ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ලෝකෝත්තර අර්ථය වන විදර්ශනාමය ප්‍රඥාව මෝදු කොට ගන්න.
විවේකී වස්සානය ගෙවී ගිහින් මේ ගත වෙන්නේ චීවර මාසයයි. නොසැලෙන කුසල් ශක්තියකින්, පුණ්‍ය ශක්තියකින් පින්වත් ඔබේ, ලෞකික සැපයන් ශක්තිමත් කොට දෙන, දක්ෂයා තුළ ලෝකෝත්තර ඵලයන් ශක්තිමත් කොට දෙන කඨින චීවර මාසයයි. දෙවියන්, බඹුන්, රජ, සිටු, ඇමැතිවරුන්, වන්දනාමාන කරන, කඨින චීවර මාසයයි. බුදු රජාණන් වහන්සේ භික්ෂූන් වන අපිට චීවර ප්රත්යවේක්ෂාවක් දේශනා කොට තිබෙනවා. ”මේ චීවරය මා…