බුද්ධානුස්සතියට පූර්ව කෘත්‍යයක් ලෙසි ඔබ බුදුසමයෙන් එපිට අතීතයට යන්න.
බුද්ධානුස්සතිය. බුද්ධානුස්සතිය තුළ පිංවත් ඔබ ශක්තිමත් වන තරමට ඔබ තුළ බිය කියන කාරණය තුනි වී යනවා. ඔබ නිරතුරුවම බියක් සමඟ ජීවත් වන කෙනෙක් නම්, ඊට මූලිකම හේතුව බුදුරජාණන් වහන්සේ කෙරෙහි ඇති විශ්වාසයේ දුර්වලභාවයයි. බුදුරජාණන් වහන්සේ වන් උතුම් සරණක් ඔබ අවබෝධයෙන් සරණ කරගත් තැනදී, සොරබිය, රෝගබිය, මරණ බිය, අමනුෂ්‍ය බිය, ග්‍රහ බිය ඔබෙන් නිශේධ වී යනවා….