රූපය කෙරෙහි තෘෂ්ණාව සිඳදමන්න.

තවත් සුන්දර වස්සානයක් උදාවෙලා මේ ගෙවී යන්නේ හතරවැනි සතිය. භික්ෂුව වැඩසිටින ප‍්‍රදේශයට මේ දවස්වල වැස්ස නැති වුණත්, සුළඟ නම් හරිම සැරයි. පඨවි, ආපෝ, තේජෝ, වායෝ සතර මහා ධාතුවේ සමතුලිතභාවය, පිංවත් මනුෂ්‍යයා විසින්ම පාරිසරික විනාශයන් තුළින් බිඳ දමනකොට, සතර මහා ධාතුව වෙන් වෙන්ව කිපීම්වලට ලක්වෙනවා. පරිසරයේ හමායන මේ අකීකරු සුළඟ, අපේම තෘෂ්ණාවෙන් සකස් වුණ ඵලයක්. ලොව්තුරා…

Read More

රූපය කෙරෙහි තෘෂ්ණාව නිරෝධය කළ තැන, විඥ්ඥානයේ ක්‍රියාකාරිත්වය අහිමි වෙලා යනවා.

අතීතයේ, වර්තමානයේ, ඔබ දැක්‌කා වූ, ඇසුණා වූ, දැනුණා වූ සෑම ඵස්‌සයක්‌ම අනිත්‍යනම්, අනිත්‍ය වී ගියා නම්, පිංවත් ඔබ ඔබේ ඇසෙන්, ඔබේ කනෙන්, ඔබේ දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්, මනසින් ‘මට අනාගතයේදී මෙවැනි දේ දකින්නට ලැබේවා, අසන්නට ලැබේවා, මට අනාගතයේ මෙවැනි මටසිලුටු දැනීම් ලැබේවා’ කියලා ඔබ යම් බලාපොරොත්තුවක්‌ ඇතිකර ගතහොත්, එම බලාපොරොත්තුව නිත්‍ය වේද, අනිත්‍ය වෙයිද? අතීතයේ, වර්තමානයේ…

Read More

යොදුන් 168,000ක්‌ විශාල මහාමේරුවේ ගිනිගැනීමෙන් අළුදූවිලි වන ලෝකය නැවත බිහිවීමද ධර්මතාවක්‌මයි.

පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්‌, උසස්‌ අධ්‍යාපනයක්‌, උසස්‌ වෘත්තියක්‌, ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. භවයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌, බ්‍රහ්මයෙක්‌, පසුව සතර අපායේ සත්වයෙක්‌ ලෙස ඉපදුණේ අතීත සංස්‌කාරයන්ට අදාළව උපාදාන පච්චයා භවය කියන ධර්මතාවන්ට අනුවයි. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයයි. සංස්‌කාර නිරෝධය නොකළ සෑම සත්වයෙක්‌ම මරණයෙන් පසුව නැවත ඉපදීම ධර්මතාවයක්‌. නමුත්…

Read More

මෛත්‍රිය දෘෂ්ටිය අනුභවකර මස්‌ මාංශ නොකෑමෙන් පලක්‌ වේද?

එක්‌තරා ගිහි පිංවතෙක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා ‘හාමුදුරුවෝ මස්‌ මාංශ අනුභවය ගැන ඔබ වහන්සේ දරන අදහස මොකක්‌ද?’ කියලා. එම පිංවතාට භික්‍ෂුව දුන්න පිළිතුර මෙහි සඳහන් කරනවා. ඔබ ගිහි පිංවතෙක්‌ නිසයි භික්‍ෂුව මෙහෙම පිළිතුරක්‌ දෙන්නේ. හැබැයි මේ පිළිතුර සමාජයේ සැමටම එකඟ නැහැ. එම පුද්ගලයා ලබා ඇති ධර්මාවබෝධය මත, පිළිතුරේ ස්‌වභාවය වෙනස්‌ වෙනවා. භික්‍ෂුව ගිහි කාලයේදී පැවිදිවීමට පෙරාතුව වසර…

Read More

මුලු ලෝකයම එරෙහි වුවද භික්ෂුවකට බියක් ඇතිවන්නේ නැත.

මෙය සටහන් තබන භික්ෂුවට මතකයි, මගේ අම්මා, ළමා කාලයේදී මට කියලා දුන්නා, මේ ලෝකයේ උතුම්ම රට ශ‍්‍රී ලංකාවයි කියලා. එදා අද වගේ චතුරාර්ය සත්‍ය ධර්මයන්, සතර සතිපට්ඨාන ධර්මයන්, පංච උපාදානස්කන්ධ ධර්මයන්, උතුම් අධිගමයන්, ගැන සමාජයේ කතාබහ වුණේ නැහැ. ඒ නිසාමදෝ මගේ අම්මා, ශී‍්‍ර ලංකාව ලෝකයේ උතුම්ම රට වෙන්නේ, ඇයි කියලා මට පැහැදිලි කොට කිව්වේ නැහැ….

Read More

මාරයාගේ ස්වයං වර්ණනාවට හෝ ස්වයං විවේචනයට නොරැවටෙන්න.

පංච උපාදානස්කන්ධය සම්බන්ධයෙන් වූ විග්‍රහය ඉකුත් ලිපියෙන් අවසන් වන අතර මෙතැන් පටන් කොටස් කිහිපයකින් යුක්තව පළ කෙරෙනුයේ එයට අදාළව භික්‍ෂුව වෙත යොමුවූ පැනයකට ගොනු කළ පිළිතුරකි. පිංවත් මහත්මයෙක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘ස්‌වාමීන් වහන්ස, මාරපාක්‍ෂික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වෙන්නේ පංච උපාදානස්‌කන්ධයට අදාළව ඇතිකර ගන්නා ලෝභ, ද්වේශ, මෝහ ධර්මයන් නිසාමද..?’ කියලා. මාරපාර්ශ්වික ධර්මයන් අප තුළින් ක්‍රියාත්මක වන්නේ…

Read More

මගේ කරගෙන ජීවත්වන සියල්ල දමා යන්නට සිදු වන ලෝකයක…

සංඝානුස්සතිය – 2. රට්‌ඨපාල ස්‌වාමීන්වහන්සේගෙන්, කෝරව්‍ය රජු අසනවා ‘හිමියනි, මෙතරම් යෞවන වයසේ, කඩවසම්, ජවාධික ඔබ දෙමාපියන්, රූමත් බිරින්දෑවරුන්, ධන සම්පත් අතහැර පැවිදි වූයේ කුමන හේතුවක්‌ නිසාද කියලා. එවිට රට්‌ඨපාල මහරහතන් වහන්සේ දේශනා කරනවා ‘රජතුමනි, සත්ත්වයා නිරතුරුවම ජාති, ජරා, ව්‍යාධි, මරණ කරාම යනවා. කාටවත් වළක්‌වන්න බැහැ. රජතුමනි ඔබතුමා වයසට යන ස්‌වභාවය, රෝගී වන ස්‌වභාවය, මරණයට පත්වන…

Read More

භික්‍ෂුව මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියලා…

එක්‌ ගෞරවනීය ස්‌වාමීන්වහන්සේනමක්‌ භික්‍ෂුවගෙන් විමසුවා ‘ඔබවහන්සේ මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහාසෑය අනිත්‍යයි කියලද? එහෙම නැතිනම් රුවන්වැලි මහාසෑය දැක්‌ක හිත අනිත්‍යයි කියලද?’ කියලා. භික්‍ෂුව මුලින්ම දැක්‌කේ රුවන්වැලි මහා සෑය අනිත්‍යයි කියලා. පාරිසරික හේතූන්, දේශගුණික හේතූන්, මිථ්‍යාදෘෂ්ටික සතුරු කරදර හේතුවෙන් විනාශයට යන, සතරමහා ධාතුවේ අනිත්‍යභාවයට යටත් ස්‌වර්ණමාලි සෑ සමිඳුන්වයි මම මුලින්ම මනසින් දැක්‌කේ. නමුත් වර්තමානයේ භික්‍ෂුව ඉහත ආකාරයට…

Read More

බෞද්ධ පිංවතුන්ගේ ‘ජනප්‍රිය පැනය’.

වර්තමාන සමාජය තුළ බෞද්ධ ජනතාවට ගැටලුවක් තියෙනවා. ඒ තමයි මාංශ, නිර්මාංශ ප්‍රශ්නය. මේ ප්‍රශ්නය දැඩි දෘෂ්ඨියකට ගෙන සමහර පිංවතුන් තම මතයට විරුද්ධ කාණ්ඩයට එරෙහිව හැසිරෙනවා. කොහොම වුණත් සත්ව හිංසාවත්, සත්ව ඝාතනයත් නැවතිලා මස් අනුභවය නිසා සෑදෙන සමහරක් රෝගවලිනුත් තොරවෙලා, සමාජයේ මෛත්‍රී කරුණාව නිරෝගීභාවය පිරී ඉතිරී ගියොත් එය මොන තරම් සුන්දර දෙයක්ද? එවැනි පරිසරයකදී ඔබට වටලප්පමක්,කේක්…

Read More

බිනර පුර පසළොස්වක පොහොය දිනය.

වස්සාන සමයේ කැපකරු දායක පිරිස වෙතින් සිව් පසයෙන් උපස්ථාන ලබන භික්ෂූන් වහන්සේ සසර දුකෙන් වියුක්ත වීමට වෙනදාටත් වඩා තෙළෙස් ධූතාංග පුරන තවත් පොහොය දිනයක් උදා වන්නේ බිනර මහේ පුර පසළොස්වකයි. බමුණු සමාජයෙන් පීඩනයට අසුවී අසරණවූ වනිතාවගේ ආධ්‍යාත්මයේ අඳුරු දොරගුළු විවර කරවා අරුණැල්ලක් උදා කරවීමට මෙම උත්තරීතර පොහොය දිනය සමත් විය. මේ සඳහා ඇප කැප වූ…

Read More