විඤ්ඤාණය – 05.

සමහර පින්වතුන්ලා භික්‍ෂුව මුණ ගැහෙන්න ඇවිල්ල ධර්මකාරණා සම්බන්ධයෙන් කථා කරනවා. එම ධර්ම කාරණයන්ට එම පින්වතුන් සූත්‍රගත අර්ථය නොවෙයි දෙන්නේ, තම තමන්ගේ දෘෂ්ඨි මතවාදයි ප්‍රකාශ කරන්නේ. භික්‍ෂුව දැන් එවැනි පින්වතුන්ලාට කරුණු දක්වන්න යන්නේ නැහැ. සිනාවෙලා රටතොටේ විස්තර අහල සතුටු සිතින්ම පිටත් කර හරිනවා. එම පින්වතුන්ලාට නැති අකුසල් රැස්කරදෙන්නේ නැහැ. භික්‍ෂුව කරුණු දැක්වුවාය කියලා එම පින්වතුන් නිවැරැදි…

Read More

විඤ්ඤාණය – 03.

අතීත දීර්ඝ භව ගමනේ පටිච්චසමුප්පන්නව ‘උපාදාන පච්චයා භවෝ ‘ කියන ධර්මතාව තුළ සකස්‌වුණා වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම අනිත්‍ය වී ගියා. වෙනස්‌ වී ගියා. විකෘති වී ගියා. පිංවත් ඔබ දෑස්‌ පියාගෙන අතීතයේ සත්ත්වයෙක්‌ ලෙස ඔබ තුළ සකස්‌ වූ සෑම චුති චිත්තයක්‌ම, සෑම ප්‍රතිසන්ධි චිත්තයක්‌ම වෙනස්‌වී ගිය හැටි නුවණින් දකින්න. සංස්‌කාරයන් අනිත්‍යභාවයට පත්වෙන වේගයෙන්ම…

Read More

විඤ්ඤාණය – 02.

අතීතයේ ඔබ පටිච්චසමුප්පන්නව සක්‌විති රජවෙලා සිටියදී රාජ භෝජන නිසා, රාජ්‍ය සම්පත්, රාජ්‍ය බලය නිසා, දිව්‍යාංගනාවන්, ස්‌ත්‍රීරත්නය නිසා ලෝකයම දිග්විජය කරන පුතුන් දහසක්‌ නිසා, සෘද්ධියෙන් යන අජානීය අශ්වයා නිසා, මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොටගන්න ඇතිද…? සශ්‍රීක දිව්‍යතලවල ඉපදෙන වෙලාවේ, සශ්‍රීක දිව්‍ය සැප නිසා, දිව්‍ය භෝජන, දිව්‍ය අප්සරාවන්, දිව්‍ය විමාන නිසා මොනතරම් විශේෂ වූ දැනීම් ඇතිකොට ගන්න…

Read More

විඤ්ඤාණය – 01.

පිංවත් ඔබ පංච උපදානස්‌කන්ධ ධර්මයට අදාළව ඇසෙන් රූපයක්‌ දකිනවා, කනෙන් ශබ්දයක්‌ අසනවා, මනසින් සිතුවිල්ලක්‌ සිතනවා. දැක්‌ක දෙයට, ඇසුන දෙයට, දැනුන දෙයට ඔබ ඇලෙනවා, ගැටෙනවා, උපේක්‍ෂා සහගත වෙනවා. ඇලුන, ගැටුන, උපේක්‍ෂා සහගත වෙච්ච දෙය ඔබ හඳුනා ගන්නවා. හඳුනාගත් දෙය ගැන ඔබ සිතනවා. සිතනදෙය ගැන ඔබ මොකක්‌ද කරන්නේ විශේෂ වූ දැනීමක්‌ ඇතිකර ගන්නවා. මෙතනදී විශේෂවූ දැනීම කියන්නේ…

Read More

වස්සානය එළඹියේ දස කුසලයට මිස තරඟයට නොවේ.

බුදුරජාණන් වහන්සේ ස්වාභාවික වැස්ස මුල්කොටගෙන, සංඝ සමාජයටත්, ගිහි සමාජයටත් තම සන්තානයන් තුළ ඇතිවෙන, කෙළෙස් වැස්ස තුනී කොටගන්න, විනයානුකූලව පනවා වදාළ වස්සාන කාලයයි. බුදුරජාණන් වහන්සේ දේශනාකොට වදාළ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය මොනවාට කියාපාමින්, වස්සාන කාලයත්, මංගල්‍යයක් බවට වර්තමානයේ පත්වෙමින් තිබෙනවා. වර්තමානයේ වස්සානයේ, වැස්සත් අනිත්‍යභාවයට පත්වෙලා ධර්මයේ අරටුව වන සංස්කාරයන්ගේ අනිත්‍යභාවය, වස්සානය තුළින් දකින්නට ලැබෙනවා. මනුෂ්‍යයාගේ පංචඋපාදානස්කන්ධ ලෝකය තුළ…

Read More

වනවාසී භික්ෂූනට, තාක්ෂණය මාර ධර්මයක්මයි.

පංච උපාදානස්කන්ධ ලෝකය කෙරෙහි තෘෂ්ණාවෙන්, ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට, මනසට, අරමුණු සොයන, නොසෑහීම.., මොකක්ද ඔබේ ඉලක්කය? මොකක්ද ඔබේ සීමාව? මොකක්ද ඔබේ අවසානය? කල්ප සියක්කෝටි ප්‍රකෝටි කොච්චරක් නම්, නොසෑහීම. ඔබ මාව පටිච්ච සමුප්පන්නව වෙහෙසට පත් කළාද? ඔබ මාව සතර අපායන්හි දුකට පත් කළාද? කාම ලෝකවල ප්‍රමාදි භාවයට පත් කළා ද? නොසෑහීම, ඇයි ඔබ අසීමාන්තිකව මාව…

Read More

ලෝකයේ වේගවත්ම නිෂ්පාදන ධාරිතාවය මෙම ආයතන හය සතුයි.

රූපය අනිත්‍යභාවයට පත්වන වේගයෙන්ම සිතද අනිත්‍යභාවයට පත්වෙනවා. මන්ද, සිතක්‌ සකස්‌ වෙන්නේ රූප දෙකක්‌ පස්‌සය වීම නිසා. අභ්‍යන්තර- බාහිර රූප දෙකක්‌ පස්‌සයවීම නිසා සකස්‌ වන සිතද අනිත්‍ය වීම හේතුවෙන් ඔබ සුන්දරත්වයට රැවටෙනවා. එහි නිත්‍ය ස්‌වභාවයක්‌ දකිනවා. අභ්‍යන්තර රූපය අම්මා නම් බාහිර රූපය තමයි තාත්තා. මේ දෙදෙනාගේ පස්‌සයෙන් උපදින දරුවා තමයි සිත. අම්මා, තාත්තා වගේම දරුවා තුළ…

Read More

ලෝකයේ ආගම් කොතරම් තිබුණත් ස්‌වභාව ධර්මය බුද්ධාගමයි.

තවත් සිංහල අලුත් අවුරුද්දක්‌ අද හෙටම උදා වෙනවා. සමහරවිට පිංවත් ඔබ මෙම ලිපිය කියවන විට සිංහල අලුත් අවුරුද්ද ගෙවී ගිහින් තිබෙන්නත් පුලුවන්. මෙය සටහන් තබන භික්‍ෂුවගේ ජීවිත කාලය පුරාවට මෙවන් සිංහල අලුත් අවුරුදු පනස්‌හයක්‌ දැනට ගෙවී ගිහින් තිබෙනවා. භික්‍ෂුව උපත ලැබුවේ දෙසැම්බර් මාසයේ දිනයක නිසා භික්‍ෂුව මුල්ම සිංහල අලුත් අවුරුද්ද සැමරුවේ මාස හතරක දරුවෙක්‌ හැටියට…

Read More

ලෝකයා නොදත් ලොව, ලොවට රහසේ දකියි භික්ෂුව.

සංඝානුස්සතිය – 5. හතර වැනි ධ්‍යාන ඵලය ඔස් සේ ඇලීම්, ගැටීම් වලින් තොර උපේක්ෂාව කියන තැනට සිත පත්කර ගත් යම් භික්ෂුවක් ආකාශය…….ආකාශය…. වශයෙන් ආකාශය අරමුණු කරනවා. වලා රොදක් , වලාකුළක් අරමුණු කොට, ආකාශය තුළ ම සිත පිහිටා ආකාශය මෙනෙහි කරනවා. ආකාශය කෙරෙහි උපාදානය ඇතිකර ගන්නවා. මෙතෙක් ජීවිතයේ නොලත් අත්දැකීමක් පසු පසයි භික්ෂුව හඹා යන්නේ. අරමුණ…

Read More

ලොව්තුරා බුදුරජාණන්වහන්සේනමක්‌, උතුම් සම්මා සම්බෝධිය සාක්‍ෂාත්කොටගැනීමේ අවසාන පරමාර්ථය.

කුසිනාරා නුවර බුදුරජාණන්වහන්සේ පිරිනිවන් පෑ මොහොතේ මල්ල රජ දරුවන් මොනතරම් හඬා වැටුනාද? සාරිපුත්ත මහ රහතන්වහන්සේ පිරිනිවන් පෑවාය කියලා දැනගත්ත මොහොතේ ආනන්ද ස්‌වාමීන්වහන්සේ බුදුරජාණන් වහන්සේට පවසනවා ‘භාග්‍යවතුන් වහන්ස, සාරිපුත්ත මහරහතන් වහන්සේ නමැති උතුම් කළ්‍යාණ මිත්‍රයා පිරිනිවන්පෑවාය කියන කාරණය ඇසූ මට දිශාවක්‌ නොපෙනී ගියා. මට මොකුත්ම සිතාගන්න බැරිව ගියා. මාව අප්‍රානික වෙලා ගියා කියලා. ඇයි ආනන්ද ස්‌වාමීන්වහන්සේට…

Read More