Article
යොදුන් 168,000ක් විශාල මහාමේරුවේ ගිනිගැනීමෙන් අළුදූවිලි වන ලෝකය නැවත බිහිවීමද ධර්මතාවක්මයි.
පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්, උසස් අධ්‍යාපනයක්, උසස් වෘත්තියක්, ලැබුණා නම් එය අතීත කුසල් සංස්කාරයක ඵලයක්. එයත් ධර්මතාවක්. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. භවයේ දෙවියෙක්, මනුෂ්‍යයෙක්, බ්‍රහ්මයෙක්, පසුව සතර අපායේ සත්වයෙක් ලෙස ඉපදුණේ අතීත සංස්කාරයන්ට අදාළව උපාදාන පච්චයා භවය කියන ධර්මතාවන්ට අනුවයි. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයයි. සංස්කාර නිරෝධය නොකළ සෑම සත්වයෙක්ම මරණයෙන් පසුව නැවත ඉපදීම ධර්මතාවයක්. නමුත්…
මෛත්‍රිය දෘෂ්ටිය අනුභවකර මස් මාංශ නොකෑමෙන් පලක් වේද?
එක්තරා ගිහි පිංවතෙක් භික්ෂුවගෙන් ඇහුවා ‘හාමුදුරුවෝ මස් මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්ද?’ කියලා. එම පිංවතාට භික්ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක් නිසයි භික්ෂුව මෙහෙම පිළිතුරක් දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්වභාවය වෙනස් වෙනවා. භික්ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර…
මුලු ලෝකයම එරෙහි වුවද භික්ෂුවකට බියක් ඇතිවන්නේ නැත.
මෙය සටහන් තබන භික්ෂුවට මතකයි, මගේ අම්මා, ළමා කාලයේදී මට කියලා දුන්නා, මේ ලෝකයේ උතුම්ම රට ශ්‍රී ලංකාවයි කියලා. එදා අද වගේ චතුරාර්ය සත්‍ය ධර්මයන්, සතර සතිපට්ඨාන ධර්මයන්, පංච උපාදානස්කන්ධ ධර්මයන්, උතුම් අධිගමයන්, ගැන සමාජයේ කතාබහ වුණේ නැහැ. ඒ නිසාමදෝ මගේ අම්මා, ශී‍්‍ර ලංකාව ලෝකයේ උතුම්ම රට වෙන්නේ, ඇයි කියලා මට පැහැදිලි කොට කිව්වේ නැහැ….
මාරයාගේ ස්වයං වර්ණනාවට හෝ ස්වයං විවේචනයට නොරැවටෙන්න.
පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් ලිපියෙන් අවසන් වන අතර මෙතැන් පටන් කොටස් කිහිපයකින් යුක්තව පළ කෙරෙනුයේ එයට අදාළව භික්ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි. පිංවත් මහත්මයෙක් භික්ෂුවගෙන් විමසුවා ‘ස්වාමීන් වහන්ස, මාරපාක්ෂික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්කන්ධයට අදාළව ඇතිකර ගන්නා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නිසාමද..?’ කියලා. මාරපාර්ශ්වික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වන්නේ…
මගේ කරගෙන ජීවත්වන සියල්ල දමා යන්නට සිදු වන ලෝකයක…
සංඝානුස්සතිය – 2. රට්ඨපාල ස්වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් අතහැර පැවිදි වූයේ කුමන හේතුවක් නිසාද කියලා. එවිට රට්ඨපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘රජතුමනි, සත්ත්වයා නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ කරාම යනවා. කාටවත් වළක්වන්න බැහැ. රජතුමනි ඔබතුමා වයසට යන ස්වභාවය, රෝගී වන ස්වභාවය, මරණයට පත්වන…
භික්ෂුව මුලින්ම දැක්කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියලා…
එක් ගෞරවනීය ස්වාමීන්වහන්සේනමක් භික්ෂුවගෙන් විමසුවා ‘ඔබවහන්සේ මුලින්ම දැක්කේ රුවන්වැලි මහාසෑය අනිත්‍යයි කියලද? එහෙම නැතිනම් රුවන්වැලි මහාසෑය දැක්ක හිත අනිත්‍යයි කියලද?’ කියලා. භික්ෂුව මුලින්ම දැක්කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියලා. පාරිසරික හේතූන්, දේශගුණික හේතූන්, මිථ්‍යාදෘෂ්ටික සතුරු කරදර හේතුවෙන් විනාශයට යන, සතරමහා ධාතුවේ අනිත්‍යභාවයට යටත් ස්වර්ණමාලි සෑ සමිඳුන්වයි මම මුලින්ම මනසින් දැක්කේ. නමුත් වර්තමානයේ භික්ෂුව ඉහත ආකාරයට…
බෞද්ධ පිංවතුන්ගේ ‘ජනප්‍රිය පැනය’.
වර්තමාන සමාජය තුළ බෞද්ධ ජනතාවට ගැටලුවක් තියෙනවා. ඒ තමයි මාංශ, නිර්මාංශ ප්රශ්නය. මේ ප්රශ්නය දැඩි දෘෂ්ඨියකට ගෙන සමහර පිංවතුන් තම මතයට විරුද්ධ කාණ්ඩයට එරෙහිව හැසිරෙනවා. කොහොම වුණත් සත්ව හිංසාවත්, සත්ව ඝාතනයත් නැවතිලා මස් අනුභවය නිසා සෑදෙන සමහරක් රෝගවලිනුත් තොරවෙලා, සමාජයේ මෛත්‍රී කරුණාව නිරෝගීභාවය පිරී ඉතිරී ගියොත් එය මොන තරම් සුන්දර දෙයක්ද? එවැනි පරිසරයකදී ඔබට වටලප්පමක්,කේක්…
බිනර පුර පසළොස්වක පොහොය දිනය.
වස්සාන සමයේ කැපකරු දායක පිරිස වෙතින් සිව් පසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ සසර දුකෙන් වියුක්ත වීමට වෙනදාටත් වඩා තෙළෙස් ධූතාංග පුරන තවත් පොහොය දිනයක් උදා වන්නේ බිනර මහේ පුර පසළොස්වකයි. බමුණු සමාජයෙන් පීඩනයට අසුවී අසරණවූ වනිතාවගේ ආධ්‍යාත්මයේ අඳුරු දොරගුළු විවර කරවා අරුණැල්ලක් උදා කරවීමට මෙම උත්තරීතර පොහොය දිනය සමත් විය. මේ සඳහා ඇප කැප වූ…
පූර්වේනිවාවාසානුස්සති ඥානය.
භික්ෂුවක් පූර්වේනිවාවාසානුස්සති ඥානය ඔස්සේ සිත මෙහෙයවනවා. පූර්වේනිසානුස්සති ඥානය කියන්නේ, පෙර ජීවිත දැකීමේ ඥානයයි. එම භික්ෂුව ඇලීම් ගැටීම් වලින් තොර, උපේක්ෂාව කියන තැනට සිත පත්කරගෙන අරමුණ ඔස්සේ ක්‍රියාත්මක වෙනවා. මෙතැනදී එම භික්ෂුව අරමුණු කරන්නේ වයස අවුරුදු 10 ක පමණ පිරිමි දරුවෙක්. දරුවාට වයස අවුරුදු 10 ක් වුණත්, එම දරුවා තවම ළදරු ගති ලක්ෂණයි, ප්‍රකට කරන්නේ. එම…
පුංචි කුහුඹුවාගෙනුත් ඔබ ලොකු ආශ්‍රවයන් ඇතිකරගන්නවා ද?
මැසි මදුරුවන්, කුහුඹින්, කැරපොත්තන්, ගොයම් මැස්සන් වැනි කෘමීන් වැනි උවදුරු මඟහැරයැමට ඇති අදක්ෂභාවය නිසාම සමාජය නිරතුරුවම නැති ආශ්‍රවයන් ඇතිකරගන්නවා. ඇති ආශ්‍රවයන් වර්ධනය කරගන්නවා. එමනිසා පිංවතුන් දක්ෂවෙන්න, මෙවැනි කෘමි උවදුරු ආරක්ෂක ක්‍රමවේදයක් උපයෝගී කරගෙන මඟහැරයන්න. මදුරුවන් ගැවසෙනවානම්, මදුරු දැලක් පාවිච්චි කරන්න. කුහුඹින් පැමිණෙනවානම් ඊට අදාළව ආරක්ෂිත උපක්‍රම ඇතිකරගන්න. මැසි මදුරුවන්, කුහුඹින් වැඩිපුර ගැවසෙන නිවාසවල ජීවත්වන පිංවතුන්ලාට…