ධර්මය තුළින් බුදුන්වහන්සේව දකින්න.
පින්වත, සියලුම සංස්කාරයෝ වෙනස් වෙලා යන්නේ පුදුමාකාර වේගයකින්. පින්වත, අවිද්‍යාව වේගවත් වෙද්දී, සංස්කාරයෝ වේගවත් වෙනවා. වේගවත් වන සංස්කාරයෝ අපේ දැනීම් හෙවත් විඤ්ඤාණයෝ අලුත්, අලුත් සන්දර්ශනයෝ සමාජගත කරනවා. පින්වත, ගෙවී ගිය දශක පහක කාලය තුළ මනුෂ්‍ය ජීවිතවල ඔඩුදුවපු පංච නීවරණ ධර්මයෝ හේතුවෙන් අවිද්‍යාව ශක්තිමත් වී මොනතරම් නම් අකුසල් සංස්කාරයන්ගේ ක්‍රියාකාරිත්වයක් සමාජය තුළ සිදු වුණා ද? පින්වත,…