පත් වෙනවා. ඉපදුණේ ඇයි, මැරෙන්නේ ඇයි කියලා හිතන්නට අපිට තවම චිත්ත විශුද්ධියක් නැහැ. චිත්ත විශුද්ධිය තවමත් අපේ දුර්වල වන්නේ සීල විශුද්ධියක් ගැන අපි තවමත් සිතලා නැති නිසාමයි. පින්වත, මේ කොයි දෙය ගැන සිතන්නත් අපිට සම්මා දිට්ඨි, සම්මා සංකප්පයෝ ගැන…
ජීවිතවල තෘෂ්ණාව හිස් කරලා, ප්‍රඥාවේ ආලෝකයෙන් ආධ්‍යාත්මය පුරවන්න.
පින්වත, එක බලාපොරොත්තුවක් ඉටු වෙන කොට, තවත් බලාපොරොත්තුවක් මෝදු වෙනවා. පින්වත, ජීවිතය යැයි කියන්නේ ඉටු වුණ සහ ඉටු නොවුණ බලාපෙරොත්තු ගොඩක්. පින්වත, ඔබ ඇති කොට ගන්නා බලාපොරොත්තුවක් යැයි කියන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. වර්තමාන පංච උපාදානස්කන්ධය තුළ සිටිමින් අනාගත පංච උපාදානස්කන්ධයෝ ප්‍රාර්ථනා කරනවා. පින්වත, ඔබ ඇති කොට ගන්නා අනාගත බලාපොරොත්තුවලට තෘෂ්ණා පච්චයා උපාදානං කියලත් ධර්මානුකූලව කියන්න…
සීලය මෙනෙහි කිරීමෙන් කුසල් රැස්කර ගන්නා ක්‍රමය.
(1) රහතන් වහන්සේලා දිවි හිමියෙන් ප්‍රාණඝාතයෙන් වැළකී සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් වාසය කරන්නාහ. මම ද අද ප්‍රාණඝාතයෙන් වෙන්ව සියලු සතුන් කෙරෙහි අනුකම්පා සහගත සිතින් රහතන් වහන්සේලා අනුව හැසිරෙමි. රහතන් වහන්සේලා විසින් කරන ලද්දක් කරමි. (2) රහතන් වහන්සේලා දිවි හිමියෙන් සොරකමින් වෙන්ව ඇද නැති පිරිසිදු සිතින් වාසය කරන්නාහ. මම ද අද සොරකමින් වෙන් ව…
රූපයේ ආස්වාදය කෙටි කාලයයි.
පින්වත, දෙසැම්බර් මාසයේ හරිම ශීතල උදෑසනක්. අවට පරිසරය ශීතල මීදුමින් වැහිලා. ශීතල මීදුම මැදින් ගමේ ගොවි බිම් පෙනෙන්නේ මැකී යන සිතුවමක් වගේමයි. උදෑසන හිරු තව ටිකකින් නැගෙනහිරින් අවදි වෙද්දී, මීදුම මැකිලා යාවි. සතර මහා ධාතුවේ තේජෝ ධාතුව දුර්වල වෙලා යද්දී, පරිසරයේ ආපෝ ධාතුව ආස්වාදයෙන් නළියනවා. එහි ඵලයයි මේ උදෑසන ශීතල මීදුම. පින්වත, සතර මහා ධාතුවේ…
ඔබේ ජීවිතය උතුම් සද්ධර්මයට විවෘත කරන්න.
පින්වත, අවිද්‍යාව අපේ ජීවිතවල තිබෙන තාක් කල්, කුසල් සහ අකුසල් සංස්කාරයෝ අපේ උරුමය වෙනවා. පින්වත, අවිද්‍යාව තිබෙන තාක් කල් දුක, වේදනාව, විරහව, කඳුළ ජය ගන්න අපිට බැහැ. පින්වත, අවිද්‍යාවට සංස්කාර ආහාර දෙමින්, අපි මේ කරන්නේ නිෂ්ඵල සටනක්. පින්වත, අතීත සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගණනක් ගෙවී ගියත්, අපිට පටිච්චසමුප්පන්න අවිද්‍යාව පුරුදු පුහුණු කළ භව පුරුදු වර්තමානයේදීත්…
මනුෂ්‍ය ලෝකය තුළ ආගම් භේදයක් නොමැත.
පින්වත, මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ තවත් ආගමක් නොවේ. පින්වත, සම්මා සම්බුද්ධ ශාසනය යැයි කියන්නේ ස්වභාව ධර්මයේ දහමමයි. පින්වත, තෘෂ්ණාව යම් ජීවිතයක තිබේ ද, එතැන ජාති, ජරා, ව්‍යාධි, මරණ, ශෝක, පරිදේව, දුක තිබෙනවා. පින්වත, ඉහත අර්ථය මේ ලෝක ධාතුවේ සෑම සත්ත්වයෙකුටම පොදු, ආගම් භේදයකින් තොර ස්වභාව ධර්මයේ දහමක්. පින්වත, තෘෂ්ණාව නිරෝධය කළ තැන…
මමත්වයේ දැඩිභාවය ජීවිතයෙන් බිම තබන්න.
පින්වත, සළායතනයෝ යැයි කියන්නේ අජීවී සතර මහා ධාතුවක් පමණක්මයි. පින්වත, ආයුෂය, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සහ උණුසුමෙන් තොරව සළායතනයන්ට නොමැරී, කුණු නොවී පවතින්න බැහැ. පිංවත මළ කඳක් යැයි කියන්නේ ආයුෂය, පටිච්චසමුප්පන්න විඤ්ඤාණය සහ උණුසුම පහව ගිය ජීවිතයක්. පින්වත, අවිද්‍යාව හේතුවෙන් සකස් වන සංස්කාරයෝම සළාතනයෝ උපද්දවා දෙනවා, අවිද්‍යාව විසින්ම සළායතනයෝ ජීවත් කරවනවා, අවිද්‍යාව විසින්ම සළායතනයෝ මරා දමනවා, අවිද්‍යාව…