Article
අන්තිමයා වීම අගනේය.
මේ ආත්මභවයේදීම නිවන් අවබෝධ කර ගැනීමේ අධිෂ්ඨානය ජයගැනීමට විර්යයෙන් පෙරට යන “භික්ෂුවට” වත යනු කප්රුකකි. වත යනුවෙන් හඳුන්වන්නේ ආරණ්‍යය තෘෂ්ණාවෙන් “ආරණ්‍යය මගේ, මම ආරණ්‍යයේ” යන මමත්වයෙන් කුටි හදන කානු කපන, ගොඩනැඟිලි තනන, මල් වවන දෙවල් නොවේ. භික්ෂුව ප්‍රතිපත්ති ගරුක නම් එම කටයුතු ගිහි දායකයන් විසින් සපුරා දෙනු ඇත. එසේ නොවන්නේ නම් භික්ෂුවගේ යුතුකම ලද දෙයින්…
අත්වැල් බැඳගෙන පිහිනිය නොහැක.
සමහර දෙමාපියන් ඉන්නවා, ඒ අය දූ දරුවන්ගේ වගකීම් වලින් නිදහස් වෙලා කුසල් දහම් වඩමින් ජීවත් වෙනවා. ඒ අය නිවන ගැනත් කථා කරනවා. දිව්‍ය බ්‍රහ්ම ලෝක ගැනත් බලාපොරොත්තු තබා සිටිනවා. මේ අය මොන පිංකම කරන්නෙත්, දවස ගතකරන්නෙත් දෙදෙනාට දෙදෙනා ගොඩාක් ළෙන්ගතු බැඳීමකින්. සිදුහත් කුමාරයා ධර්මය සොයාගෙන ගියේ යශෝදරාව අතහැර දමාය. ඇය පමණක් නොව, රාහුලයන්ද අතහැර දමාය….
අකුසල් විපාක දෙන්නේ අසිහියෙන්ම තව තවත් අකුසල් කඳු මෝදුකොට දෙන්නමයී.
පොසොන් සඳ තවමත් මැකී ගිහින් නැහැ. මේ නිසල විවේකී රාත්‍රියේ ඈත ආකාසයේ සිට ඇය භික්ෂුව දෙස බලා සිටිනවා. සත්තකින්ම ඇය හරිම ලස්සනයි. හරිම මටසිළුටුයි. ඒත් භික්ෂුව ඇයගේ රුව විඳින්න යන්නේ නැහැ. භික්ෂුව ඇයගේ රුව දකිනවා පමණක්මයි. භික්ෂුවගේ අධ්‍යාත්මික ඇස, සඳ නමැති බාහිර රූපය සමග ඵස්සය වෙද්දී, භික්ෂුව දැක්කාය කියන තැන නවතිනවා. මේ නිසල රාත්‍රියේ ඇයගේ…
නිල මැස්සයි ඔබයි දෙන්නම දැන් සමයි.
මම කියන්නේ මොන තරම් පුංචි වචනයක්ද. එක වගේම අකුරු දෙකයි. මේ පුංචි අකුරු දෙක සත්වයාට මොන තරම් දුක් ගොන්නක් උරුම කර දීමට හේතූ වෙලා තියෙනවාද. ඔබ අදක්ෂ වුවහොත් තව කොතෙක් නම් දුක් මතුවට ඔබට උරුමකොට දේවිද? මැරෙමින්, ඉපදෙමින්, කැඩෙමින්, බිදෙමින්, ඇතිවෙමින්, නැතිවෙමින් මේ පැමිණි දුර කොපමණක්ද? මම කියන බීජයෙන් ලැබුණු අස්වැන්න තමයි ජාති, ජරා, ව්‍යාධි,…
සසුන රැක්කොත් එහෙමයි, සසුන නැසුවොත් මෙහෙමයි.
පිංවත් ඔබ සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ ශක්තිමත් වෙන්න. හේතුඵල ධර්මයන් නිසා ම ඔබට ලැබෙන ආයුෂ, වර්ණය, සැපය, බලයට ඇලෙන්න එපා. ආයුෂ, වර්ණය, සැපය, බලයට ඊර්ෂ්‍යාකරන්න එපා, ද්වේෂ කරන්න එපා. ඒ හේතුවෙන් පළිගන්න එපා. සම්මා දිට්ඨියේ අර්ථයන් තුළ සිටිමින් ම ඉහත අර්ථයන් විග්රහ කරගන්න දක්ෂ වෙන්න. මාර්ගඵල ලැබීමට පෙරාතුව මේ ධර්මයන් අපි දැනගත යුතු යි. එසේ…
සයුරු සැපේ වේ මේ සා දෝසා.
සතර අපාය කියන වචනය ඇසෙනවිට, එහි තත්ත්වය විඳින දුක අසන විෂ මනුෂ්‍යයා තුළ හටහන්නේ බියක්, තැතිගැනීමක්. මේ තැතිගැනීම, බිය නිසාම සමහරු සතර අපාය කියන වචනය තම මතක කෝෂයෙන් අයින් කර දමනවා. එය තහනම් වචනයක් හැටියට. ඇස් වලට පෙනි පෙනී තිරිසන් ලෝකයේ සත්වයෝ දුක් විඳිනවා දකිනකොටත්, මනුෂ්‍යයෝ සිතනවා, අපි තිරිසන් ලෝකයේ උපත නොලබනවා කියලා. මනුෂ්‍යයාට එහෙම…
විශේෂ වෙසක් දින ලිපිය.
අද වෙසක් පුරපසළොස්වක පොහොය දවස. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වය අවබෝධකර වසර දෙදහස් හයසියයක් සපිරෙන ප්‍රවෘත්තියක් ඇසෙනවා. භික්ෂුව මේ මොහොතේ වැඩසිටින්නේ මිනිස් වාසයෙන් දුරස්වූ හුදකලා කුටියක නිසා බාහිර සමාජයේ ක්‍රියාවන් ගැන දන්නෙ නැහැ. අද වැනි දවසක ලොව්තුරා බුදුරජාණන් වහන්සේ සම්මාසම්බුද්ධ ඥානයෙන් පරිපූර්ණවූ චතුරාර්ය සත්‍ය ධර්මයයි අවබෝධ කොට වදාළේ එවන් අර්ථවත් දිනයක ධර්මයේ අර්ථය හොඳින් ජීවිතයට…
විනාශයේ කොටස්කරුවන් හඳුනා ගන්න.
පිංවත් ඔබ ජීවත්වෙන සමාජයේ, කුසලයට සහ අකුසලයට අදාළව දිගහැරෙන හේතුඵල ධර්මයන්, ධර්මානුකූලව, නුවණින් නොදැකීම නිසාම, අසිහියෙන් හම්බුකරනවා. අසිහියෙන් බොරු කියනවා. අසිහියෙන් තමන් උපන් රට, ජාතිය, ආගම, පාවා දෙනවා, අසිහියෙන් අනාගත බලය උදෙසා සිහින මාලිගා ඉදිකොට ගන්නවා. සමාජය තුළ ජීවත්වෙන පාසල් දැරියන්ව, තරුණියන්ව, වැඩිහිටි කාන්තාවන්ව අසිහියෙන්ම කාමච්ඡුන්දයන් දෙසට යොමු කරනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සමාජයේ සදාචාරාත්මක…
ලස්සන වෙසක් සැරසිල්ලෙන් ද අර්ථවත් ධර්මයක්ම දකින්න.
පාසල් දරුවෙක් භික්ෂුවගෙන් ප්‍රශ්නයක් විමසුවා. ඕපපාතික සත්වයන්ගේ උපත පිළිබඳ විශ්වාසය සම්මා දිට්ඨියේ ලක්ෂණයක් වෙන්නෙ ඇයි කියලා. පින්වත් ඔබ ඕපපාතිකව සත්වයන් උපදිනවා කියලා විශ්වාස නොකරනවානම් ඔබ දෙවියෙක් බ්‍රහ්මයෙක් ඉන්නවාය කියල විශ්වාස කරන්නේ නැහැ. දෙවියන් බ්‍රහ්මයන් කෙරෙහි විශ්වාසය නැති නිසාම ඔබටත් දෙවියෙක් බ්‍රහ්මයෙක් විය හැකිය යන විශ්වාසය නැතිව යනවා. ඒ නිසාම ඔබ කුසලයට පෙළඹෙන්නේ නැහැ. ඕපපාතිකව උපදින…
පායාසි නිරය.
එක්තරා භික්ෂුවක් උතුම් සමාධිය තුළින් පායාස නිරය අරමුණු කොට බලනවා. භික්ෂුවට දර්ශනය වෙන්නේ,පායාස නිරයේ සිටින නිරි සතුන් ඇටසැකිල්ලක් ලෙසයි. එලෙසයි පායාස නිරයේ පහළ වෙලා තිබෙන්නේ. ශරීරයේ මස නැහැ. මනුෂ්‍ය ජීවිතයේ දී තම ශරීරයේ අඟපසඟ, මස නිත්‍ය වූ සැපයක්, සතුටක් හැටියට ලෝකයාට පෙන්වීම නිසා ම, තම අඟපසඟ ලෝකයාගේ කාමාස්වාදය උදෙසා යෙදවීම නිසා ම ශරීරයේ හැඩය, වර්ණය,…