Article
සංස්කාර – 09.
භික්ෂුව වැඩසිටින කුටිය ප්‍රදේශයේ විසිදෙනෙක්ගෙන් පමණ සමන්විත වඳුරු රංචුවක් ජීවත්වෙනවා. මේ වඳුරු රංචුවෙන් ගම්මානයේ ගොවි ජනතාවට ගොඩක් හිරිහැර වෙනවා. පසුගිය සතියේ දවසක එක් වැඩුණු වඳුරෙක් මුළු දවසම කුටිය ඉදිරිපිට ගසේ රෝගීව සිටියා. ගමේ කෙනෙක් තියුණු පිහියකින් පසුපස ප්‍රදේශයට පහරදීලා. අඟලක පමණ කැපුමක් නිසා වඳුරාගේ පසුපස කකුල පණ නැහැ. සවස් වෙනවිට වඳුරා ගහෙන් බැහැල බොහොම අමාරුවෙන්…
සංස්කාර – 08.
පංචඋපාදානස්කන්ධයට අදාළව, සංස්කාරයන්ගේ අනිත්‍යභාවය ගැන, මෙම සටහන අවසන් කිරීමට සූදානම්වන මොහොතේ, භික්ෂුවගේ භික්ෂු ජීවිතයේ මුල් මාස කිහිපය තුළ විපාකයට පැමිණි, කුසල් සංස්කාරයක් ගැන මෙහි සටහන් තබනවා. භික්ෂුවට මතක්වෙනවා මීට වසර අටකට පෙරාතුව, භික්ෂුව සාමනේරකෙනෙක් වශයෙන් ආරණ්‍යයක වැඩසිටියදී අහම්බෙන් වගේ සිදුවූ හමුවීමක්. ඒ හමුවීම තමයි මෙම ලිපි පෙළ ඉදිරිපත් කරන ඉන්ද්‍රජිත් සුබසිංහ මහත්මයාගේ හමුවීම. කළුතර වසන්ත…
සංස්කාර – 07.
භික්ෂුව දිනක් කුටියක වැඩසිටිනකොට පිංවත් මහත්මයෙක් කුටියේ කැපකරු මහත්මයා හරහා දැනුම් දුන්නා, හෙට උදේට පිණ්ඩපාත දානය බෙදාගන්න කුටියේ පිණ්ඩපාත මඩුවට එනවාය කියලා. භික්ෂුව උදෑසන පිණ්ඩපාත මඩුවට වැඩම කරලා විනාඩි කිහිපයකට පසුව, ලොකු බෑගයක් අරගෙන එම පිංවතුන් පැමිණියා. ගමේ පිණ්ඩපාතය බෙදන්න පැමිණි දායක පින්වතුන් දැන් බලාගෙන සිටිනවා. මේ මහත්වරුන් තම බෑගයෙන් රූපවාහිනී කැමරාවකුත්, කැමරා රඳවනයකුත් එළියට…
සංස්කාර – 06.
පිංවත් ඔබ වර්තමානයේ සිටම ‘මහ රහතුන් වැඩි මඟ ඔස්සේ’ කියලා මතකයට එනකොටම, ‘සංස්කාරයෝ අනිත්‍යයි‘ කියලා දකිමින් පුහුණු වෙන්න. ඔබට මේ සටහන් තබන භික්ෂුව සිහිපත් වුණොත්, ඒ මොහොතේම, භික්ෂුවගේ රූපය මළ කඳක් කොට දකින්න. ඒ මළකඳ මහපොළොවට පස්වෙනවා නුවණින් දකින්න. ඔබ දෙපා තබාගෙන සිටින මහ පොළොවේ පස, නුවණින් දකිමින් සියලු සංස්කාරයෝ අනිත්‍යයි… අනිත්‍යයි… අනිත්‍යයි..! වශයෙන් නුවණින්…
සංස්කාර – 05.
පිංවත් ඔබ, දෑස් පියාගෙන අතීතයේ නිතිපතා අකුසල් කඳු නිසා කල්ප විනාශයන්ට මැදිවී, ඔබත් මමත් පිච්චි, පිච්චී මියගිය තැන නුවනින් දකින්න. එදාට සත්ත්වයාගේ ආයුෂය වන්නේ එක සිතිවිල්ලක් සකස්වෙන කාලයයි. සංස්කාරයන් පිංවත් ඔබට කරන මේ තියුණු විනාශය නුවනින් දකිමින් සංස්කාරයෝ අනිත්‍යයි, අනිත්‍යයි, අනිත්‍යයි..! වශයෙන් මෙනෙහි කරන්න. සත්ත්වයාගේ අවිද්‍යාව නිසාම, අනිත්‍ය වූ සංස්කාර විසින් ලෝකය පාලනය කරනවා. සංස්කාර…
සංස්කාර – 04.
අවිද්‍යා නිරෝධෝ සංකාර නිරෝධෝ…! සංස්කාර නිරෝධයෙන් භවයෙන් නිවීගිය ලොව්තුරා බුදුරජාණන් වහන්සේලා, මහ රහතුන් වහන්සේලා ආදී උතුමන්, ගිනි ගොඩක දර අහවර වීමෙන් ගිනිගොඩ යම්සේ නිවී යන්නේද, සංස්කාර නිරෝධයෙන් එම උතුමන්ගේ විඤ්ඤාණය තමා තුළින්ම නිවීගිය හැටි නුවණින් දකිමින්, සංස්කාර නිරෝධය කෙරෙහි ඡන්දය ඇතිකරගන්න. අකුසල් සංස්කාරයන්ගෙන් මිදී කුසල් සංස්කාරයන් රැස් කරගනිමින්, කුසල් අකුසල් සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් ජීවත්වෙන්න. විවේකීව…
සංස්කාර – 02.
එක මහත්මයෙක්, තමන්ගේ ඉඩමේ වැටමායිමකට මුළු ජීවිතයම නඩු කියලා, වැට මායිමේ අයිතිය ගැනම හිතලා, ඒ ගැන සිතමින් සිටියදීම මිය යනවා. පටිච්චසමුප්පන්නව ඒ මහත්මයා එම ඉඩමේ ප්‍රේතයෙක් වශයෙන් උපත ලබනවා. ඒ වැටමායිම ළඟ සිටිමින් තවමත් මායිමේ අයිතිය ගැන සිතනවා. නිමාවක් නැති සිතීම, නිමාවක් නැති භවය පෝෂණය කොටදෙනවා. ලෝකයේ කටුකම, බියකරුම, ගැඹුරුම, දීර්ඝම, අමිහිරිම දෙය මොකක්ද කියලා…
සංස්කාර – 01.
පංච උපාදානස්කන්ධ ක්‍රියාවලියට අදාළව පිංවත් ඔබ ඇසෙන් රූපයක් දකිනවා, කනෙන් ශබ්දයක් අසනවා, දිවගට රසයක් දැනෙනවා, දැක්ක දෙයට, ඇසුණු දෙයට, දැනුණු දෙයට ඔබ ඇලෙනවා ගැටෙනවා උපේක්ෂා සහගත වෙනවා. ඇලුණු ගැටුණු උපේක්ෂා සහගත වු දෙය ඔබ හඳුනාගන්නවා. හඳුනාගන්නා වූ දෙය ගැන ඔබ සිතනවා. සිතනවා කියල කියන්නේ සංස්කාර සකස් වෙනවා. සංඥාව හේතුවෙන් සංස්කාර සකස් වෙනවා. ‘සංඥා නිරෝධා සංස්කාර…
ශාසනයේ ආරක්ෂාවට රජකු අත්‍යවශ්‍යමය.
තවත් සුන්දර චීවර මාසයක් ගෙවී යනවා. භික්ෂුව සුන්දර චීවර මාසයක්ය කියලා සටහන් කළේ, යම් වස්ත්‍රයකට, චීවරයකට, චේතනාත්මකව වැඩිම ගෞරවයක්, වැඩිම පූජනීයභාවයක්, වැඩිම වටිනාකමක්, ජනතාවගෙන් ලැබෙන වන්දනීය මාසය, චීවර මාසය නිසායි. චීවර මාසය තුළ බෞද්ධ සැදැහැවත් පින්වතුන්ලා, කුසල් ධර්මයන්ගෙන් පෝෂණය වූ පිනක් ජීවිතවලට එකතු කොට ගන්නවා වගේම, පිනට කැමැති සම්‍යක්දෘෂ්ටික දෙවිවරු, පිනෙන් සතුටුවෙන මාසයත්, මේ උතුම්…
වේදනානුපස්සනාව – 03.
පිංවත් ඔබ, එදිනෙදා ජීවිතයේදී වේදනාවේ අනිත්‍යභාවය නොදකින නිසාම, අනාගත භවය උදෙසා මොනතරම් නම් සංස්කාර රැස්කොට ගන්නවාද….? කාර්යබහුල ජීවිතයේදී ඔබ ‘කාලය’ නිසා මොනතරම් වේදනාවන් සකස්කොට ගන්නවාද..? මෙය සටහන් තබන භික්ෂුවට ජීවිතයේ එදිනෙදා කාලසටහනක් නැහැ. භික්ෂුව ඔරලෝසුවක් පාවිච්චි කරනවා. නමුත් එදිනෙදා කටයුතුවලදී භික්ෂුව ඔරලෝසුව බලන්නේ පිණ්ඩපාතයට වැඩීම සඳහා පමණයි. උදේම එළිය වැටෙනකොට මුහුණ සෝදාගන්නවා. පිණ්ඩපාතය කරගෙන ඇවිත්,…